7. 3.
1. එහි දේසනාහාර නම් කවරෙ යැ: යම් අභිධ්‍යාවක් යම් ව්‍යාපාදයෙක් යම් උද්ධච්චයෙක් වේ ද, මේ තණ්හා යැ, යම් ථීනමිද්ධයෙක් යම් කුක්කුච්චයෙක් යම් විචිකිච්ඡාවක් වේ ද මේ දිට්ඨි යැ. යළි නාමකායයාගේ යම් අකර්‍මණ්‍ය බවක් වේ ද, එය මිද්ධය වූයේ නමුදු ස්වභාවක්ලේශතායෙන් ක්ලේශයෙක් නො වේ. මෙසේ යම් චිත්තයාගේ හැකුළුණු බවකුත් යම් කාය අකර්‍මණ්‍ය බවකුත් වේ ද, මේ ප්‍රක්‍ෂේපක්ලේශයෙක, ස්වභාවක්ලේශයෙක් නො වේ. එහි ආත්මසංඥායෙන් අනුපචිත වූයේ ක්ලමථු යැ,
කුක්කුච්චයෙන් අනුපචිත වූයේ චිත්තයාගේ හැකිළීම වූ ථීන යැ. මෙසේ මේ පඤ්චනීවරණයෝ සතර නීවරණ වූවාහු ස්වභාව ක්ලේශයෝ යැ. ථීනමිද්ධය නීවරණයෙහි ලා ප්‍රක්‍ෂේපක්ලේශයෙකි. යම්සේ සතර ආස්‍රවයෝ ස්වභාවආස්‍රවතායෙන් ආස්‍රව වෙත් ද, එතෙකුදු වත් චිත්තයාගේ සාස්‍රවතායෙන් ආස්‍රව නොවූවාහු ස්වභාවතායෙන් ආස්‍රව වෙත් ද, (පකෙඛ?) ආස්‍රවභාවයෙන් ආස්‍රව වෙත්, එයින් කීහ: (සුත්තං තං ... සාසවා වා අනාසවා වා?)
2. එහි විචය කවරෙ යත්: අභිධ්‍යාව කාමතණ්හා යැ රූපතණ්හා යැ භවතණ්හා යි. යළි යම් කිසි අධ්‍යවසානයට ගිය සාස්‍රව වූ හටගත් අභිධ්‍යා ඇත්තකුගේ මෛත්‍රිය දැක යමෙක් අනර්‍ත්‍ථ කෙරේ ද, එහි යමෙක් ව්‍යාපාදය උපදවා ද, අනර්‍ත්‍ථ කළේය, කරන්නේ යයි. මෙසේ ආඝාතවස්තු විස්තර කළයුත්තාහු ය.
3. මෙසේ ව්‍යාපාදය දක්නා වූ ඔහුගේ ක්ලේශය යම් පරිදාහයෙක් කායක්ලමථුවක් අකර්‍මණ්‍යතායෙක් මිද්ධයක් වේ ද, චිත්තානුදර්ශී වූවහුගේ කෝපයෙන් දොස් පහළ කිරීමෙක් වේ ද, මේ ථීනමිද්ධ යැ, එහි අධිකරණයාගේ නොසන්හිඳීමෙක් වේ ද, මේ උද්ධච්ච යැ, යමක් කිමෙක කෙසේ ද? යන මේ කුක්කුච්ච යැ, යමක් මේ යම්සේ ද, එබඳු යයි යම් සන්තීරණයක් වේ ද මේ විචිකිච්ඡා යි.
4. එහි අවිද්‍යාව ද තෘෂ්ණාව ද ඇත, මේ පරියුට්ඨාන යැ, ආවරණ නීවරණ ඡදන උපක්ලේශ ද ඇත. මේ කාමච්ඡන්‍දය කාමරාග පරියුට්ඨානයට පදට්ඨාන යැ, ව්‍යාපාදය ව්‍යාපාදපරියුට්ඨානයට පදට්ඨාන යැ, ථීනමිද්ධය ථිනමිද්ධපරියුට්ඨානයට පදට්ඨාන යැ, උද්ධච්චකුක්කුච්චය අවිද්‍යා පරියුට්ඨානයට පදට්ඨාන යැ, විචිකිච්ඡාව විචිකිච්ඡාපරියුට්ඨානයට පදට්ඨාන යැ, කාමරාගපරියුට්ඨානය අනුසය සංයෝජන දෙකට පදට්ඨාන යැ, ව්‍යාපාදපරියුට්ඨානය ප්‍රතිඝසංයෝජනයට පදට්ඨාන යැ, ථිනමිද්ධ පරියුට්ඨානය මානසංයෝජනයට පදට්ඨාන යැ, අවිඡ්ජාපරියුට්ඨානය හා විචිකිච්ඡාපරියුට්ඨානය ද දිට්ඨිසංයෝජනයට පදට්ඨාන යි.
5. එහි ලක්ඛණහාර කවරේ යැ: කාමරාගපරියුට්ඨානය කී කල්හි සියලු පරියුට්ඨානයෝ කියනලද්දාහු වෙති. සංයෝජනයන් කී කල්හි සියලු සංයෝජනයෝ කියන ලද්දාහු වෙත්. මේ ‘ලක්ඛණහාර’ යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යත්: යම් මේ පඤ්ච නීවරණ කෙනෙක් ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ ද හේ දුක්ඛසමුදය යැ, (එහි) යම් ඵලයක් ඇද්ද මේ දුක්ඛ යැ, එහි කාමච්ඡන්‍දයට නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යැ, ව්‍යාපාදයට අව්‍යාපාදවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යැ, (ඉතිරි) තුන් නීවරණයන්ට අවිහිංසාවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යි. මෙසේ මේ තුන් විතර්‍කයෝ යි. නෙක්ඛම්ම විතර්‍කය සමාධිස්කන්‍ධය බෙජෙයි. අව්‍යාපාද විතර්‍කය ශීලස්කන්‍ධය බෙජෙයි. අවිහිංසාවිතර්‍කය ප්‍රඥාස්කන්‍ධය බෙජෙයි. මේ තුන් ස්ක්නධයෝ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි. එහි නීවරණප්‍රහාණය පිණිස පවතී. යම් නීවරණප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ සතර ධර්‍මයෝ වෙත්, මේ චතුබ්‍යුහ හාර යි.