7. 10.
එහි සංකිලෙසභාගිය සූත්රය කවරෙ යැ: යම් හෙයකින් කුශලධර්මයන් හා විරුද්ධ නො වේද, නො වැඩේ ද, බුදුහු මේ ආදීනවය දෙසනසේක. “එහෙයින් පිළිසන් වූ ඇවත ප්රකට කරන්නේ යැ, මෙසේ ඒ ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.” ඒ ආදීනව හෙයින් විවෘත කරන්නේ යයි හේ තුන් දහමකින් නො මඩනාලද වෙයි. අශුභසංඥාවෙන් රාගය විසින් නො මඩනා ලැබෙයි. මෛත්රිභාවනායෙන් ද්වේෂය විසින් නො මඩනාලැබෙයි, විදර්ශනායෙන් මෝහය විසින් නො මඩනා ලැබේ. මෙසේ හෙතෙම යම් යම් ධර්මයෙක් ප්රතිපක්ෂ වේ නම් ඒ ඒ ධර්මයෙහි පරිපූර්ණ වන්නේ ය. ඒ ධර්මයට යම් අකුශලධර්මයෙක් ප්රතිපක්ෂ වේ නම් (තෙන නාධිවාසීයති?)
අනෙකුදු පරියායයෙක් වෙයි: යම් මේ ධර්ම කෙනෙක් තමා විසින් නැඟීසිටීමට නො හැකි වෙත් ද, තෙල ධර්මයෝ දෙසනලදහ. “ඡන්නමතිවස්සති” යි. (තෙහි විතක්කං?) යමකු විසින් යලි දෙසනලද චිත්තය දක්වන්නට පිරිසිදු කරන්නට හැකි වේද, විවේකයට නැමුණු විවේකයට ප්රවණ වූ විවේකයට බරවූවහුගේ සිත කුශලධර්මයන්හි වැඩීමට මහත්බවට පැමිණෙයි. යම්සේ ජලයෙහි හටගත් උපුලක් හෝ කුමුදක් හෝ පියුමක් හෝ ශුක්ලපක්ෂයෙහි චන්ද්රයා යම් රැයකට යම් දිනයකට පැමිණේ නම් (එකල්හි) ඒ පද්මයාගේ වැඩීමට කැමැති විය යුත්තී ද, පරිහානියෙක් නොවේ ද, එබඳු ව ඒ සිත නො මඩනාලැබෙයි.
මෙහි අන්ය වූ ද යමෙක් සඨ නොවූයේ කූට නොවූයේ මායා රහිත වූයේ වේ ද ඍජු පුරුෂ වූ හෙතෙම ඇතිසැටියෙන් තමා ප්රකාශ කෙරෙයි. එහි යමෙක් (ඇවත) වසා නම් අකුශල ධර්මයෝ ඔහුගේ සිත වනසති. “විවටං නාතිවස්සති” යනු වැලි යමෙක් සඨ නොවේ ද, කූට නොවේ ද, මායා රහිත වේද, ඍජු පුරුෂ වූයේ යථාභූත වැ තමා ප්රකාශ කෙරේද, ඔහුගේ සිත අකුශලධර්මයන් විසින් නො මඩනා ලැබේ. මේ සූත්රාර්ත්ථ යි.
1. එහි දේශනා කවර යැ: මෙහි අධිවස්සනතායෙන් දශ අකුශලකර්මපථයෝ දෙසන ලද්දාහු ය, අනධිවස්සනතායෙන් දශ කුශලකර්මපථයෝ දෙසන ලද්දාහු ය, (ක්ලේශයන්ගේ) අධිවර්ෂණභාවයෙන් අකුශලයන්ගෙන් විශුද්ධ නොවේ. භාග්යවතුන් විසින් වදාරනලද මැය: “මහණෙනි, සිත කිලිටිවීමෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුය” යි.
2. එහි විචය කවරෙ යැ: මෙසේ යමකුගේ සිත (කෙලෙසුන් විසින්) නො මඩනා ලැබේ ද, (තස්ස බුජ්ඣිතස්ස ... සත්ථරි වා ගුණානුකම්පනතාය?) මේ විචය යි.
3. එහි යුත්ති කවර යැ: මෙසේ නො මඩනාලබන සිත කෙලෙසුන් කෙරෙන් නැඟීසිටී, නැඟීසිටියේ කුශලධර්මයන් හි පිහිටා යයි. මේ යුත්ති ඇත.
