7. 7.
“ස්වාමීනි, (කුශල) ශීලයෝ කුමක් අර්ත්ථ කොට ඇත්තාහු ද? කුමක් අනුසස් කොට ඇත්තාහු ද? ආනන්දය, ශීලයෝ අවිප්රතිසාරය අර්ත්ථ කොට ඇත්තාහු යැ.” විමුක්තිය දක්වා විස්තර යි. (දසකඞ්ගුත්තරයෙහි සූත්රය)
එහි පුරුෂාර්ත්ථය ද වචනාර්ත්ථය දැයි අර්ත්ථය දෙවැදෑරුම් වෙයි.
එහි පුරුෂාර්ත්ථ කවරෙ යැ: යම් මේ පසුවැ නො තැවෙනබවක් ඇද්ද, මේ අවිප්පටිසාර යැ, මේ පුරුෂාර්ත්ථ යි. යම්සේ කිසිවෙක් (යමක්) වඩා ද, මේ අර්ත්ථය ආසේවන කෙරේ ද, හෙතෙම මෙසේ කියන්නේ යැ: ‘මෙහි ලා කිසිවක් මා අයත් වේ ද, ඒ සඳහා මේ ක්රියාව ආරම්භ කෙරෙමි යි, මේ පුරුෂාර්ත්ථ යි’.
එහි වචනාර්ත්ථ කවරෙ යැ: සීලයෝ නම්: කායික හෝ වාචසික හෝ සුචරිත යැ. ‘අවිප්පටිසාර’ යනු: එහි ශීලයාගේ ද ව්රතයාගේ ද භාසය (දීප්තිය?) මැ යැ, අනෙකක් නො වේ. සුකෘත කර්ම ඇති බව සුචරිත යැ, මේ අවිප්පටිසාර යි. මෙසේ ‘විමුත්ති’ යනු දක්වා එකෙකි පදයෙහි පුරුෂාර්ත්ථ ද වචනාර්ත්ථ දැයි අර්ත්ථයෝ දෙදෙනෙක් වෙති. මේ සූත්රයෙහි යම් සේ ද, එපරිද්දෙන් සියලු සූත්රයන්හි පරමාර්ත්ථ ද උත්තමාර්ත්ථ දැයි දෙ දෙ අර්ත්ථයෝ වෙත්.
(යං නිබ්බානසච්ජිකං ... වචනත්ථො? මුළු වාක්යයම ව්යාකුලය. විමසන්නේ මැනැවි.)
එහි යම් අර්ත්ථයක් ශ්රාවක කැමැති වේ ද, ඔහුගේ යම් ප්රතිලාභයෙක් වේ ද, මේ පුරුෂාර්ත්ථ යැ, බුදුහු යම් යම් දහමක් දෙසන සේක් ද, ඒ ඒ ධර්මයාගේ යම් අර්ත්ථවිඥප්තියක් ඇද්ද, මේ අර්ත්ථ යැ.
එහි ශීලයන්ගේ අවිප්රතිසාරය අර්ත්ථ ද ආනිසංස ද වෙයි. තෙල ආනිසංසය ද දුගතියට නොයෙයි යන යමක් ඇද්ද එය යි. භාග්යවතුන් විසින් එය මෙසේ වදාරන ලද:
දාන සීලාදි කුශල ධර්මය පරිචිත කල්හි තෙල අනුසස් වෙයි:
ධර්මචාරී පුද්ගල නිරයාදි දුගතියට නො යේ යයි. මේ අර්ත්ථ යි.
යම් හෙයකින් පුරුෂ භාවනාභූමියෙහි සිල් අරබයා සීලයෙන් යුක්ත වූයේ වේ ද, ශීල ස්කන්ධ යම්සේ ද එපරිදි විමුක්තිය දක්වා (විස්තර යි.)
එහි යම් අවිප්පටිසාරයෙන් අනුසය වශයෙන් දක්වන ලද ද. ඒ සීලය ද (අවිප්පටිසාර) විසින් දක්වන ලදි. මේ ශීලස්කන්ධ යි. පාමොජ්ජ පීති පස්සද්ධි යනු ද සමාධීන්ද්රියයෙන් (සංගෘහීත යැ.) මේ සමාධිස්කන්ධ යි. යම් හෙයෙකින් සමාහිත වූයේ තත්වාකාරයෙන් දැනගනී ද, මේ ප්රඥාස්කන්ධ යි. සීල සමාධි පඤ්ඤා යන මේ තුන් ස්කන්ධයෝ යි.
එපරිද්දෙන් යම් විරියිඉන්ද්රියයක් ඇද්ද (එයින්) සිල් පුරයි. එ කරුණෙන් හේ සිල් පුරයි: නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කරයි, උපන් අකුශලයාගේ ප්රහාණය පිණිස ද නූපන් කුශලයාගේ ඉපැදීම පිණිස ද උපන් කුශලයාගේ බහුලභාවය පිණිස ද වෑයම් කරයි. මෙසේ විරියින්ද්රිය දක්වන ලදි. එහි යම් සමාධිස්කන්ධයෙක් ඇද්ද මේ සමාධින්ද්රිය යි. ප්රඥාස්කන්ධය පඤ්ඤින්ද්රිය යි. එය සතර සම්යක්ප්රධානයෙහි ලා දතයුතු. එසේ ම යමෙක් නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කෙරේ ද, මේ පළමුවන සම්මප්පධාන යැ, උපන් අකුශලයාගේ ... මේ දෙවැන්න යැ. සතර සම්යක්ප්රධානයෝ සතර ධ්යානයන්හි දැක්කයුත්තාහු යැ. එසේ මැ ශීලස්කන්ධයෙන් නෙක්ඛම්මධාතුව ද ආදිය වේ.
නෙක්ඛම්මවිතක්ක යැ අව්යාපාදවිතක්ක යැ අවිහිංසාවිතක්කය දැයි සාධාරණ වූ තුන් විතර්කයෝ වෙති. (යා පියායමානස්ස ... ඉදං දුක්ඛං?) එහි යම් අවික්ෂේපයෙක් වේ ද මේ සමාධි යැ, මේ පඤ්චාංගික ප්රථමධ්යාන යි.