4. 6.
මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේගේ ඒ (ධර්මද්යොතක) වචනය ද රුස්මි. උත්තම වූ ඒ ධර්මය ද රුස්මි.
තඤ්වාහං අභිනන්දාමි යනු: තං’ යනු, මුඹ වහන්සේ ගේ කියමන වාක්යපථය දේශනය අනුශාසනය අනුශාසනිය. නන්දාමි යනු: සතුටු වෙමි, මුදිත වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, ඉවසමි, අයදිමි, ප්රාර්ත්ථනා කෙරෙමි, ඉස්නෙමි, අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්දාමි’ යනු වේ.
මහේසි ධම්මමුත්තමං යනු: බුදුහු මහර්ෂී යැ: මහත් වූ ශීලස්කන්ධය එෂණ - ගවේෂණ - පර්ය්යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සමාධි ස්කන්ධය- මහත් වූ ප්රඥා ස්කන්ධය- මහත් වූ විමුක්තිස්කන්ධය- මහත් වූ විමුක්තිඥාන දර්ශනස්කන්ධය එෂණ ගවේෂණ පර්ය්යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ,
මහත් වූ තමස්කායයාගේ ප්රදාලනය, මහත් වූ විපර්ය්යාසයා ගේ බිඳීම, මහත් වූ තෘෂ්ණාශල්යය ඉදිරීම, මහත් වූ දෘෂ්ටිසංඞ්ඝාටය ලිහීම, මහත් වූ මානඩ්වජය ලිහලීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම, මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ (කෙලෙස්) තැවුලිය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්මධ්වජය එසැවීම එෂණ ගවේෂණ පර්ය්යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සතිපට්ඨානයන්- මහත් සම්යක් ප්රධානයන්- මහත් ඍද්ධිපාදයන්- මහත් ඉන්ද්රියයන්- මහත් බලයන්- මහත් බෝධ්යඞ්ගයන්- මහත් වූ ආර්ය්යඅෂ්ටාංගිකමාර්ගය- මහත් වූ පරමාර්ත්ථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්ය්යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ. නොහොත් මහේශාඛ්ය වූ සත්ත්වයන් විසින් ‘කොහි යැ බුදුහු, කොහි යැ භාග්යවත්හු, කොහි යැ දෙවියනට දෙවිවූවෝ, කොහි යැ නර ශ්රෙෂ්ඨයෝ ය’යි එෂිත ගවෙෂිත පර්ය්යෙෂිත නුයි ‘මහේසි’ යනු වේ.
ධම්මමුත්තමං යනු: අමාමහනිවන ‘උතුම් දහමැ’යි කියනු ලැබෙයි: යමක් හැම සංස්කාරයන්ගේ සන්හිඳීම හැම උපධීන්ගේ හැරපීම තෘෂ්ණාක්ෂය විරාගය නිරෝධය නිවන වේ ද, එය යි. උත්තමං යනු: අග්ර වූ ශ්රේෂ්ඨ වූ අතිශයින් ශ්රේෂ්ඨ වූ ප්රමුඛ වූ උතුම් වූ ප්රවර වූ දහම නුයි ‘මහෙසිධම්මමුත්තමං’ යනු වේ.
යං විදිත්වා සතෝ චරං යනු විදිත (දන්නාලද) කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’යි-‘හැම ධර්මයෝ අනාත්මහ’යි... යම් කිසිවක් සමුදය ස්වභාවය ඇත් නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූයේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ, වේදනාවන්හි-චිත්තයෙහි-ධර්මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ... හෙතෙම ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබේ. චරං යනු: හැසිරෙනුයේ වෙසෙනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ රැකෙනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්වා සතෝ චරං’ යනු වේ.