6. 7.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්ද්රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්යමාන වූයේ ද, නොහොත් ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාමස්වභාව ඇත්තේ) සිටිනේ ද, මුනීන්ද්රයන් වහන්ස, එය මට මැනැවින් ප්රකාශ කළ මැනැව, යම් හෙෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
අත්ථං ගතො සො උදවා සො නත්ථි- හේ අස්තයට ගියේ ද නොහොත් නැද්ද, හේ නිරුද්ධ වූයේ උච්ඡේදයට පැමිණියේ විනෂ්ට වූයේ දැ යි ‘අත්ථංගතො සො උදවා සො නත්ථි’ යනු වේ.
උදාහු වෙ සස්සතියා අරොගො- නොහොත්, නිත්ය වූයේ ධ්රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසේ මැ සිටුනේ දැ යි ‘උදාහු වෙ සස්සතියා අරොගො’ යනු වේ.
තං මෙ මුනී සාධු වියාකරොහි- ‘තං’ යනු: යමකු විචාරම් ද, යමකු අයදිම් ද, යමකු අධ්යෙෂණ කෙරෙම් ද, යමකු සඳහා පහදවම් ද: මුනි යනු ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටි ඒ ක්ෂීණාස්රව මුනි නම් වේ. සාධු වියා කරොහි- අයදිමි වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්රකට කළ මැනැව ප්රකාශ කළ මැනැවැ යි ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.
තථා හි තෙ විදිතො එසධම්මො- යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද තුලනය කරන ලද ද තීරණය කරන ලද ද විභූත කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ‘යි ‘තථා හි තෙ විදිතො එසධම්මො’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“අත්ථංගතො සො -පෙ- තථා හි තෙ විදිතෙ එසධම්මො’ යී.
6. 8.
(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය, අනුපාදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසනලදහ යි.
අත්ථංගතස්ස න පමාණමත්ථි- ‘අත්ථංගතස්ස’ යනු: අනුපාදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවියහුට රූප ප්රමාණයෙක් නැත, වේදනා ප්රමාණයෙක් නැත. සංඥා ප්රමාණයෙක් නැත, සංස්කාර ප්රමාණයෙක් නැත, විඥාන ප්රමාණයෙක් නැත, නැත්තේ යැ, නො වෙයි, විද්යමාන නො වෙයි, නො ලැබේ. ප්රහීණ යැ, සමුච්ඡින්න යැ, සන්හිඳුවන ලද, දුරලන ලද, අභව්යොත්පත්තික යැ, නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අත්ථංගතස්ස න පමාණමත්ථි’ යනු වේ. උපසීවා’ති භගවාති........
යෙන නං වජ්ජු තං තස්ස නත්ථි- යම් රාගයෙකින් කියන්නාහු නම් යම් ද්වේෂයෙකින් කියන්නාහු නම් යම් මෝහයෙකින් කියන්නාහු නම් යම් මානයෙකින් කියන්නාහු නම් යම් දෘෂ්ටියෙකින් කියන්නාහු නම් යම් ඖද්ධත්යයෙකින් කියන්නාහු නම් යම් විචිකිත්සායෙකින් කියන්නාහු නම් යම් අනුශය කෙනෙකුන්ගෙන් කියන්නාහු නම් රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඨ යැ හෝ විනිබද්ධ යැ හෝ පරාමෘෂ්ට යැ හෝ වික්ෂේපයට ගියේ යැ හෝ අනිෂ්ඨාවට ගියේ යැ හෝ තද බවට ගියේ යැ හෝ යි කියන්නාහු නම් ඒ කර්මාභිසංස්කාරයෝ ප්රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්රහීණ වූ බැවින් තිරිසන් යැ යි හෝ තිරිසන්යොන් ඇතියෙකැ යි හෝ ප්රේතවිෂය ඇතියෙකැ යි හෝ මිනිසෙකැ යි හෝ දෙවියෙකැ යි හෝ රූපී යැ යි හෝ අරූපී යැ යි හෝ සංඥී යැ යි හෝ අසංඥී යැ යි හෝ නෛවසංඥී නාසංඥී යැ යි හෝ යම් අභිසංස්කාරයක් හේතු කොට ගෙන ගතියෙන් කියන්නාහු ද, යම් හෙයකින් කියන්නාහු නම් පවසන්නාහු නම් බණන්නාහු නම් දක්වන්නාහු නම් ව්යවහාර කරන්නාහු නම් ඒ හේතුව නැත ප්රත්යය නැත කාරණ නැත් නුයි ‘යෙන නං වජ්ජ්ර තං තස්ස නත්ථි’යනු වේ.