2. ද්විතීය භූමි - සාසනපට්ඨාන
එහි සාසනපට්ඨාන කවරෙ යත්:
1. සංකිලෙසභාගිය සූත්‍ර යැ 2. වාසනාභාගිය සූත්‍ර යැ 3. නිබ්බේධභාගිය සූත්‍ර යැ 4. අයෙඛභාගිය සූත්‍ර යැ 5. සංකිලෙසභාගිය සූත්‍ර යැ 6. සංකිලෙසභාගිය ද නිබ්බේධ භාගිය ද සූත්‍ර යැ 7. සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ 8. වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ 9. ආණත්ති යැ 10. ඵල යැ 11. උපාය යැ 12. ආණත්ති හා ඵල යැ 13. ඵලය හා උපාය යැ 14. ආනන්ති හා ඵලය හා උපාය යැ 15. අස්සාද යැ 16. ආදීනව යැ 17. නිස්සරණ යැ 18. අස්සාද හා ආදීනව යැ 19. අස්සාද හා නිස්සරණ යැ 20. ආනදීව හා නිස්සරණ යැ 21. අස්සාද හා ආදීනව හා නිස්සරණ යැ 22. ලෞකික යැ 23. ලෝකෝත්තර යැ 24. ලෞකික හා ලෝකෝත්තර යැ 25. කම්ම යැ 26. විපාක යැ 27. කම්ම හා විපාක යැ 28. නිර්දිෂ්ට යැ 29. අනිර්දිෂ්ට යැ 30. නිර්දිෂ්ට හා අනිර්දිෂ්ට යැ 31. ඥාන යැ 32. ඥේය යැ 33. ඥාන හා ඥේය යැ 34. දර්‍ශන යැ 35. භාවනා යැ 36. දර්‍ශන හා භාවනා යැ 37. විපාකකර්‍ම යැ 38. නවිපාක කර්‍ම යැ 39. නේවවිපාක නවිපාක කර්‍ම යැ 40. සකවචන යැ 41. පරවචන යැ 42. සක වචන හා පරවචන යැ 43. සත්තාධිට්ඨාන යැ 44. ධම්මාධිට්ඨාන යැ 45. සත්තාධිට්ඨාන හා ධම්මාධිට්ඨාන යැ 46. ස්තව යැ 47. අනුඤ්ඤාත යැ 48. පටික්ඛිත්ත යැ 49. අනුඤ්ඤාත හා පටික්ඛිත්ත යැ 50. සකවචනාධිට්ඨාන යැ 51. පරවචනාධිට්ඨාන යැ 52. සකවචනාධිට්ඨාන හා පරවචනාධිට්ඨාන යැ 53. කිරිය යැ 54. ඵල යැ 55. කිරිය හා ඵල යි.
(එහි සකවචනාධිට්ඨාන යැ, පරවචනාධිට්ඨාන යැ, සක වචන හා පරවචනාධිට්ඨාන යැ, කිරිය යැ, ඵලයැ, කිරිය හා ඵලයැ යන මේ සය (නිදසුන් දැක්වීමෙන්) පටික්ඛිත්ත යි.)
(1) එහි සංකිලේස භාගිය සූත්‍රය කවරෙ යත්:
1. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු (සත්ත්‍වයෝ) කෙමින මුවෙහි (බැඳුණු) මසුන් මෙන් ප්‍රමාද නමැති බන්‍ධනයෙන් බැඳුණාහු මවුදෙන කරා එන කිරි බොන වස්සකු මෙන් ජරාවට හා මරණයට පුන පුනා පැමිණෙත්.
“පඤ්චිමෙ භික්ඛවේ නීවරණා” (යනාදි සූත්‍රය දැක්විය යුතු.)
(2) එහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යත්:
2. වේදනාදි ස්කන්‍ධත්‍රය සංඛ්‍යාත ධර්‍මයෝ චාතුර්භූමක චිත්තය පෙරදැරි කොට ඇත්තාහු යැ, සිත අධිපති කොට ඇත්තාහු යැ, සිතින් මැ නිපන්නාහු යැ. ඉදින් අනභිධ්‍යාදීන් ප්‍රසන්න වූ සිතින් යුක්ත වැ කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නො පියා යන සෙවණැල්ල සෙයින් කායික චෛතසික විපාකසුඛය ඒ පුද්ගලයා කැටිවැ යේ යයි.
සංයුත් සඟියෙහි සූත්‍රය : (සාරකානිවග්ග–මහානාමසුත්ත) මේ සූත්‍රයෙහි බුදුහු ශාක්‍යයන්ගේ කිඹුල්වත් නුවර දී මහානාම ශාක්‍යහට නයවිස්තරයෙන් සද්ධා සීලාදි පරිහාචිතචිත්තය වදාළහ ... (මෙහි පාඨය ආකුලය)
(3) එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යත්:
3. උඩ රූපාරූපධාතුයෙහි ද යට කාමධාතුයෙහි ද යන සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි අශෛක්‍ෂ විමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ’ මම් වෙමි නො දක්නේ මෙසේ සෙබා සේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්‍භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කෙළේ යයි.
‘වහන්ස අනවද්‍ය ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට ඇත්තාහු දැයි අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විචාරති. (දසකංගුත්තර – ආනිසංසවග්ග).
(4) එහි අනෙඛභාගිය සූත්‍රය කවරෙ යත්:
4. යමක්හුගේ සිත ශෛලපර්‍වතයක් සෙයින් සිටියේ (අටලෝ දහමින්) නො සැලේ ද රාගෝත්පත්තියට කාරණ වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලුණේ ද කෝප ඉපැද්මට කාරණ වූ ආඝාතවස්තු විෂයෙහි නො කිපේ ද යමක්හුගේ සිත මෙසේ භාවිත ද ඔහු කරා දුකෙක් කොයිබින් එන්නේ දැයි.
‘වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර මා ගටා ඇවත නො දෙසා චාරිකාවට නික්මුණේ ය’යි (නවකංගුත්තර – සීහනාදවග්ග) වහන්ස යමකුට එකැතින් කයෙහි කාගියාසී නො එළැඹ සිටී නම්” යනාදි සාරිපුත්ත වෙය්‍යාකරණය විස්තර කළයුතු.
(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍රය කවරෙ යත්:
5. වසන ලද ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නො තෙමයි. එහෙයින් ප්‍රතිච්ඡන්න වූ ඇවත ප්‍රකට කරවු. මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් නො තෙමා.
“ඡන්නමතිවස්සති” යනු සංකිලේස යැ, “විවටං නාතිවස්සති” යනු වාසනා යි.
“තමෝතමපරායනෝ” යනාදිය විස්තරයෙන් කියැයුතු (කෝසල සංයුත්ත). එහි යම් තම පුඟුලෙක් තමපරායන පුඟුලෙකුත් වේ ද මේ සංකිලේස යැ, යම් ජෝති පුඟුලෙක් යම් ජෝතිපරායණ පුඟුලෙකුත් වේ ද මේ වාසනා යි.
(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යත්:
6. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වු ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණ මුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අයි ආදියෙන් සිඳලියැ හැකි හෙයිනි.) මිණි කොඬොල් අඹුදරුවන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද–
7. (සිවු අපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල් වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩි වූයෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැ යෙත්.