7. 4.
(බුදුහු මෙසේ වදාළහ: නන්දය,) ‘යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්රාජක බවට පැමිණියාහු. බ්රාහ්මණා යනු: යම් කිසි හොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ’ යනු වේ. නන්දා’ති භගවා යනු....
දිට්ඨෙන සුතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ට (රූපායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති කියති බෙණෙති දක්වති වහරති, ශ්රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය... දෘෂ්ට ශ්රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති, ව්රතයෙනුදු ශුද්ධිය .... වහරති, ශීලව්රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි. ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
අනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනේකවිධ ව්රතකෞතුකමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං.’ යනු වේ.
කිඤ්චා’පි තෙ තත්ථ යතා චරන්ති- කිඤ්චා’පි යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපරිපූර්ණතා යැ අක්ෂරසමවාය යැ ව්යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල’ කිඤ්චා ‘පි’ යනු පදානුපූර්වතා යි. තෙ යනු: දෘෂ්ටිගතිකයෝ යි. තත්ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි. යතා යනු: රැකෙන්නාහු වෙසෙසින් රැකෙන්නාහු ගුප්ත වූවාහු ගෝපනය කරන ලද්දාහු රක්ෂිත වූවාහු සංවෘත වූවාහු. චරන්ති යනු: හැසිරෙති වාසය කෙරෙති. ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘කිඤ්චා’පි තෙ තත්ථ යතා චරන්ති’ යනු වේ.
නාතරිංසු ජාතිජරන්ති බ්රෑමි යනු: ජාතිජරාමරණය තරණය නො කළහ, උත්තරණය ප්රතරණය-සමතික්රමණය- ව්යතික්රමණය නො කළහ. ජාතිජරාමරණයෙන් නො නික්මුණාහු නො බැහැර වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්මගියාහු නො ඉක්ම සිටියාහු ඇතුළු ජාතිජරාමරණයෙහි පෙරැළෙති, ඇතුළු සසරමඟ පිරිවැටෙති, ජාතියෙහි පිවිසියාහු ජරාව විසින් ලුහුබඳනා ලද්දාහු ව්යාධියෙන් මැඬුනාහු මරණයෙන් පහළාහු ත්රාණ (රක්ෂා) රහිතයහ, ලෙන (නිලීනස්ථාන) රහිතයහ, අසරණයහ, අසරණීභූතහ’යි බ්රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි පවසමි නුයි ‘නාතරිංසු ජාතිජරන්ති බ්රෑමි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙ කෙවිමෙ -පෙ- නාතරිංසු ජාතිජරන්ති බ්රෑමි” යි