7. 8.
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂි වූ මුඹ වහන්සේගේ තෙල වදන් මම රුස්මි. ගෞතමයන් වහන්ස, උපධිරහිත වූ නිවන මොනොවට ප්‍රකාශ කරන ලද යැ, මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැර පියා අනේකවිධ වූ හැම කොතූහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු නම් මම ද ඔහු ඕඝතරණය කළාහ යි කියමි.
එතාභිනන්දාමි වටො මහෙසිනො- ‘එතං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය සතුටු වෙමි, වෙසෙසින් සතුටු වෙමි, තුටු වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, පිළිගනිමි, පතමි, කැමති වෙමි, අභිජල්පනය කෙරෙමි, මහෙසිනො යනු: බුදුහු මහර්ෂීහ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ-ගවේෂණ-පර්‍ය්‍යෙෂණ කළාහු නුයි මහර්ෂීහ ... කොහි යැ දෙවියනට දෙවි වූවාහු? කොහි යැ නරශ්‍රේෂ්ඨ වූවාහු? යයි මහර්ෂීහ නුයි ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’ යනු වේ.
සුකිත්තිතං ගෞතම නූපධීකං- ‘සුකිත්තතිතං’ යනු මොනොවට පවසන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවනලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට ප්‍රකට කරන ලද, මොනොවට ප්‍රකාශ කරන ලද. ගොතම නූපධීකං- ‘උපාධි’යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. උපධීන්ගේ ප්‍රහාණය උපධීන්ගේ සන්හිඳීම උපධීන්ගේ දුරැළිම උපධීන්ගේ හැරපීම අමාමහ නිවනැ‘යි ‘සුකිත්තිතං ගොතම නූපධීකං’ යනු වේ.
යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං- යම් කෙනෙක් තුමූ හැමදෘෂ්ටිශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, යම් කෙනෙක් හැම ශ්‍රැතශුද්ධීන්.... යම් කෙනෙක් හැම මුතශුද්ධීන්.... යම් කෙනෙක් හැම දෘෂ්ටශ්‍රැත-මුතශුද්ධීන්..... යම් කෙනෙක් හැම ශීලශුද්ධීන්.... යම් කෙනෙක් හැම ව්‍රතශුද්ධීන්... යම් කෙනෙක් හැම ශීලව්‍රත ශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැර පියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා පි පහාය සබ්බං’ යනු වේ.
අනෙකරූපම්පි පහාය සබ්බං- අනේකවිධ වූ ව්‍රත කොතූහලමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනාභාවයට පමුණුවා නුයි ‘අනෙකරූපම්පි පහාය සබ්බං යනු වේ.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණො’ති බ්‍රෑමි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රස තෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. ‘තණ්හං පරිණ්ඤාය’ යනු: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤා යැ තීරණ පරිඤ්ඤා යැ පහාණපරිඤ්ඤා යැ යන තුන් පරිඥායෙන් පිරිසිඳ දැන.
ඤාතපරිඤ්ඤා කවරැ යත්: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤායෙන් දැන ගනියි: මේ රූපතෘෂ්ණා යැ මේ ශබ්දතෘෂ්ණා යැ මේ ගන්‍ධතෘෂ්ණා යැ මේ රසතෘෂ්ණා යැ මේ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ මේ ධර්‍මතෘෂ්ණා යැ යි දැනගනියි දකියි, මෝ තොමෝ ඤාතපරිඤ්ඤා යි.
තීරණපරිඤ්ඤා කවරැ යත්: මෙසේ දන්නා ලද කොට තෘෂ්ණාව තීරණය කෙරෙයි: අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ධ විසින් ශල්‍ය විසින් ව්‍යසන විසින් අබාධ විසින් පර විසින් නැසෙනසුලු විසින් ඊති විසින් උවදුරු විසින් බිය විසින් උපසර්‍ග විසින් චල විසින් බිඳෙනසුලු විසින් අධ්‍රැව විසින් අත්‍රාණ විසින් අලෙන විසින් අසරණ විසින් අසරණිභූත විසින් රික්ත විසින් තුච්ඡ විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් ආදීනව විසින් විපරිණාමස්වභාව විසින් අසාර විසින් අඝමූල විසින් වධක විසින් සංඛත විසින් මාරාමිෂ විසින් ජාතිස්වභාව විසින් ජරාස්වභාව විසින් ව්‍යාධිස්වභාව විසින් මරණස්වභාව විසින් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාව විසින් සංකිලෙසස්වභාව විසින් සමුදය විසින් ව්‍යය විසින් ආස්වාද විසින් ආදීනව විසින් නිස්සරණ විසින් තීරණය කෙරෙයි. මෝ තොමෝ ‘තීරණපරිඤ්ඤා’ යි.
පහාන පරිඤ්ඤා කවරැ යත්: මෙසේ තීරණය කොට තෘෂ්ණාව දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මෝ තොමෝ පහානපරිඤ්ඤා යි. තණ්හං පරිඤ්ඤාය- තෘෂ්ණාව මේ ත්‍රිවිධ පරිඥායෙන් දැන. අනාසවා යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍ය ස්‍රව ය අවිද්‍යාස්‍රව යි, යම් කෙනෙකුන්ට මේ ආස්‍රවයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් සෙයින් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු ද ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ අනාස්‍රවයෝ යැ යි කියනු ලැබෙත්.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි- යම් කෙනෙක් තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද මම ද ඔහු කාමෝඝය තරණය කළාහු යැ භාවොඝය තරණය කළාහු යැ දෘෂ්ටි-ඕඝය තරණය- කළාහු යැ අවිද්‍යා-ඕඝය තරණය කළාහු යැ සියලු සංසාරපථය තරණය උත්තරණය- නිස්තරණය- අතික්‍රමණය- සමතික්‍රමණය කළාහු යැ ඉක්ම වූවාහු යැ’යි කියමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“එතාභිනන්දාමි -පෙ- අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි” යි.
සත්වැනි නන්‍ද සූත්‍රනිර්දේශය නිමි.