6. 3.
(ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි.) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්ය වූ යට සමවත් හැරපියා අකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යනසුලු වැ සිටුනේ ද?
සබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල ස්වාර්ථයෙන් සියල්ල අනවශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු ‘කාමා’ යනු උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද.... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු වස්තුකාම ක්ලේශකාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ විගතරාග වූයේ ත්යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්රහීණරාග වූයේ ප්රතිනිසෘෂ්ටරාග වූයේ නුයි ‘සබ්බෙසු රාගෙසු යො වීතරාගො’ යනු වේ.
ඉච්චායස්මා උපසීවො--‘ඉච්චා’ යනු පදසන්ධි යැ... ආයස්මා යනු: තෙල ප්රියවචන යැ... උපසීවො යනු: ඒ බමුණුහට නාම යැ... අභිලාප නුයි ‘ඉච්චායස්මා උපසීවො’ යනු වේ.
ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං--යට ෂට් සමාපත්තීන් හැර දුරු කොට පරිත්යාග කොට ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ ඇලුණේ පැමිණියේ මොනොවට පැමිණියේ බැසගත්තේ අධිමුක්ත වූයේ නුයි ‘ආකිඤ්චඤ්ඤා නිස්සිතො හිත්වමඤ්ඤං’ යනු වේ.
සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො -- ‘සඤ්ඤාවිමොක්ඛ’ යි සත් සංඥා සමාපත්තීහු කියනු ලැබෙත්. යම් පමණ සංඥාසමාපත්තීහු වෙත් ද, ඔවුනතුරෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්ෂය අග්ර වූයේ ද ශ්රේෂ්ඨ වූයේ ද වෙසෙසින් ශ්රේෂ්ඨ වූයේ ද පාමොක් වූයේ ද උතුම් වූයේ ද ප්රවර වූයේ ද වෙයි. පරමෙ-අග්ර වූ ශ්රේෂ්ඨ වූ වෙසෙසින් ශ්රේෂ්ඨ වූ ප්රධාන වූ උත්තම වූ ප්රවර වූ (සංඥා විමෝක්ෂයෙහි) අධිමුක්තිවිමොක්ෂයෙන් අධිමුක්ත වූයේ එහි ඇලුණේ එහි හැසිරෙනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ එයට නතු වූයේ එයට නැඹුරු වූයේ එය අධිමුක්ත කොට ඇතියේ එය අධිපති කොට ඇත්තේ නුයි ‘සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො’ යනු වේ.
තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී- ‘තිට්ඨෙ නු’ යනු: සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ ‘මෙසේ දෝ හෝ නො වේදෝ හෝ කිමෙක්දෝ හෝ කෙසේදෝ හො’ යි ‘තිට්ඨෙ නු’ යනු වේ. තත්ථ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි, අනානුයායී--වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී’ යනු වේ.
එයින් කීයැ එ බමුණු:
“සබ්බෙසු කාමෙසු -පෙ- තිට්ඨෙ න සො තත්ථ අනානුයායී” යී
6. 4.
(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නොපිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප් සැට දහසක්) සිටුනේ යි.
සබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල අශේෂ කොට නිඃශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු- ‘කාමං’ යනු: උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ ද ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු කාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ... දුරලනලද රාග ඇතියේ නුයි ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො’ යනු වේ.