7. 6.
“උද්ධං අධෝ සබ්බධි විප්පමුත්තො” යන ගාථාව යැ:
එහි ‘උද්ධ’ නම් කිමැ: මේ කාමධාතුයෙන් උඩ යම් අනාගාමී රූපාරූපධාතුයෙක් වේ ද මේ උද්ධ නමැ. ‘අධෝ’ නම් යමක් ඉක්මැ වූයේ අතීත වේ ද (බුදුහු) මේ උදාන පාළිය වදාළහ. එහි අතීතයෙන් පූර්වාන්තකල්පිකයන්ගේ ශාශ්වතදෘෂ්ටිය ද කිසි කෙනෙකුන්ගේ අපරාන්තදෘෂ්ටිය ද. (යං වුත්තකප්පිකානං?) මේ දෘෂ්ටීහු ද උච්ඡේද දෘෂ්ටිය ද ශාස්වත දෘෂ්ටිය ද වෙත්.
එහි මේ ශාශ්වත දෘෂ්ටි යැ: සක්කායදෘෂ්ටි වූ මේ පසළොස් පදයෝ ශාශ්වතදෘෂ්ටිය බෙජෙති: මාගේ ආත්මය රූපවත් යැ, මාගේ ආත්මයෙහි රූපය ඇත, රූපයෙහි මාගේ ආත්මය ඇතැයි (යදුච්චතෙ පඤ්ඤං පරිදහන්ති?) යම් උච්ඡේදදෘෂ්ටියක් ඇද්ද, එය පඤ්චපද කෙනෙක් උච්ඡේදය බෙජෙත්. ඔහු ‘ජීවයත් එය යැ, ශරීරයත් එය’ යි දකිත්. රූපය මාගේ යැ, මාගේ ආත්මය යි කියා යි. එබඳු උච්ඡේදයෙන් ද ශාශ්වතයෙන් ද යුක්තව සත්කායදෘෂ්ටිය චතුර්විධ යැ, මෙසේ පඤ්චස්කන්ධයෙහි විංශද්වස්තුක දෘෂ්ටියෙන් පසළොස් පද කෙනෙක් ශාශ්වතදෘෂ්ටියෙන් පූර්වාන්තය බෙජෙති. පස් පද කෙනෙක් උච්ඡේදදෘෂ්ටියෙන් අපරාන්තය බෙජෙත්.
එහි ‘මේ මම් වෙමි’ දක්නේ රූපය ආත්මවශයෙන් දෘෂ්ටිසමනුපස්සනායෙන් දකී, හේ උච්ඡේදවාදී වෙයි. ආත්මය රූපවත් යයි ද ආත්මයෙහි රූපය ඇතැයි ද රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, (හේ ශාශ්වතවාදී වෙයි.) මෙසේ උච්ඡේදදෘෂ්ටිය ද (අත්තතෝ පටිස්සරති සස්සතදිට්ඨි පුබ්බත්තතෝ ච පටිස්සරති?) ‘මේ මම් වෙමි’ (විප්පමුත්ත මහණ) නො දකී, ඔහුට දෘෂ්ටි-ආස්රවයෝ ප්රහාණයට යෙති. හේ කාලත්රයෙහි ද පූර්වාන්තයෙහි ද අපරාන්තයෙහි ද ඒ ඒ (නිද්දිට්ඨානෙන?) උඩ රූපාරූපධාතුයෙහි ද යට කාම ධාතුයෙහි ද සියලු ත්රෛධාතුක ලෝකයෙහි වීතරාග වූයේ ‘මම් වෙමි.’ මේ ද්වාරයෙන් මේ ප්රයෝගයෙන් මේ උපායෙන් නො දකී යයි. මේ දර්ශන භූමි ද සෝතාපත්ති ඵලය ද වෙයි. (ඒ ආර්ය්යප්රයෝගය අනභාවයට ගිය සංසාරයෙන් යුක්ත වූයේ?) “අපුනබ්භවාය” යනු යම් කිසි ආර්ය්ය ප්රයෝගයෙක්? පුනර්භව නොවනු පිණිස වේ ද, මෘදු වූ හෝ මධ්ය වූ හෝ අධිමාත්ර වූ හෝ පඤ්චේන්ද්රියයෝ සියලු පුනර්භව ප්රහාණය පිණිස පවත්නාහුය. ‘අහං’ යනු අවධිවශයෙන් දිට්ඨෝඝය කාමෝඝය භවෝඝය අවිජ්ජෝඝය ද වෙයි.
