7. 2.
හාරසම්පාතභූමි
යම් සතර ධ්යාන කෙනෙක් වෙත් ද ඒ ධ්යානයන්ගේ මේ අංගයෝ වෙති, ඒ අංගයන්ගේ සමූහය ධ්යානභූමි යැ, ඒ ධ්යානයාගේ විශේෂය කවරෙ යත්: මේ ධ්යානසම්භාරයෝ යැ, ඒ සම්භාරයන්ගෙන් ධ්යානයාගේ ඉපදීම වෙයි, ධ්යානයාගේ ඉපදීමට මේ කාරණයැ, එකරුණෙන් ධ්යානයාගේ වැඩීම වෙයි. වැඩීමෙන් මේ ආදීනව යැ එයින් මේ පරිහානිය වෙයි. කවරක්හුගේ පරිහානිය ද යත්: ඊට පැමිණි ධ්යායීහුගේ යැ, එය යථෝක්ත පරිදි ප්රත්යවේක්ෂා කරනුයේ මේ විශේෂය වෙයි, ඒ විශේෂයෙන් මේ ආස්වාදය වෙයි.
ඒ කවරක්හුගේ අස්වාදය ද යත්: ආජානීය ධ්යායී (රහත්) හුගේ යැ, ඒ රහත්හුගේ හෝ ආර්ය්යධ්යායීහුගේ මේ සමර්ත්ථභාව කෞශල්යයෙහි සිටි ධ්යානය නො මැඩිය හැකි බවට යෙයි. මේ ධ්යානබලය යි. ධ්යානබලයෙහි සිටියහුගේ මේ ධ්යානාඞ්ගයෝ (කාම සංකල්පාදීන්) නොකැලඹුණු සංකල්ප ඇතියේ (පඨමෙඣානෙ … තදභියන්නීතාය ච?)
ඒ කවරක්හුගේ අස්වාදය ද යත්: ආජානීය ධ්යායී (රහත්) හුගේ යැ, ඒ රහත්හුගේ හෝ ආර්ය්යධ්යායීහුගේ මේ සමර්ත්ථභාව කෞශල්යයෙහි සිටි ධ්යානය නො මැඩිය හැකි බවට යෙයි. මේ ධ්යානබලය යි. ධ්යානබලයෙහි සිටියහුගේ මේ ධ්යානාඞ්ගයෝ (කාම සංකල්පාදීන්) නොකැලඹුණු සංකල්ප ඇතියේ (පඨමෙඣානෙ … තදභියන්නීතාය ච?)
ප්රීතිය ද්විතීය ධ්යානයෙහි ධ්යානාඞ්ග ධර්මතා වෙයි. එසේ පැවැතියහුට ප්රීති සහගත ධ්යානාඞ්ග ධර්මතා සුඛ සහිත බැවින් සිත පහදවන බැවින් ද ඒ ප්රසාදයෙන් පැතිරුණු බැවින් ද අධ්යාත්මයෙහි පැහැදීම ද්විතීය ධ්යානයෙහි ධ්යානාඞ්ග වෙයි, අධ්යාත්මයෙහි සම්ප්රසාදනය ඇති සමාධියෙන් උපන් ප්රීතිය හා සුඛය ද්විතීය ධ්යානයෙහි ධ්යානාඞ්ග වෙයි. චිත්තයාගේ එකඟබව තෘතීයධ්යානයෙහි ධ්යානාඞ්ග වෙයි. උපේක්ෂායෙන් පහස්නාබව තෘතීයධ්යානයෙහි ධ්යානාඞ්ග වෙයි. සුඛය ඒ තෘතියධ්යානයාගේ අංග වෙයි. චිත්තයාගේ ඒකෝදිභාවය සතරවැනි ධ්යානයෙහි ධ්යානාංග වෙයි. නොදුක් නොසුව වූ උපේක්ෂාව චතුර්ත්ථධ්යානයෙහි ධ්යානාංග වෙයි. (අභිනිසා භූමි) උපේක්ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය චතුර්ත්ථධ්යානයෙහි ධ්යානාඞ්ග යැ, ස්මෘතිපාරිශුද්ධිය ද නොයෙක් ධ්යානභූමීන්හි ධ්යානාඞ්ගයන් හා යෙදුණු ප්රීතිය ද චිත්තයාගේ ඒකෝදිභාවය දි චතුර්ත්ථ ධ්යානයෙහි ධ්යානාඞ්ග වේ.
