5. 2.
(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි මැ නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව, මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (තුන් ශික්‍ෂා) හික්මෙන්නේ යි.
තෙන හාතප්පං කරොහී යනු: කෙලෙස් තවන වීර්‍ය්‍යය කරව, උත්සාහ කරව, අධිමාත්‍ර උත්සාහ කරව, ස්ථිරවීර්‍ය්‍යය කරව, ධෛර්‍ය්‍යය කරව, වීර්‍ය්‍යය කරව, කර්තුකම්‍යතා කුශලච්ඡන්‍දය උපදව, මොනොවට උපදව, සිහි එළව, මොනොවට සිහි එළව, නිපදව, වෙසෙසින් නිපදව නුයි ‘තෙන හා තප්පං කරොහි’ යනු වේ.
ධොතකා‘ති භගවා යනු: (ධෝතක යනු) බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි යි ‘ධොතකා’ති භගවා’ යනු වේ.
ඉධෙව නිපකො සතෝ යනු: ‘ඉධ’ යි මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යායයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි. නිපකො යනු: භවාඞ්ග ප්‍රඥා ඇත්තේ පණ්ඩිත වූයේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ ඥාන ඇත්තේ විභාවන ප්‍රඥා ඇත්තේ තුලන ප්‍රඥා ඇත්තේ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇත්තේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ...හෙතෙම ‘සතෝ’ යි කියනු ලැබේනුයි ‘ඉධෙව නිපකො සතෝ’ යනු වේ.
ඉතො සුත්‍වාන නිග්ඝොසං යනු: මෙහි මාගේ වචනය වාක්‍යපථය දෙශනය අනුශාසනය අසා අසාගෙන උගෙන ධරා සලකා නුයි ‘ඉතො සුත්‍වාන නිග්ඝොසං’ යනු වේ.
සික්ඛෙ නිබ්බානමත්තනො- ‘ශික්‍ෂා’ යනු: තුන් ශික්‍ෂා යි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්‍රඥාශික්ෂා යි... මේ අධිප්‍රඥා ශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු: තමා ගේ රාගය නිවන පිණිස ද්වේෂය නිවන පිණිස මෝහය නිවන පිණිස ක්‍රෝධය-උපනාහය-නිවන පිණිස... හැම අකුශලාභිසංස්කාරයන්ගේ ශමනය උපශමනය ව්‍යුපශමනය පිණිස නිවීම පිණිස හැරපීම පිණිස ප්‍රතිප්‍රශ්‍රබ්ධිය පිණිස අධිශීලය ද හික්මෙන්නේ යැ අධිචිත්තය ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාව ද හික්මෙන්නේ යැ මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ දනිමින් හික්මෙන්නේ යැ... සාක්ෂාත්කර්තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ ගෙන පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තෙන හාතප්පං කරොහි -පෙ- සික්ඛෙ නිබ්බානමත්තනො” යී.