7. 5.
මහානාම සූත්රය
(වහන්ස) මෙසමයෙහි මම් ස්මෘති රහිතයෙම් සම්යග්ඥාන නැතියෙම් කලුරිය කෙරෙම් නම් මාගේ ගති කවරක් වෙයි ද පරලොව කුමක් වේ දැ’ යි. ‘මහානාමය, නහමක් බියපත් ව, මහානාමය, නහමක් බියපත් ව, තොපගේ මරණය අලාමක වන්නේ යැ. කාලක්රියාව අලාමක වන්නී යැ. මහානාමය, යම් කිසිවක්හුගේ චිත්තය දීර්ඝරාත්රයෙහි ශ්රද්ධායෙන් පරිභාවිත (වඩන ලද) ද ශීලයෙන් පරිභාවිත ද ශ්රැතයෙන් පරිභාවිත දැ’ යි (විස්තරයෙන් දැක්වියැ යුතු.)
1. ත්යාගයෙන් ද ප්රඥායෙන් ද කුමක් දක්වා ද යත්: යම් ශ්රද්ධාවක් ඇද්ද ඕ චිත්තයාගේ ප්රසාදය යැ. යම් අනාවිලසංකල්පනායෙක් ඇද්ද ඕ ශ්රද්ධා යැ කරුණු කිම යත්: අනාවිලලක්ෂණ ඇති බැවිනි. එසේ මැය ශ්රද්ධාව අනාවිලලක්ෂණ ඇත්තී යැ අන්යයෝ මෙසේ කීහු: ගුණපාරිශුද්ධිය නිෂ්ඨා කොට දැනීම ලක්ෂණ වන්නී යැයි නොහොත් අන්යයෝ ශ්රද්ධාව වචන පිළිගැනීම ලක්ෂණ කොට ඇත්තී යයි කියත්.
අන්යත් පාර්ය්යායයෙකි : ඉදින් තමා මෙසේ අවකල්පන කෙරේ ද ‘මම් කිසිවක් නො දනිමි. තෙල මම් එහි (අනුඤ්ඤත්තා අනඤ්ඤථා?) මේ ශ්රද්ධා වේ යයි. අනිත් පරියායකුදු වෙයි: එක් සැටක් දෘෂ්ටිගතයන්ගේ ආදීනව නුවණින් දැකීමෙන් අනිත්ය යැ දුඃඛ යැ අනාත්ම යැයි මොනවට දක්නා ලද වෙයි. යම්සේ ගැඹුරු කූපයෙක ජලය ඇසින් දකී ද නො ද කයින් අවබෝධ කෙරේ ද එපරිද්දෙන් ඔහුට ආර්ය්ය ...
නො ද ප්රත්යක්ෂ කරන ලද වෙයි. මේ ශ්රද්ධා යයි කියනු ලැබේ. එ ද ලෞකික ශ්රද්ධා යි. අනිත් පර්ය්යායයෙක් වෙයි: (මෙ ද ආකූල තැනෙකි.)
ඒ සෝතාපත්ති භූමියෙහි මැ මෘදු වූ ප්රඥාව පඤ්ඤින්ද්රිය යි කියනු ලැබේ. ඒ භූමියෙහි මැ ස්කන්ධයන්ගෙන් අනත්ථික බව වෙයි, මේ ත්යාගය යැ, එහෙයින් ශ්රද්ධාව ත්යාගාධිෂ්ඨානයෙන් දැක්වියැ යුත්තී යැ. (යතිකෙන භිය්යො මනෙන?) ඒ ඔහුගේ විපරීත දෘෂ්ටි ඇති බව අශ්රද්ධා යැ. (සා නයනඋපධීසු?) රැස්කරනලද සමාදන් කොට ගන්නා ලද වෙයි. එහි සද්ධින්ද්රියය යමෙක් කාමය දුරලා ද මෙසේ විද්යමාන පාපය දුරලීමෙන් ත්යාගාධිෂ්ඨාන නො වෙයි. පඤ්ඤින්ද්රියයෙන් පඤ්ඤාධිට්ඨාන වෙයි. සීලයෙන් උප සමාධිට්ඨාන වෙයි, ශ්රද්ධා ශීල ත්යාග ප්රඥා යන මේ සතර ධර්මයෝ ශීලය පරිභාවන කෙරෙත්.
එහි ශ්රද්ධායෙන් චතුරෝඝය තරණය කෙරෙයි. යම් සීලයක් ඇද්ද මේ අප්රමාද යැ. යම් ත්යාගයෙක් ඇද්ද මේ ප්රඥාවගේ කර්ම යැ, යම් ප්රඥාවක් ඇද්ද මේ පඤ්ඤින්ද්රිය යැ, එහි යම් පඤ්ඤින්ද්රියයෙක් ඇද්ද එය තුන් අවෙත්යප්රසාදයන් හි වෙයි, යම් ශීලයක් ඇද්ද එය සද්ධින්ද්රියයෙහි වෙයි. යම් ත්යාගයෙක් ඇද්ද හේ සතර ධ්යානයන්හි වෙයි, යම් ප්රඥාවක් ඇද්ද ඒ සත්යයන්හි වේ. ස්මෘතිය සර්වත්රගාමිනී වේ. ඒ ශෛක්ෂයාගේ ගතිය භද්ර (සොඳුරු) වන්නීය. අභිසම්පරාය (පරලොව) භද්ර වන්නේ යි.
ඒ මුළා සිහි ඇත්තහුගේ සීලය හෝ ඒ මුළා සිහි ඇතිබව හේතු කොට ගෙන ඒ ඉන්ද්රිය හෝ ඒ කුශලමූලය හෝ කර්ම විපාක නොවේ. ඒ ත්රිකයාගේ මේ අර්ත්ථනිර්දේශ යැ: එහි ශ්රද්ධා සීල ත්යාග ප්රඥා යන සතර ධර්මයෝ වෙති, එහි යම් ශ්රද්ධාවකුත් යම් ප්රඥාවකුත් ඇද්ද මේ මනෝසුචරිත යැ. යම් ශීලයක් ඇද්ද මේ කායික වාචසික සුචරිත යැ, යම් ත්යාගයෙක් ඇද්ද මේ චෛතසික වූ අලෝභ සංඛ්යාත සුචරිත යැ, මෙසේ චිත්තය ගත් කල්හි පඤ්චස්කන්ධයෝ ගන්නාලද්දාහු වෙති. මේ ධර්මයන්ගෙන් සුචරිතය ගන්නාලද වෙයි, මේ දුඃඛාර්ය්ය සත්යය ද මාර්ගයට පදට්ඨාන ද වේ.