4. 7.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) (අනාගත කාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමානකාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල උද්ධාදි ධර්‍මයෙහි තෘෂ්ණාව ද දෘෂ්ටිනිවෙශනය ද අභිසංස්කාරවිඥානය ද දුරු කරව, දුරු කොට (දෙවැදෑරුම්) භවයෙහි නො සිටිනේ යි.
යං කිඤ්චි සම්පජානාසි යනු: දන්නෙහි වෙසෙසින් දන්නෙහි ප්‍රකර්‍ෂයෙන් දන්නෙහි මොනොවට දන්නෙහි සිතින් අවබෝධ කරන්නෙහි නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’ යනු වේ. මෙත්තගූ’ති භගවා යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති. භගවා යනු: ගෞරවනාමයෙකි ... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියක් නුයි ‘මෙත්තගූ’ති භගවා’ යනු වේ.
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ යනු: ‘උද්ධං’ යනු අනාගත යැ, ‘අධෝ’ යනු අතීත යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්‍තමාන යැ. උද්ධං යනු දිව්‍ය ලෝක යැ. අධෝ යනු නිරය ලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලොක යැ. නොහොත් උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශල ධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘතධර්‍මයෝ යැ. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යැ. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුක්ඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අදුක්ඛමසුඛවෙදනා යැ. උද්ධං යනු පාතෙලෙන් උඩ, අධෝ යනු කෙස්මතුයෙන් යට, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු දෙ මැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ යනු: එතෙසු යනු: කියන ලද, දෙසන ලද, පනවන ලද, පිහිටුවන ලද, විවර කරන ලද, විභාග කරන ලද, නො ගැඹුරු කරන ලද, ප්‍රකාශ කරන ලද ධර්‍මයන්හි තෘෂ්ණැව ‘නන්දි’ යයි කියනු ලැබෙයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද, එය යි. නිවෙසනං යනු: නිවෙශන දෙකෙකි: තෘෂ්ණා නිවෙශන ද දෘෂ්ටි නිවෙශන දැ’යි. තෘෂ්ණා නිවෙශන කවරැ යත්: යම්තාක් තෘෂ්ණා කොට්ඨාසයෙන් ... මේ තෘෂ්ණා නිවෙශන යැ. දෘෂ්ටි නිවෙශන කවරැ යත්: විංශද්වස්තුක වූ සත්කාය දෘෂ්ටි යැ ... මේ දෘෂ්ටි නිවෙශන යි. පනුජ්ජ විඤ්ඤාණං යනු: පුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානයැ අපුණ්‍යාභි සංස්කාර සහගත වූ විඥානයැ ආනෙඤ්ජාභිසංස්කාර සහගත වූ විඥාන යි. තෙල දහම්හි නන්දියත් නිවෙශනයත් අභිසංස්කාර සහගත වූ විඥානයත්, හැරපියව, අතිශයින් හැරපියව, සිඳුව, අතිශයින් සිඳුව, හරුව, දුරු කරව, විගතාන්ත කරව, අනු අභාවයට යව නුයි ‘එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං’ යනු වේ.
භවෙ න තිට්ඨෙ යනු: ‘භවා’ යනු භව දෙදෙකි: කර්‍මභවය ද ප්‍රතිසංන්ධි සංඛ්‍යාත පුනර්‍භවය දැ යි. කර්‍මභවය කවරැ යත්: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ කර්‍මභව නම් වෙයි. ප්‍රතිසන්ධිසංඛ්‍යාත පුනර්‍භවය කවරැ යත්: ප්‍රතිසන්ධියෙහි වූ රූප යැ වේදනා යැ සංඥා යැ සංස්කාර යැ විඥාන යැ යන යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, මේ ප්‍රතිසන්ධික පුනර්‍භවය වේ. භවෙ න තිට්ඨෙ යනු: නන්‍දියත් නිවෙශනයත් අභිසංස්කාර සහගත විඥානයත් කර්මභවයත් ප්‍රතිසන්ධික පුනර්භවයත් හැරපියනුයේ දුරු කරනුයේ විගතාත්න කරනුයේ අනු අභාවයට පත් කරනුයේ කර්මභවයෙහි නො සිටුනේ යැ ප්‍රතිසන්ධික පුනර්‍භවයෙහි නො සිටුනේ යැ මොනොවට නො සිටුනේ යැ නුයි ‘පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි සම්පජානාසි -පෙ- පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ” යී.