7. 13.
“යම් අරමුණක් සිතා ද සිත්හි ලා පවත්වා ද අනුශය වශයෙන් පවතී ද” (අභිසමය සංයුත්ත - කළාරඛත්තියවග්ග - චේතනා සූත්රය) විස්තරයෙන් කියැයුතු යම් චෛතසික කර්මයක් හෝ වේද, එය කායිකකර්ම ද වාචසිකකර්මය ද වෙයි. කරුණු කිම යත්: ඒ එසේ මැය, සිත්හි උපදනා චේතනා මනෝකම්ම යයි කියනුලැබේ. යම් චේතනාකර්මයක් ඇද්ද එය චෛතසික කර්ම යැ, මේ කායකර්මය ද වාක්කර්මය දැයි මේ තුන් කර්මයෝ දක්වනලද්දාහු යැ.
ඒ කායකර්ම වාක්කර්මයෝ ද කුශල වූවාහු ද වෙති. යම් කර්මයක් කයිනුදු වචනයෙනුදු කෙර් නම්, දැඩිව ගනී නම්, මේ සීලබ්බතපරාමාස යයි කියනු ලැබේ.
ඒ සංකල්පනයෝ ද පුඤ්ඤමය අපුඤ්ඤමය අනෙඤ්ජමය යන ත්රිවිධ සංස්කාරයෝ වෙති. ඒ සංස්කාරප්රත්යයෙන් කර්මවිඥානය වෙයි. කර්මවිඥානයාගේ සිටීමට තෙල අරමුණ වේ.
යම් ශුභසංඥාවක් සුඛසංඥාවක් ආත්මසංඥාවක් ඇද්ද මේ චෛතසිකකර්ම යැ, රූපභවයට පමුණුවන යම් කර්මවිඥානයක් රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටී ද, නන්දි සංඛ්යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වැඩීමට පිහිටීමට විපුලබවට යේ ද, මේ සංකල්පනා යැ. මෙසේ විඥානස්ථිතීන්හි සිටී ආලම්බන වශයෙන් ප්රථමාභිනිෂ්පත්ති වූ යම් උපාදානයක් ඇද්ද, මේ චෛතසික යයි කියනුලැබේ යි.
එහි සිටී අරූපයාගේ යම් නිකාන්තියක් බැසැගෙන සිටීමක් ඇද්ද, මේද සකම්පිත යැ. ප්රියස්වභාව මධුරස්වභාව වූ මනවඩන රූපයන්හි යම් අභෝගයෙක් ඇද්ද, මේ චෛතසික කර්ම යි.
යම් චේතනාවක් කෙරේ ද එය මනවඩන සත්ත්වයන් කෙරෙහි අභිධ්යාකායග්රන්ථ වෙයි, ප්රතිඝානුශයෙහි ව්යාපාදකායග්රන්ථ වෙයි, සියලු සතර ග්රන්ථයෝ වෙත්. මේ පඤ්චකාමගුණයන්හි චිත්තයාගේ ප්රථමාභිතිපාතය යි. යමක්හුගේ යම් චේතනාවක් ඇද්ද, එහි ආස්වාද වශයෙන් දක්නහුට නොයෙක් ලාමක අකුශලධර්මයෝ වෙත්. (චිත්තං අරූපවත්තියො හොන්ති?) රාගයෙන් බැඳුණු පුද්ගල ඒ ක්ලේශකාමයන් විසින් රිසිසේ කළහැකි වෙයි. මේ කාමයන්හි ප්රකල්පනා යයි කියනු ලැබේ. සියලු සතර ඕඝයෝ මෙසේ යි.
යමෙක් ඒ කාමයන් විසින් සංයුක්ත වූයේ භාවිත වූයේ බැසගන්නාලදුයේ වාස කෙරේ ද, මේ චේතනා යැ. එසේ මැ යමකුට මේ කාමචේතනා වේ ද අවීතරාග වූ අවිගත වූ ප්රේම ඇති ඔහුට ඒ කාමයන්ගේ විපරිනාමයෙන් අන්යථාභාවයෙන් සෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදිත්. දුක අනුව පවත්නා විඥානය වෙයි, (සරිතස්ස?) ව්යයධර්මයන්ගේ ඉපදීම සිත හාත්පසින් මැඩගනී. මේ ප්රකල්පිත යයි කියනු ලැබේ.
