3. 2. 15.
පරික්ඛාරහාරසම්පාතය
එහි පරික්ඛාරහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ, මේ ගාථාධර්මය ශමථ විදර්ශනා දෙකට පරිෂ්කාර යි.
පරික්ඛාරහාරසම්පාතය යොදනලදී.
3. 2. 16.
සමාරෝපනහාරසම්පාතය
ඒ සොළොස් හාරසම්පාතයන් කෙරෙහි සමාරෝපනහාරසම්පාත කවරෙ යැ :
“තස්මා රක්ඛිතචිත්තස්ස -පෙ- සබ්බා දුග්ගතියො ජහෙ” යනු නිදර්ශන යි.
තස්මා රක්ඛිතචිත්තස්ස යනු ත්රිවිධ සුචරිතයනට පදට්ඨාන යි. චිත්තය රක්ඛිත කල්හි ඒ කායකර්මය වාක්කර්මය මනඃකර්මය රක්නාලද වෙයි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්යග්දෘෂ්ටිය භාවිත කල්හි ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය භාවිත වෙයි. කවර කරුණින යත් : සම්යග්දෘෂ්ටියෙන් සම්යක්සංකල්පය උපදී, සම්යක්සංකල්පයෙන් සම්යග්වචනය උපදී, සම්යග්වචනයෙන් සම්යක්කර්මාන්තය උපදී, සම්යක්කර්මාන්තයෙන් සම්යගාජීවය උපදී, සම්යගාජීවයෙන් සම්යග්ව්යායාමය උපදී, සම්යග්ව්යායාමයෙන් සම්යක්ස්මෘතිය උපදී, සම්යක්ස්මෘතියෙන් සම්යක්සමාධිය උපදී, සම්යක්සමාධියෙන් සම්යග්විමුත්තිය උපදී, සම්යග්විමුක්තියෙන් සම්යග්විමුක්තිඥානදර්ශනය උපදී, එහෙයිනි. මේ අනුපාදිශේෂපුද්ගල ද අනුපාදිශේෂනිර්වාණධාතු ද වේ.
සමාරෝපනහාරසම්පාතය යොදනලද වේ.
එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්යායන මහරහතුන්වහන්සේ :
“ව්යඤ්ජන පර්ය්යෙෂණ විසින් පළමු කොට සොළසහාරයෝ යෙදියැයුත්තාහ, දිසාලෝචනනයින් ප්රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූත ධර්මයන් සූත්රයෙන් නිර්ධාරණ කොට නන්දියාවට්ටාදි තුන් නයින් සූත්රය වර්ණනා කරන්නේ ය” යි.
හාරසම්පාතය යොදනලද්දේ යි.