4. 9.
(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ කී.) මහර්ෂී වූ, මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගනිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින්) නිරුපධි වූ නිර්වාණය මොනවට ප්රකාශ කරන ලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද.
එතාභිනන්දාමි වචො මහෙසිනො, යනු: ‘එතං’ යි: මුඹ වහන්සේ ගේ කියමන, වාක්යපථය දේශනය අනුශාසනය දක්වා කීම පිළිගනිමි, (එයට) සතුටු වෙමි, (එය) අනුමෝදන් වෙමි, ඉස්නෙමි, ඉවසමි, ප්රාර්ත්ථනා කෙරෙමි, ඊප්සා කෙරෙමි, අභිජල්පනය කෙරෙමි. මහෙසිනො යනු: කුමක් හෙයින් බුදුහු මරහ්ෂී වෙත් ද? යත්: මහත් වූ, ශීලස්කන්ධය එෂණ ගවේෂණ පර්ය්යෙෂණ කළාහු නු යි මහර්ෂී හ. ... “නරශ්රෙෂ්ඨයෝ කොහි යැ” යි මහර්ෂී වෙත් නුයි ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’ යනු වේ.
සුකිත්තිතං ගොතම නූපධීකං යනු: ‘සුකිත්තිතං’ යි: මොනොවට ප්රකාශ කරන ලද, මොනොවට කියන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවන ලද, මොනොවට පිහිටුවන ලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට නො ගැඹුරු කරන ලද, මොනොවට පවසන ලද නුයි ‘සුකිත්තිතං’ යනු වේ.
ගොතම නුපධීකං යනු: ක්ලේශයෝ ද, ස්කන්ධයෝ ද, අභිසංස්කාරයෝ ද ‘උපධි’ යයි කියනු ලැබෙති. උපධි ප්රහාණය, උපධි සන්හිඳුවීම, උපධි හැරපීම, උපධි ප්රතිප්රශ්රබ්ද්ධිය අමාමහනිවන නුයි ‘සුකිත්තිතං ගොතම නුපධීකං’ යනු වේ.
අද්ධා හි භගවා පහාසි දුක්ඛං යනු: ‘අද්ධා’ යනු: ඒකාන්ත වචන යැ, නිස්සංශය වචන යැ, නිසැක වචන යැ, අද්වෛධවචන යැ නො දෙහිත් වචන යැ, නියෝග වචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු අර්හත්ඵල සාක්ෂාත් කරණයෙන් උපන් ප්රඥප්තියෙකි. පහාසි දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්යාධි දුක මරණ දුක සෝක-පරිදේව දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලූහ, බැහැර කළහ, විනෝදනය කළහ. විගතාන්ත කළහ, අනු අභාවයට යැවූහු නුයි ‘අද්ධා හි භගවා පහාසි දුක්ඛං’ යනු වේ.
තථා හි තෙ විදිතො එස ධම්මෝ යනු: ඒ එසේ මැ යි, මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද, තුලනය කරන ලද, තීරණය කරන ලද, ප්රකට කරන ලද, විභාවනය කරන ලද නුයි ‘තථා හි තෙ විදිතො එස ධම්මෝ’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“එතාභිනන්දාමි වචො මහෙසිනො -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
4. 10.
මුනි වූ සර්වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැවි.
තෙචා’පි නූනපජහෙය්යු දුක්ඛං යනු: ‘තෙචා’පි’ යනු: ක්ෂත්රියයෝ ද බ්රාහ්මණයෝ ද වෛශ්යයෝ ද ශුද්රයෝ ද ගෘහස්ථයෝ ද ප්රව්රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. පජහෙය්යු දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්යාධි දුක මරණ දුක සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලන්නාහ, බැහැර ලන්නාහ, විගතාන්ත කරන්නාහ, අනුඅභාවයට යවන්නාහු’ යි ‘තෙචා’පි නූනපජහෙය්යු දුක්ඛං’ යනු වේ.