6. 6.
(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද (නිවේද) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නො යේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි, ක්‍ෂත්‍රියාදි ව්‍යවහාරයට නො යෙයි.
අව්චී යථා වාතවෙගෙන ඛිත්තා- ‘අව්චී‘ යි ගිනිසිළ කියනු ලැබෙයි, වාතා යනු: පෙරදිගින් හමන වාත යැ අවරදිගැ වාත යැ උතුරුදිගැ වාත යැ දකුණු දිගැ වාත යැ රජස් සහිත වාත යැ රජස් රහිත වාත යැ ශීත වාත යැ උෂ්ණ වාත යැ අල්ප වාත යැ අධිමාත්‍ර වාත යැ කෘෂ්ණපක්ෂ වාත යැ වේරම්බ වාත යැ පියාපත් වාත යැ සුපර්‍ණ වාත යැ තල්වැට වාත යැ විධූපන වාත යැ යන මොහු යි. වාතවෙගෙන ඛිත්තා-- සලන ලද අතිශයින් සලන ලද බැහැර කරන ලද දුරු කරන ලද නවතන ලද ඉවත් කරන ලද නුයි ‘අව්චීයථා වාතවෙගෙන ඛිත්තා’ යනු වේ. ‘උපසීවා ති භගවා‘ යනු වේ.
අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති‘ යනු: අත්‍ථං පලෙති යී යෙයි අස්තයට පැමිණෙයි අස්තයට යෙයි නිරුද්ධ වෙයි සන්හිඳෙයි නිවෙයි. න උපේති සඞ්ඛං- (අසුවල් යෝනියට ගියේ යි) ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගිණීමට නො පැමිණෙයි ප්‍රඥප්තියට නො පැමිණෙයි පෙරදිගට හෝ ගියේ යැ අවරදිගට හෝ ගියේ යැ උතුරු දිගට හෝ ගියේ යැ දකුණු දිගට හෝ ගියේ යැ උඩට හෝ ගියේ යැ යටට හෝ ගියේයැ සරසට හෝ ගියේ යැ අනුදිගට හෝ ගියේ යයි යම් හෙයෙකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං‘ යනු වේ.
එවං මුනී නාමකායා විමුත්තො- ‘එවං‘ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ; මුනි යනු: ‘මොන’යි ඥානය කියනු ලැබෙයි. ...රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම වා සිටියේ ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. නාමකායා විමුත්තො- ඒ මුනි තෙම පියවින් පළමු මැ රූපකායයෙන් විමුක්ත යැ තදඞ්ගවශයෙන් ඉක්මවීමෙන් විෂ්කම්භණ ප්‍රහාණයෙන් ප්‍රහීණ යැ ඒ මුනිහු විසින් භවාන්තයට පැමිණ සතර ආර්‍ය්‍ය මාර්‍ගයෝ ලද්දාහු වෙයි. සතර ආර්‍ය්‍යමාර්ගයන් ලත් බැවින් නාම කය ද රූප කය ද පරිඥාත වෙයි. නාම කයින් ද රූප කයින් ද අත්‍යන්ත කොට අනුපාදා විමොක්ෂයෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ මොනොවට මිදුණේ නුයි ‘එවං මුනී නාමකායා විමුත්තො’ යනු වේ.
අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති’ යනු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි. න උපේති සඞ්ඛං- අනුපාදීශෙෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියේ ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගණනට නො පැමිණෙයි පැනවීමට නො පැමිණෙයි ක්‍ෂත්‍රිය යැ හෝ බ්‍රාහ්මණ යැ හෝ වෛශ්‍ය යැ හෝ ශුද්‍ර යැ හෝ ගෘහස්ථ යැ හෝ ප්‍රව්‍රජිත යැ හෝ දේව යැ හෝ මනුෂ්‍ය යැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අව්චි යථා වාතවෙගෙන ඛිත්තා -පෙ- අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං” යි.
6. 7.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද, නොහොත් ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාමස්වභාව ඇත්තේ) සිටිනේ ද, මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව, යම් හෙෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
අත්‍ථං ගතො සො උදවා සො නත්‍ථි- හේ අස්තයට ගියේ ද නොහොත් නැද්ද, හේ නිරුද්ධ වූයේ උච්ඡේදයට පැමිණියේ විනෂ්ට වූයේ දැ යි ‘අත්ථංගතො සො උදවා සො නත්‍ථි’ යනු වේ.
උදාහු වෙ සස්සතියා අරොගො- නොහොත්, නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසේ මැ සිටුනේ දැ යි ‘උදාහු වෙ සස්සතියා අරොගො’ යනු වේ.
තං මෙ මුනී සාධු වියාකරොහි- ‘තං’ යනු: යමකු විචාරම් ද, යමකු අයදිම් ද, යමකු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමකු සඳහා පහදවම් ද: මුනි යනු ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටි ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. සාධු වියා කරොහි- අයදිමි වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.