7-5, 6.
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන්වහන්ස, යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කෞතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද මුනීන්‍ද්‍රයන් වහන්ස, ඉදින් ඒ දෘෂ්ටිගතිකයන් ඕඝතරණය නො කළවුනැ’යි වදාරන්නවු නම් නිදුකාණන් වහන්ස, වැළිත් දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
යෙ කෙවිමෙ සමණබ්‍රාහ්මණා සෙ-‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත් පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්‍රාජකබවට පැමිණියාහු. බ්‍රාහ්මණා යනු: යම් කිසි ‘භො වාදිකයෝ යැ’ යි ‘යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ’ යනු වේ. ඉච්චායස්මා නන්දො යනු....
දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ටයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් ද, ශ්‍රැතයෙනුදු ශුද්ධිය ... දෘෂ්ට-ශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ යි ‘දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
සීලබ්බතෙනා’ පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් ද ව්‍රතයෙනුදු ශුද්ධිය ... වහරත් ද, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ’යි ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
අනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනේකවිධ ව්‍රතකෞතුකමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ’ යි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
තෙ වෙ මුනී බ්‍රෑසි අනොඝතිණ්ණෙ- ‘තෙ චෙ’ යනු: දෘෂ්ටිගති ඇතියන්. මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි... රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හෙතෙම මුනි නම් වෙයි.
බ්‍රෑසි අනොඝතිණ්ණො යනු: කාමෝඝය භවොඝය දිටිඨොඝය අවිජ්ජෝඝය තරණය නො කළවුන් නො ඉක්මවූවන් මොනොවට නො ඉක්ම වූවන් නො ඉක්ම සිටියවුන් ඇතුළු ජරාමරණයෙහි පිරිවැටෙනු (පෙරැළෙනු) වන් ඇතුළු සසරමඟ පිරිවැටෙනු වන් ජාතියෙහි පිවිසියන් ජරාව විසින් ලුහුබඳනා ලදුවන් ව්‍යාධියෙන් මැඬුණවුන් මරණයෙන් පහළ වුන් ත්‍රාණ නැතියන් ලෙන නැතියන් අසරණයන් අසරණීභූතයන් කොට බ්‍රෑසි- වදාරණ සේක් දෙසන සේක් පනවනසේක් පිහිටුවන සේක් විවෘත කරන සේක් විභාග කරනසේක් පාළ කරනසේක් පවසන සේක් නම් නුයි ‘තෙ චෙ මුනී බ්‍රෑසි අනොඝතිණ්ණො යනු වේ.
අථ කො චරහි මනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: වැළිත් තෙල කවරෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකයෙහි ජාතිජරාමරණය තරණය කෙළේ ද උත්තරණය- ප්‍රතරණය- සමතික්‍රමණය- ව්‍යතිවර්තනයකෙළේ ද? මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ තෙල ‘මාරිස’ යනු සගෞරව සප්‍රතිශ්‍රයනාමයෙක් නුයි ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං- ‘පුච්ඡාමි තං’ යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණ කෙරෙමි, මුඹවහන්සේ පහදවමි. භගවා යනු: තෙල ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු: අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: වදාළ මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව පැවැසුව මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“යෙ කෙවිමෙ -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි