පඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිත්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සුව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය රෝග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආරෝග්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ගද්ධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො ගද්ධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ශල්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය විශල්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අඝ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනඝ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ආබාධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනාබාධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය පර හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරපත්‍ය නො වේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය බිඳෙන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නොබිඳෙන සැහැවි යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ව්‍යසන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ව්‍යසන රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය උපද්‍රව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනුපද්‍රව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය භය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අභය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය උපසර්‍ග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනූපසර්‍ග යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය චල හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අචල යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය බිඳෙනසුලු හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො බිඳෙනසුලු යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.