1. එහි දේසනාහාරයෙන් චතුස්සත්යයෝ (දැක්විය යුත්තාහ.) පඤ්චේන්ද්රියයන්ගෙන් ද සෝතාපත්තිඵලයෙන් ද මාර්ගසත්යය ද නිරෝධසත්යය ද යන සත්යයෝ දෙදෙන වෙති. සක්කායසමුදයෙන් දුඃඛසත්යය ද සමුදයසත්යය ද යන සත්යයෝ දෙදෙන වෙත්. මේ ‘දේසනාහාර’ යි.
2. එහි ‘විචයහාර’ කවරෙ යත්: ‘මේ මම් වෙමි’ නොදක්නේ දර්ශනයෙන් ප්රහාතව්ය වු තුන් සංයෝජනයන් දුරු කෙරෙයි. මේ ‘විචය’ හාර යි.
3. එහි ‘යුත්ති’ කවර යත්: පුද්ගලයෝ ත්රිවිධ වෙත්: කිසිවෙක් උග්ඝටිතඤ්ඤු යැ කිසිවෙක් විපඤ්චිතඤ්ඤු යැ කිසිවෙක් නෙය්ය යැ. උද්ඝටිතඥ පුද්ගල තික්ඛින්ද්රිය ද වෙයි, විපඤ්චිතඥ පුද්ගල ඊට වඩා මුදින්ද්රිය යැ, නෙය්ය පුද්ගල ඊට වඩා මුදින්ද්රිය යි.
එහි උග්ඝටිතඤ්ඤු පුද්ගල තික්ඛින්ද්රියතායෙන් දර්ශනභූමියට පැමිණ සෝතාපත්ති ඵලයට පැමිණෙයි. ඒකබීජී වෙයි. මේ පළමුවන සෝතාපන්න යැ. විපඤ්චිතඤ්ඤු පුද්ගල මෘදු වූ ශ්රද්ධාදි ඉන්ද්රියයන්ගෙන් දර්ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි, කොලංකොල ද වෙයි. මේ දෙවැනි සෝතාපන්න යැ. එහි නෙය්ය පුද්ගල දර්ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි. සත්තක්ඛත්තුපරම ද වෙයි. මේ තුන්වැනි සෝතාපන්න පුද්ගල යි.
එහි තෙල යුක්ති ඇත, මෘදු - මධ්යාධිමාත්ර වූ ඉන්ද්රියයන්ගෙන් මෘදු මධ්ය අධිමාත්ර වූ භූමිය පසක් කරන්නේ යැ, නොහොත් සත්කායදෘෂ්ටි ප්රහාණයෙන් දෘෂ්ටිගතයන් දුරු කරන්නේ යි. මේ ‘යුක්තිහාර’ යි.
4. එහි ‘පදට්ඨාන’ කවරෙ යැ: එහි, සත්කායදෘෂ්ටිය සියලු මිත්ථ්යාදෘෂ්ටියට පදට්ඨාන යැ, සත්කායදෘෂ්ටිය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය සක්කායදිට්ඨියට පදට්ඨාන යැ. රූපී පඤ්චේන්ද්රියයෝ රූපරාගයට පදට්ඨාන යැ, ෂඩායතනය අහඞ්කාරයට පදට්ඨානයි. (මේ පදට්ඨාන යි.)