7. 12.
එහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද සූත්‍රය කවරෙ යැ: “න තං දළ්හං බන්‍ධනමාහු ධීරා” යන (කෝසලසංයුක්තයෙහි) ගාථාව යැ. කවර කරුණෙකින් ඒ බන්‍ධනය දැඩි වේ ද: සතර කරුණෙකිනි, අධිපති බැවින් මුදන්නට හැකි යැ, ධනයෙන් හෝ අන්ලෙසකින් හෝ අයැදීමෙන් හෝ ගැතිබැවින් හෝ මුදන්නට හැකි යැ, මේ රාගය යම් මිණිකොඬොල්හි දූ දරුවන් කෙරෙහි දු දාරාවන් කෙරෙහි දු යම් අපේක්‍ෂාවක් ඇද්ද, මේ ඔහුගේ චෛතසික බන්‍ධනය වෙයි. එය අධිපතිබැවින් හෝ ධනයෙන් හෝ අනෙකෙකින් හෝ යැදීමෙන් හෝ ගැතිවීමෙන් හෝ මුදන්නට නො හැක්ක, එහි කිසි ඇපයෙක් නො ද ඇති. යම් මේ බන්‍ධනයක් රාගානුසයෙන් ද ෂඩ්බාහිර ආයතනයන්හි ද බැඳේ නම් මේ බැඳුමෙන් රූපතණ්හාව රූපයන් හි බඳියි, ධර්‍මයන්හි ධර්‍මතෘෂ්ණාව දක්වා (විස්තර කළයුතු.) යමෙක් මෙලොවැ බැඳුණේ පරලොවත් බැඳුණේ පමුණුවනු ලැබේ ද, හේ බැඳුණේ උපදියි, බැඳුණේ මියැයෙයි, බැඳුණේ මෙලොවින් පරාලොවට යයි. මේ බන්‍ධනය ද ආර්‍ය්‍ය ධර්‍මයෙන් හැර මුදන්නට නො හැක්ක. මරණභවය ද උපප්‍රාප්ති භවය ද භයවශයෙන් දැන ඡන්‍දරාගය දුරුකෙරෙයි. හේ මේ ඡන්‍දරාගය හැරපියා මේ ලෝකය ද මෙයින් මත්තෙහි දෙවැනි ලෝකය ද ඉක්මවයි.
එහි බන්‍ධනයෙන් සංස්කාරයන්ගේ යම් ප්‍රහාණයක් ඇද්ද, මෙය (කායික චෛතසික) උභයස්ථානයෙහි , වීර්‍ය්‍ය යයි කියනු ලැබේ. (ගන්‍ධපරිවාතො සුමුනි?) නො තැවැරෙයි. එසේ මැ පරිග්‍රහවස්තුන්හිදු අඹුදරුවන් කෙරෙහිදු උපුළ ශල්‍ය ඇත්තේ යයි
ඒතෘෂ්ණාවගේ මැ ප්‍රහාණය දක්වයි. මේ තෘෂ්ණාමූලයාගේ (පහානා වරෙ?) අප්‍රමත්ත වූයේ යයි (කාමෝ පමාද වත්තති?) ප්‍රහාණය පිණිස නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණේ අප්‍රමාදවිහාරී වෙයි. ඒ ප්‍රමාදයාගේ ආශයප්‍රහාණයෙන් මෙලොව ද පරලොව ද ආශංසනය නො කෙරෙයි. මෙලොව ඇසිරිකළ ප්‍රියරූප මධුරරූප නො කැමැති වෙයි. පරලොව ඇසිරිකළ ප්‍රියරූප සාතරූප ද නො කැමැති වෙයි. එයින් කියනු ලැබේ: “නාසිංසතෙ ලෝකමිමං පරං ච” යි.
ඒ ආකාඞ්ක්‍ෂාවගේ යම් ප්‍රහාණයෙක් ඇද්ද, එය මුනිහු විසින් අෂ්ටකවර්‍ගයෙහි ‘ඡේදනං’ යී දක්වනලදි. අෂ්ටකවර්‍ගයෙහි ඒ විරෝධය වෙයි. මේ (කොසලසංයුත්තයෙහි) “නාසිංසනං” යි අන් පරිද්දෙකින් එයි. එසෙයින් මේ තෘෂ්ණාව ඊට පරිග්‍රහ වූ වස්තුකාමය එක් ගාථායෙහි මේ සියලු කාමයෝ දක්වනලදහ. බුදුහු එයින් වදාරති:
වස්තුකාම ක්ලේශකාමයෙහි අපේක්‍ෂා නැත්තාහු තෙල බන්‍ධනය සිඳපියා කම්සුව හැරපියා ගිහිගෙන් නික්මැ යෙත් යයි.
මේ ගාථායෙහි දෙපරිද්දෙකින් නිර්දේශ වෙයි: සංසන්‍දන නිර්‍දෙශය ද සමය නිර්‍දෙශය දැයි, යම්සේ මේ ගාථාව සංකිලේසභාගියත් නිබ්බෙධභාගියත් වේ ද, එසෙයින් ඒ ගාථායෙහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද විසඳුම වෙයි. මේ ගාථාව යම්සේ ද සියලු ගාථාවන්හිදු වෙය්‍යාකරණයන්හිදු මෙසේ යි. සූත්‍රය නිර්දිෂ්ට යි.
1. එහි දේසනා කවරැ: මේ සූත්‍රය කවර අදහසකින් දෙසනලද ද යත්: යම් රාගචරිත සත්‍ව කෙනෙක් වෙද්ද ඔහු කාමයන් දුරුකරන්නාහයි මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
2. එහි විචය කවරෙ යැ: යමක්හු විසින් දසවස්තුක ක්ලේශයෝ උත්තීර්‍ණ වූවාහු මුදනලද්දාහු දන්නාලද්දාහු වෙත් ද, කවර දසවිධ වූවාහු ද යත්: ක්ලේශකාමයෝ ද ඕරම්භාගිය උද්ධම්භාගිය සංයෝජනයෝ ද දසවස්තුක ආයතනයෝ ද යන මොහු යි. මේ විචය යි.
3. එහි යුත්ති කවරැ: යම් කෙනෙක් ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ඇලුණා හු ද, ඔහු දැඩි බැඳුමෙන් බැඳුණාහු වෙත්. තෙල යුත්ති ඇත.
4. එහි පදට්ඨාන කවරෙ යැ: මිණිකොඬොල්හි ඇලුණේ මමංකාරයට පදට්ඨාන යැ, ‘අපෙක්ඛා’ යනු අතීත වස්තුක වූ රාග ඇත්තහුට පදට්ඨාන යැ, ‘එතම්පි ජෙත්‍වා’ යනු භාවනාවට පදට්ඨාන යි.