7. 3.
(ආයුෂ්මත් නන්දමාණවක මෙසේ විචාරයි:) භාග්යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ට (රූපායතන) යෙනුදු ශ්රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම් ශීල ව්රතයෙනුදු ශුද්ධිය කියත් නම් අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම් නිදුකාණන් වහන්ස, කිම ඔහු (ඒ දෘෂ්ටිගතිකයෝ) ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වසන්නාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැව.
යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට පැමිණි පරිව්රාජක බවට පැමිණියාහු. බ්රාහ්මණා යනු: යම් කිසි භොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ’ යනු වේ.
දිට්ඨෙන සුතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ට (රූපායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති-කියති බෙණෙති දක්වති වහරති. ශ්රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති-කියති බෙණෙති දක්වති වහරති. දෘෂ්ටශ්රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘දිට්ඨෙන සුතෙනා’ පි වදන්ති සුද්ධිං’ යනු වේ.
සීලබ්බතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති. ව්රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති. ශීලව්රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
අනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනෙක විධ ව්රත කුතූහලමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
කච්විස්සු තෙ භගවා තත්ථ යතා චරන්තා- ‘කච්චිස්සු’ යනු: සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ ද්වෙළ්හකපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ මෙසේ දෝ හෝ නො වේ දෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි ‘කච්චිස්සු’ යනු වේ. තෙ යනු: දෘෂ්ටිගතිකයෝ. භගවා යනු: තෙල ගෞරවාධිවචන යැ ... මේ භගවා’ යනු: අර්හත්ඵල ප්රත්යක්ෂයෙන් උපන් ප්රඥප්තියෙක් නුයි ‘කච්චිස්සු තෙ භගවා’ යනු වේ. තත්ථ යතා චරන්තා- ‘තත්ථ’ යනු ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි යතා යනු: රැකුණාහු වෙසෙසින් රැකුණාහු ගුප්ත වූවාහු ගෝපනය කරන ලද්දාහු සංවෘත වූවාහු. චරන්තා යනු: හැසිරෙන්නාහු වසන්නාහු ඉරියවු පවත්වන්නාහු වැටෙන්නාහු පාලනය වන්නාහු යැපෙන්නාහු යාපනය කරන්නාහු නුයි ‘කච්චිස්සු තෙ භගවා තත්ථ යතා චරත්තා’ යනු වේ.
අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: ජාති ජරාමරණය තරණය කළහ උත්තරණය කළහ ප්රතරණය කළහ මොනොවට ඉක්මවූහ ව්යතික්රමණය කළහ. මාරිස යනු ප්රියවචන යැ ගරුවචන යැ තෙල ‘මාරිස’ යනු සගෞරව සප්රතිශය නමෙක් නුයි ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං- ‘පුච්ඡාමි තං’ යනු: මුඹ වහන්සේ පුළුවුස්මි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අධ්යෙෂණ කෙරෙමි මුඹ වහන්සේ පහදවමි මට වදාළ මැනැවැ යි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: ... මේ භගවා යනු අර්හත් ඵල ප්රත්යක්ෂයෙන් උපන් ප්රඥප්තියකි. බ්රෑහිමෙතං යනු: බ්රෑහි- කිව මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“යෙ කෙචිමෙ -පෙ- පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං” යි.
7. 4.
(බුදුහු මෙසේ වදාළහ: නන්දය,) ‘යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්රාජක බවට පැමිණියාහු. බ්රාහ්මණා යනු: යම් කිසි හොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ’ යනු වේ. නන්දා’ති භගවා යනු....