6. 8.
(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය, අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසනලදහ යි.
අත්‍ථංගතස්ස න පමාණමත්ථි- ‘අත්ථංගතස්ස’ යනු: අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියහුට රූප ප්‍රමාණයෙක් නැත, වේදනා ප්‍රමාණයෙක් නැත. සංඥා ප්‍රමාණයෙක් නැත, සංස්කාර ප්‍රමාණයෙක් නැත, විඥාන ප්‍රමාණයෙක් නැත, නැත්තේ යැ, නො වෙයි, විද්‍යමාන නො වෙයි, නො ලැබේ. ප්‍රහීණ යැ, සමුච්ඡින්න යැ, සන්හිඳුවන ලද, දුරලන ලද, අභව්‍යොත්පත්තික යැ, නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අත්ථංගතස්ස න පමාණමත්ථි’ යනු වේ. උපසීවා’ති භගවාති........
යෙන නං වජ්ජු තං තස්ස නත්‍ථි- යම් රාගයෙකින් කියන්නාහු නම් යම් ද්වේෂයෙකින් කියන්නාහු නම් යම් මෝහයෙකින් කියන්නාහු නම් යම් මානයෙකින් කියන්නාහු නම් යම් දෘෂ්ටියෙකින් කියන්නාහු නම් යම් ඖද්ධත්‍යයෙකින් කියන්නාහු නම් යම් විචිකිත්සායෙකින් කියන්නාහු නම් යම් අනුශය කෙනෙකුන්ගෙන් කියන්නාහු නම් රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඨ යැ හෝ විනිබද්ධ යැ හෝ පරාමෘෂ්ට යැ හෝ වික්‍ෂේපයට ගියේ යැ හෝ අනිෂ්ඨාවට ගියේ යැ හෝ තද බවට ගියේ යැ හෝ යි කියන්නාහු නම් ඒ කර්මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් තිරිසන් යැ යි හෝ තිරිසන්යොන් ඇතියෙකැ යි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැ යි හෝ මිනිසෙකැ යි හෝ දෙවියෙකැ යි හෝ රූපී යැ යි හෝ අරූපී යැ යි හෝ සංඥී යැ යි හෝ අසංඥී යැ යි හෝ නෛවසංඥී නාසංඥී යැ යි හෝ යම් අභිසංස්කාරයක් හේතු කොට ගෙන ගතියෙන් කියන්නාහු ද, යම් හෙයකින් කියන්නාහු නම් පවසන්නාහු නම් බණන්නාහු නම් දක්වන්නාහු නම් ව්‍යවහාර කරන්නාහු නම් ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණ නැත් නුයි ‘යෙන නං වජ්ජ්‍ර තං තස්ස නත්‍ථි’යනු වේ.
සබ්බෙසු ධම්මේසු සමූහතෙසු- සියලු ධර්‍මයන් සියලු ස්කන්‍ධයන් සියලු ආයතනයන් සියලු ධාතුන් සියලු ගතීන් සියලු උප්පත්තීන් සියලු ප්‍රතිසන්ධීන් සියලු භවයන් සියලු සංසාරයන් සියලු වෘත්තයන් නැසූ කල්හි වෙසෙසින් නැසූ කල්හි උදුළ කල්හි මොනොවට උදුළ කල්හි උපුළ කල්හි වෙසෙසින් උපුළ කල්හි ප්‍රහීණ කල්හි සමුච්ඡින්න කල්හි සන්හුන් කල්හි දුරැලූ කල්හි අභව්‍යොත්පත්තික වූ කල්හි නුවණ ගින්නෙන් දැවූ කල්හි නුයි ‘සබ්බෙසු ධම්මේසු සමූහතෙසු’ යනු වේ.
සමූහතා වාදපථාපි සබ්බේ- ‘වාදපථයෝ යයි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ඔහු විසින් වාදයෝ ද වාදපථයෝ ද අධිවචනයෝ ද අධිවචනපථයෝ ද නිරුක්තීහු ද නිරුක්තිපථයෝ ද ප්‍රඥප්තීහු ද ප්‍රඥප්තිපථයෝ ද නසන ලදහ මොනොවට නසන ලදහ උදුළහ මොනොවට උදුළහ උපුරන ලදහ මොනොවට උපුරන ලදහ. ප්‍රහීණයහ සමුච්ඡින්නයහ, සන්හිඳුවන ලදහ දුරලන ලදහ, අභව්‍යොත්පත්තික වූහ, නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘සමූහතා වාදපථා පි සබ්බේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අත්‍ථංගතස්ස -පෙ- සමූහතා වාදපථා’ පි සබ්බේ” යි.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග බමුණු හා සමඟ යම් අතැවැසි කෙනෙක්.... බදැඳිලි වූයේ නමස්කාර කෙරෙමින් හුන්නේ වෙයි: “වහන්ස, බුදුහු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවක වෙමි.”
සවැනි උපසීව සූත්‍රනිර්දේශය යි.