4. පදට්ඨාන යනු: “ඡන්නමතිවස්සති” යනු: ඇවැත් වැසීම අසංවරයන්ට පදට්ඨාන යැ, “විවටං නාතිවස්සති” යනු: නො වැසීම සංවරයන්ට පදට්ඨාන යැ, තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු දේසනාවට පදට්ඨාන යි.
5. ලක්ඛණ යනු: “ඡන්නමතිවස්සති” යනු: විචිත්ර වූ ඡන්නයෙන් සමාන ලක්ෂණ වූ යම් කිසි ධර්ම කෙනෙක් ඇද්ද ඒ සියල්ලෝ මඩනාලැබෙත්. “තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු: ඒ නො වැසීමෙන් සමාන ලක්ෂණ වූ යම් කිසි ධර්ම කෙනෙක් ඇද්ද ඒ සියලු ධර්මයෝ (කෙලෙසුන් විසින්) අතිශයින් නො තෙමා යයි. ලක්ඛණහාර යි.
6. එහි චතුබ්යුහහාර කවරෙ යැ: මේ සූත්රයෙහි ලා භාග්යවතුන් වහන්සේගේ අභිප්රාය කවරෙ යැ: යම් කිසි කෙනෙකුගේ සිත අකුශලධර්මයෝ (අධිපටිදේසිතා?) ඔහු දහම් වූ පරිදි පිළියම් කරන්නාහුය යන මේ එහි භාග්යවතුන් වහන්සේගේ අභිප්රාය යි. මේ චතුබ්යුහහාර යි.
7. ‘ආවත්ත’ යනු: ඡන්න වූ යම් (සිතක්) ඇද්ද එය ද්විවිධ යැ, (කම්පමානං ... පස්සද්ධියං ච?) මානය ආස්රවයන් වඩයි. අශ්රද්ධායෙන් ප්රමාදයට යෙයි, ප්රමාදයෙන් අවනම්න වෙයි, උද්ගත මානනළ ඇති බවට යෙයි. භාග්යවතුන් විසින් තෙල වදාරන ලද මැය: “උද්ගත මානනළ ඇති ප්රමත්ත වූ ඔවුන්ට ආස්රවයෝ වැඩෙත්” යයි. ඒ ආස්රවයෝ සතර උපාදාන වෙති, ඔහු පඤ්ච උපාදානස්කන්ධයෝ වෙත්. මේ දුක්ඛ සමුදය යන සත්යයෝ යි. “තස්මා ඡන්නං විවරෙථ” යනු: යම් හෙයකින් ඒ ආස්රවයෝ වැඩෙත් ද, ඔවුන් ප්රහීණ හෙයින් ආස්රවයෝ ප්රහීණ වෙත්. එහි අප්රමාදය හේතු කොට අශ්රද්ධාව ප්රහීණ වෙයි. උද්ධච්ච කුක්කුච්චයන්ගේ ප්රහාණයෙන් ඖදාරික බව ප්රහීණ වෙයි, ඔහුට සමථය ද භාවනා ද යන ධර්මයෝ දෙදෙන පිරීමට යෙත්. ඒ ආස්රවයන්ගේ යම් ගෙවීමෙක් වේද මේ නිරෝධ යැ, මේ සතර සත්යයෝ යි. මේ ආවට්ටහාර යි.
8. එහි විභත්තිහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු ඒකාන්ත නො වෙයි. කරුණු කිම යත්: (යස්ස අස්සා නිවත්තනා යථාපි සේඛානං?) භාග්යවතුන් විසින් වදාරන ලද:
ශෛක්ෂ පුද්ගල යම් හෙයකින් කයින් වචනයෙන් සිතින් හෝ අකුශලයක් කරන්නේ නමුදු ඒ පාපය සැඟවීමට හෝ අභව්ය වෙයි. දක්නාලද නිර්වාණපද ඇත්තහුගේ (පාපය සැඟවීමෙහි) අභව්යබව වේ යයි.
යම් හෙයකින් ඔවුන්ගේ නිවාරණ චිත්තය වේ ද, එතෙකුදුවත් (අප්පච්චයා සමායෙ ච?) ඔහු දැක්විය යුත්තාහු ය. මේ විභත්තිහාර යි.
9. එහි පරිවත්තනහාර කවරෙ යත්: “ඡන්නමතිවස්සති” යනු: යමකුගේ (යෙධම්මා?) සියලු අකුශලය අවිවෘත වේ ද, හේ කෙලෙස්වැස්සෙන් අතිශයින් තෙමනු ලැබෙයි. විවෘත කළ ඇවැත් ඇත්තහු අතිශයින් නො තෙමයි. (අවගුණං තං නාති වස්සති?) මේ පරිවත්තනහාර යි.