5. 4.
(බුදුහු මෙසේ වදාළහ:ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි. නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රෙෂ්ඨධර්මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවූ යැ.
නාහං සහිස්සාමි පමොචනාය යනු: මම තා කථංකථාශල්‍යයෙන් මුදන්නට වෙසෙසින් මුදන්නට මුදා පියන්නට වෙසෙසින් මුදාපියන්නට නඟන්නට මැනැවින් නඟන්නට නඟා සිටුවන්නට මැනැවින් නඟාසිටු වන්නට නො හැකි යෙම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. නොහොත් ශ්‍රද්ධා නැති කුශලච්ඡන්‍ද රහිත වූ කුසීත වූ හීනවීර්‍ය්‍ය ඇති පිළිවෙත්හි නො හැසිරෙන පුද්ගලයනට දහම් දෙසනු සඳහා පියෝ නො කෙරෙමි, මැනැවින් පියෝ නො කෙරෙමි, නො සහමී, වෑයම් නො කෙරෙමි, උත්සාහ නො කෙරෙමි, අධිමාත්‍ර වැ උත්සාහ නො කෙරෙමි, තැත් නො කෙරෙමි, ධෛර්‍ය්‍යය නො කෙරෙමි, වීර්‍ය්‍යය නො කෙරෙමි, රුචි නූපදවමි, වෙසෙසින් රුචි නූපදවමි, නො නිපදවමි, වෙසෙසින් නො නිපදවම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.
නොහොත් මුදන අන් කිසිවෙක් නැත, ඉදින් ඔහු මිදෙන්නාහු නම් ස්වකීය ශක්තියෙන් ස්වකීයබලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පෞරුෂයෙන් තුමූ සම්‍යක්ප්‍රතිපත් අනුලෝම ප්‍රතිපත් අවිරුද්ධ ප්‍රතිපත් අන්‍වර්ථ ප්‍රතිපත් ධර්මානුධර්මප්‍රතිපත් පිළිපදනාහු මිදෙන්නාහ’යි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි: “චුන්දය, යමෙක් තෙමේ ගැඹුරු (මහ) මඩෙහි ගැලුණේ ද හෙතෙම ගැඹුරු මඩෙහි ගැලුණු අනෙකක්හු නඟා සිටුවන්නේ යැ යන මෙ කරුණ නො වෙයි. චුන්දය, යමෙක් තෙමේ නො දැමුණේ නො හික්මුණේ කෙලෙස් පිරිනිවනින් නො පිරිනිවියේත් වේ නම් හෙතෙම ඒකාන්තයෙන් අනෙකක්හු දමනය කරන්නේ යැ හික්මවන්නේ යැ පිරිනිවන්නේ යැ යන මෙ කරුණ නො වේ” යයි
මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.
මෙ ද වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
3. “යමක්හු විසින් තමා මැ පව්කම් කරන ලද ද, හෙතෙම සිවු අපාදුක් විඳිනුයේ තෙමේ මැ කෙලෙසෙයි, යළි යමක්හු විසින් තමා පව්කම් නො කරන ලද ද හෙතෙම සුගතියට පැමිණියේ තෙමේ මැ විශුද්ධ වෙයි. කුශලා කුශලකර්‍ම සඞ්ඛ්‍යාත ශුද්ධිය ද අශුද්ධිය ද කාරක සන්තානනයෙහි-තමා කෙරෙහි විවා දනවයි. අනෙකක් අනෙකෙක්හු විශුද්ධ නො කරන්නේ යැ”යි.
මෙසේත් ‘නාහං‘ සහිස්සාමි පමොචනාය’ යනු වේ.
භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි:
“එසෙයින් මැ බමුණු, අමාමහනිවන ඇත් මැයි. (පූර්‍වභාග විදර්ශනාදියෙහි පටන් කොට) නිවනට පමුණුවන ආර්‍ය්‍යමාර්‍ගය ඇත, සමාදන් කරවන (පිළිවෙතැ පිහිටුවන) මම් සිටිම් මැ යැ එතෙකුදු වත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් මැ අත්‍යන්තනිෂ්ඨා වූ නිවන සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. මෙහි ලා බමුණ, (මොවුන් කෙරෙහි) මම් කුම් කෙරෙම් ද බමුණ, තථාගතයෝ පිළිවෙත් මඟ කියන සුල්ලහ, බුදුහු මාර්‍ගය ප්‍රකාශ කෙරෙත්, තුමූ පිළිවෙත්හි පිළිපදිමින් මිදෙන්නාහ”යි.
මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’යනු වේ.