(එවමෙකස්ස චේතෙති ච පකප්පේති ච?) විඥානයාගේ යම් සිටීමක් වේ ද, ඒ ස්ථිතිය අරම්මණට්ඨිති යැ ආහාරට්ඨිති යැයි දෙපරිදි වෙයි: එහි යම් ආලම්බනස්ථිතියක් වේ ද මේ නාමරූපයට ප්රත්යය වෙයි. යම් ආහාර ස්ථියක් වේ ද, පුනර්භවයෙහි උපත ඇතිකරන පුනර්භවයට හිත වූ යම් ස්ථිතියකුත් වේද, මේ ආලම්බන යයි කියනු ලැබේ. එය කර්ම විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ඒ විඥානප්රත්යයෙන් නාමරූපය වෙයි. ජරාමරණ දක්වා චේතනා කෙරෙයි.
යලි යම්හෙයකින් අනාගත වස්තු විෂයෙහි පුනර්භවය ඇති කරන ප්රාර්ත්ථනා නොවේද, මේ ප්රතිපක්ෂභාවය දක්වන ලදී. චේතනා නො කෙරෙයි, ප්රාර්ත්ථනා නො කෙරෙයි, එකෙකුදුවත් දූෂණ කෙරේ නුයි දෙවැදෑරුම් නිර්දෙශය වේ. (අස්ස පුබ්බේ ... අසමූහිතං තප්පච්චයා?) කර්මවිඥානයාගේ මේ ස්ථිතිය වේ.
නොහොත් ඔහුට අනුසයයෝ පහළවෙති, ඒ හේතුයෙන් ඔහුට පුනර්භවය උපදී, නොහොත් (නංසංකීයතෙ ... ආරම්මණභූතා හොන්ති?) යම් චේතනාවකුත් යම් ප්රකල්පනයකුත් වේද, උපන් යම් වස්තුවකුත් ඇද්ද මේ දෙක මැ විඥානයට අරමුණු වෙයි. එසේ මැ චේතනාවට ද සංකල්පනාවට ද ප්රාර්ත්ථනාවට ද අරමුණු වේ. භූත (උපන්) සත්ත්වයෝ චේතනා ද සංකල්පනා ද කෙරෙයි, සම්භවය සොයන සත්ත්ව නො ද සිතයි නො ද සංකල්පන කෙරෙයි. උපන් සත්වයෝ කවරහ: යම් තනුබවට ගිය අණ්ඩජයෝ ද අණ්ඩකෝෂයෙන් නික්මුණාහු ද සම්භේදයට නොගිය සංසේදජයෝ ද යන මොහු භූතයෝ යි. සම්භවේසීහු කවරහ: ගර්භගත වැ අණ්ඩකෝෂගත වැ හැසිරෙන යම් සත්ත්ව කෙනෙක් ඇද්ද මොහු චේතනා නො කෙරෙති, ප්රාර්ත්ථනා නො කෙරෙති, සංකල්පනා නො කෙරෙත්. අනුසය හේතුකොට (ඔවුන්ට) පුනර්භවය උපදී යයි.
යම් උපන් සත්ව කෙනෙක් ඇද්ද යම් සම්භවේසීහු වෙත් ද ඔහු ථාවරයෝ යැ, යම් සත්ව කෙනෙක් සිතත් ද පතත් ද යම් ථාවර සත්ව කෙනෙක් වෙත් ද ඔහු නො ද සිතති, නො ද පතති, නො ද සංකල්පනා කෙරෙත්. අනුසයහේතුයෙන් සංසරණය කෙරෙත්.
අන්යත් පරියායයෙකි: යම් ශෛක්ෂ ආර්ය්ය පුද්ගල කෙනෙක් වෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, නො ද සංකල්පන කෙරෙති, අනුසය වශයෙන් යළි උපදිත්.
අන්යත් පරියායයෙකි: භූමිගත වූ උදකගත වූ යම් සියුම් ප්රාණීහු ඇස්හමුවට නො පැමිණෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, සංකල්පනා නො ද කෙරෙති, අනුසය වශයෙන් සැරිසරත්.
අනිකුදු පරියායයෙකි: (බාහිකා?) සියලු භික්ෂූහු අධිගතාභිමාන ඇත්තාහු වෙති, ඔහු නො ද චේතනා කෙරෙහි නො ද ප්රාර්ත්ථනා කෙරෙති, අනුසය හේතුයෙන් සැරිසරත්. නො ද චේතනා කෙරෙත් ද නො ද සංකල්පන කෙරෙත් ද, අනුසය නො වෙත් ද, තෙල අරමුණ ද විඥානයාගේ ස්ථිතිය පිණිස නො වේ.