එහි ධ්යානභූමි කවර යත්: සවිතර්ක වු සවිචාර වූ ප්රථමධ්යානයෙහි නීවරණ විවේකය අනුව ගිය ධ්යානභූමි වෙයි. අවිතර්ක අවිචාර වූ ද්විතීය ධ්යානයෙහි අධ්යාත්මයෙහි පැහැදීම ඇති ප්රීතිය අනුව ගිය ධ්යාන භූමි වෙයි. තෘතීය ධ්යානයෙහි සුඛසහගත වූ සප්රීතික වූ ධ්යාන භූමි වෙයි. චතුර්ත්ථධ්යානයෙහි (සුඛදුක්ඛසහගතා?) අභිනීහාර සහගත වූ ධ්යාන භූමි වෙයි. (යළි) ප්රථම ධ්යානයෙහි අප්රමාණ සහගත සත්වයන් අරමුණු කොට ඇති ධ්යාන භූමි වෙයි. ද්විතීය ධ්යානයෙහි රූප සංඥීන් කෙරෙහි අභිභුමි ආයතන සහගත වූ ධ්යාන භූමි වෙයි. තෘතීය ධ්යානයෙහි විමෝක්ෂයන්හි විමෝක්ෂ සහගත වූ ධ්යාන භූමි වෙයි. අනුපස්සනා සහගත වූ කායසංඛාර ධර්මයෝ චතුර්ත්ථධ්යානයාගේ භූමි වේ.
එහි ධ්යාන විශේෂයෝ කවරහ: කාමච්ඡන්දනීවරණයෙන් වෙන්ව (පාපකෙහි?) ශේෂ නීවරණ සංඛ්යාත අකුශලධර්මයන්ගෙන් වෙන්ව චිත්ත චෛතසික සහගත බව ද කාම ධාතුව ඉක්මවන බව ද මේ ධ්යාන විශේෂ යැ, සප්රීතික ස්මෘති සහගත ධ්යාන භූමියෙහි අවිතර්ක වූ ද අවිචාර වූ ද ප්රීති සහගත සංඥා මනසිකාරයෝ පවත්නාහ. මේ ධ්යාන විශේෂ යැ, අවිතර්ක භූමියෙහි ස්මෘතිය අනුවැ ගිය උපේක්ෂා සහගත මනසිකාරයෝ පවත්නාහ. ඒ (තෘතීය ධ්යාන) භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්යාන විශේෂ යැ, ස්මෘති පාරිශුද්ධිය සහ ගිය සංඥාමනසිකාරයෝ පවත්නාහ. ඒ ධ්යාන භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්යාන විශේෂ යැ, විඤ්ඤාණඤ්චායතන සහගත භූමියෙහි ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සඤ්ඤාමනසිකාරයෝ පවත්නාහ. ඒ භූමියට ද එළඹැ වාසයකෙරෙයි. මේ ධ්යාන විශේෂ යි.
එහි ධ්යානසම්භාරයෝ කවරහ: කාමවිතර්කයන්ගේ දුරැලීමෙහි අධ්යාශය ඇති බැවින් නෛෂ්ක්රම්ය විතර්කය ධ්යානසම්භාරයෙක, ව්යාපාදවිතර්කය දුරැලීමෙහි අධ්යාශය ඇති බැවින් අව්යාපාද විතර්කය සම්භාරයෙක, විහිංසා විතර්කය දුරැලීමෙහි අධ්යාශය ඇති බැවින් අවිහිංසා විතර්කය සම්භාරයෙක, පරිශුද්ධවූ ආජීවය ඉන්ද්රියයන්හි පියු දොර ඇති බවට අල්පේච්ඡතාවට සම්භාර යැ, අකර්මවිහාරී බව සතර සමාපත්තීන්ට සම්භාර යැ, සමවත් සමවදනා බව මාර්ගසම්භාර යැ, ධ්යාන නිපදවන ලද බැවින් ධ්යානයාගේ සමුදාගමය ඵල සම්භාර යැ. මේ ධ්යාන සමුදාගම යි.
එහි උපනිසා (හේතු) කවර යත්: කලණමිතුරන් ඇති බව ධ්යානයට කාරණ වෙයි. කලණමිතුරන් කෙරෙහි නැමුණු බව ධ්යානයට කාරණ යැ, ඉන්ද්රියයන්හි පියූ දොර ඇතිබව ධ්යානයට කාරණ යැ, කුසල්දහම් හි අසන්තුට්ඨිතාව ධ්යානයට කාරණයැ, සද්ධර්ම ශ්රවණය ධ්යානයට කාරණ යැ, සංවේග දැනැවියැයුතු තැනැ සංවේග ඇතියහුගේ නුවණින් ප්රධන්වීර්ය්ය කිරීම ධ්යානයට කාරණ වේ. මේ ධ්යාන හේතුයි.
එහි භාවනා කවර යත්: මෛත්රිසේවනය අව්යාපාදවිතර්ක භාවනා යැ, කරුණාසේවනය අවිහිංසා විතර්ක භාවනා යැ, මුදිතා භාවනාව ප්රීති සුඛ සම්ප්රජන්යකාරී බව යැ, උපේක්ෂා භාවනාව (පස්සවතා ... අජ්ඣුපෙක්ඛා ච?) අශුභසංඥා භාවනාව (දුක්ඛා පටිපදා ... සුසමාරද්ධා?) මේ භාවනායි.