71. මහාකරුණාසමාපත්තිඥානය
තථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තිඥානය කවරෙ යත්:
බහුප්‍රකාරයෙන් (නුවණැසින් හා බුදු ඇසින් හා) බලන්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී: ‘ලෝකසන්නිවාසය තෙම (රාගාදීන් විසින්) ආදීප්ත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම (නොයෙක් කටයුත්තෙහි) උත්සාහ සහිත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම මරණයට නික්මැගියේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම නො මඟට පිළිපන්නේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝවැසි තෙම අස්ථිර වූයේ ජරාවශයෙන් මරණයට ගෙනයනු ලැබේ ය’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම අස්වසාලිය හැක්කෙක් නැත්තේ අනාරක්‍ෂක වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම (අයැති යයි ගන්නාලද) සියල්ල හැරපියා යායුතු යැ (එහෙයින් මැ) තමා අයැතියක් නැත්තේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම තෘෂ්ණාවට දාස වූයේ නො තිත් වූයේ ඌන වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම අනාරක්‍ෂක යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝකසන්නිවාසය තෙම නිශ්‍රය රහිත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අසරණැ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අසරණ වූයේ යැ’යි දක්නා වූ ...
‘ලෝවැසි තෙම නො සන්හුන් වූයේ උද්ධත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම බොහෝ වූ හුලින් විදුනා ලද්දේ සශල්‍ය වූයේ යැ. මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ හුල් උදුරන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම කෙලෙස්මැඳිරියෙහි බහාලන ලද්දේ අවිද්‍යාන්‍ධකාර නැමැති ආවරණ ඇත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අලෝකය දක්වනසුලු අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යාවට පිවිසියේ අවිද්‍යාණ්ඩකෝෂයෙහි උපන්නේ හාත්පසින් බඳනාලද්දේ හූවටක් සෙයින් ආකූල වූයේ ලිහිණිකසල්ලක් බඳු වූයේ මුදුතණබබුස්තණ බඳු වූයේ අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන සසර නො ඉක්මේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යා සඞ්ඛ්‍යාත විෂදෝෂයෙන් මොනොවට තැවැරුණේ හටගත් කෙලෙස්කලල් ඇත්තේ යැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම රාගද්වේෂමෝහ සඞ්ඛ්‍යාත ජටායෙන් මැසුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ (කෙලෙස්) ජටා සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නැමැති සගුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නමැති දැලින් හාත්පසින් වෙළන ලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාස්‍රෝතසින් අදනාලැබේ ය’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසංයෝජනයෙන් බඳනාලදැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණානුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසන්තාපයෙන් තවනු ලැබේ’ යැයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාපරිදාහයෙන් දවනු ලැබේ’ යැයි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටි නැමැති හඟුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිජාලයෙන් වෙළනලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිස්‍රෝතසින් අඳනාලැබේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසංයෝජනයෙන් බඳනා ලදැ’යි දක්නා වූ ...‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ට්‍යනුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසන්තාපයෙන් තැවේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිපරිදාහයෙන් දැවේ’ යයි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම ජාතියෙන් අනුගත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරායෙන් ලුහුබඳනා ලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ව්‍යාධියෙන් මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මරණයෙන් පහරන ලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දුකෙහි පිහිටියේ යැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණායෙන් නඟනලදුයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරා නැමැති ප්‍රාකාරයෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මරණපාශායෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහාබන්‍ධනයෙන් බැඳුණේ යැ රාගබන්‍ධනයෙන් ද්වේෂබන්‍ධනයෙන් මොහබන්‍ධනයෙන් මානබන්‍ධනයෙන් දෘෂ්ටිබන්‍ධනයෙන් ක්ලේශබන්‍ධනයෙන් දුශ්චරිතබන්‍ධනයෙන් බැඳුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ බන්‍ධනය මුදනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහත් වූ ක්ලේශසම්බාධයට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අවකාශ දක්වන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ලෝකසන්නිවාසය තෙම මහාපළිබෝධයෙන් ඇවුරුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ පළිබෝධ සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චගති සඞ්ඛ්‍යාත මහාප්‍රපාතයෙහි වැටුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ප්‍රපාතයෙන් නඟන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම (ජාත්‍යාදි) මහකතරට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය කතර තරවන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහසසරට පිළිපන්නේ යැ, මා තබා ලෝකසන්නිවාසය සසරින් මුදන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සංසාර සඞ්ඛ්‍යාත මහාදුර්‍ගයෙහි පරිවර්‍තන වෙයි, මා තබා ඒ ලෝකසන්නිවාසයය දුර්‍ගයෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මහමඩෙහි ලැගුණේ යැ, මා තබා එ ලෝකසන්නිවාසය මඬෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම (හැම උවදුරින්) මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩිආයාසයෙන් ඇවිළගත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය නිවාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම (ජාතිය විසින් ජරාදි උපද්‍රවයට) ඔසවාගෙනයනලද්දේ පැමිණි දඬුවම් ඇති සොර වූයේ නිරතුරු අනාරක්‍ෂකවැ පෙළේ යැ’යි දක්නා වූ ...