4. 8.
මෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැර පියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත් මෙ අත්බැව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.
එවං විහාරී සතෝ අප්පමත්තො යනු: එවං විහාරී යි: නන්දිය ත් නිවෙශනය ත් අභිසංස්කාර සහගත විඥානය ත් කර්මභවය ත් ප්රතිසන්ධික පුනර්භවය ත් හැරපියනුයේ දුරු කරනුයේ විහතාන්ත කරනුයේ අනුඅභාවයට යවනුයේ නුයි ‘එවං විහාරී’ යනු වේ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් .. හේ ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබෙයි. අප්පමත්තො යනු: කුසල් දහම්හි සකසා කරනුයේ සතත භාවයෙන් කරනුයේ නො නැවැත කරනුයේ නො හැකුළුණු පැවැතුම් ඇතියේ නො තැබූ ඡන්දය ඇතියේ නො තැබූ වීර්ය්ය ධුර ඇතියේ අප්රමත්ත වූයේ ‘කිසෙයින් මම් නො පිරිපුන් ශීලස්කන්ධය පුරම් දෝ හෝ පිරිපුන්ශීලස්කන්ධය හෝ ඒ ඒ තන්හි ප්රඥායෙන් අනුග්රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්යතා කුශලච්ඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්ය්යයෙක් ස්මෘතියෙක් සම්ප්රඥානයෙක් කෙලෙස් තවන වීර්ය්යයෙක් ප්රධන් වීර්ය්යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්රමාදයෙක් වේ ද, කිසෙයින් මම් නො පිරිපුන් සමාධිස්කන්ධය ... ප්රඥාස්කන්ධය... විමුක්තිස්කන්ධය... විමුක්තිඥානදර්ශනස්කන්ධය පුරම් දෝ හෝ පිරිපුන් විමුක්තිඥානදර්ශනස්කන්ධය හෝ ඒ ඒ තන්හි ප්රඥායෙන් අනුග්රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්යතා කුශලච්ඡන්දයෙක් ව්යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්ය්යයෙක් ස්මෘතියෙක් සම්ප්රඥානයෙක් කෙලෙස් තවන වීර්ය්යයෙක් ප්රධන් වීර්ය්යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්රමාදයෙක් වේ ද, කිසෙයින් මම් අපරිඥාත වූ දුඃඛය ඥාතපරිඥායෙන් දැනගනිම් දෝ හෝ නො පුහුන් කෙලෙස් හෝ ප්රහාණය කෙරෙම් දෝ හෝ නො වැඩූ මාර්ගය හෝ වඩම් දෝ හෝ නො පසක් කළ නිරෝධය හෝ පසක් කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් ඡන්දයෙක් ව්යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්ය්යයෙක් ස්මෘතියෙක් සම්ප්රඥානයෙක් කෙලෙස් තවන වීර්ය්යයෙක් ප්රධන් වීර්ය්යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්රමාදයෙක් වේ ද, එයින් යුක්ත නුයි ‘එවං විහාරී සතෝ අප්පමත්තො’ යනු වේ.
භික්ඛු චරං හිත්වා මමායිතානි යනු: ‘භික්ඛු’ යි: පෘථග්ජන කල්යාණක මහණ හෝ වෙයි, ශෛක්ෂ මහණ හෝ වෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ. මමායිතානි යනු: තෘෂ්ණාමමත්ව ද, දෘෂ්ටිමමත්ව දැ යි මමත්ව දෙකෙකි... මේ තෘෂ්ණා මමත්ව යැ... මේ දෘෂ්ටි මමත්ව යැ. තෘෂ්ණාමමත්වය හැරපියා දෘෂ්ටිමමත්වය දුරු කොට මමත්වයන් බැහැර කොට හැරපියා වෙසෙසින් බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පත් කොට නුයි ‘භික්ඛු චරං හිත්වා මමායිතානි’ යනු වේ.
ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්ය දුක්ඛං යනු: ‘ජාති’ යි: ඒ ඒ සත්ත්වයන්ගේ යම් ... ජරං යි: ඒ ඒ සත්ත්වයන්ගේ යම් ... සොකො යි: ඥාති ව්යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... පරිදෙවො යනු: ඥාතිව්යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... ඉධ යනු: මේ දෘෂ්ටියෙහි... මේ මිනිස් ලොවැ. විදවා යනු: ත්රිවිද්යාවට පැමිණියේ නැණැත්තේ විමසුම් නුවණැත්තේ තුලිතප්රඥා ඇත්තේ මෙහි මැ ජාතිය ත් ජරාව ත් සෝකයත් පරිදේවය ත් යන දුක බැහැර කරන්නේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට යවන්නේ නුයි ‘ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්ය දුක්ඛං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එවං විහාරී සතෝ අප්පමත්තො -පෙ- ඉධෙව විදවා පජහෙය්ය දුක්ඛං” යි.
4. 9.
(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ කී.) මහර්ෂී වූ, මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගනිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින්) නිරුපධි වූ නිර්වාණය මොනවට ප්රකාශ කරන ලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද.
එතාභිනන්දාමි වචො මහෙසිනො, යනු: ‘එතං’ යි: මුඹ වහන්සේ ගේ කියමන, වාක්යපථය දේශනය අනුශාසනය දක්වා කීම පිළිගනිමි, (එයට) සතුටු වෙමි, (එය) අනුමෝදන් වෙමි, ඉස්නෙමි, ඉවසමි, ප්රාර්ත්ථනා කෙරෙමි, ඊප්සා කෙරෙමි, අභිජල්පනය කෙරෙමි. මහෙසිනො යනු: කුමක් හෙයින් බුදුහු මරහ්ෂී වෙත් ද? යත්: මහත් වූ, ශීලස්කන්ධය එෂණ ගවේෂණ පර්ය්යෙෂණ කළාහු නු යි මහර්ෂී හ. ... “නරශ්රෙෂ්ඨයෝ කොහි යැ” යි මහර්ෂී වෙත් නුයි ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’ යනු වේ.