4. 5.
(බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය), ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්රත්යක්ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්වාණධර්මය ද නිර්වාණගාමිනී ප්රතිපද් ධර්මය ද තොපට ප්රකාශ කරන්නෙමි.”
කිත්තයිස්සාමි තෙ ධම්මං යනු: ආදිකල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යවසානකල්යාණ වූ (අර්ත්ථසම්පත්තියෙන්) සාර්ත්ථ වූ (ව්යඤ්ජන සම්පත්තියෙන්) සව්යඤ්ජන වූ කේවල (සකල) පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්ය යැ. සතර සීවටන් යැ සතර සම්යක්ප්රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්ද්රිය යැ පඤ්චබල යැ සප්තබෝධ්යඞ්ග යැ ආර්ය්ය අෂ්ටාඞ්ගික මාර්ග යැ යළි නිර්වාණය ද නිර්වාණගාමිනීප්රතිපදාව ද කීර්තනය කරන්නෙමි ප්රකාශ කරන්නෙමි, දෙසන්නෙමි, පනවන්නෙමි, පිහිටුවන්නෙමි, විවෘත කරන්නෙමි, විභාග කරන්නෙමි, නො ගැඹුරු කරන්නෙමි, පවසන්නෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ ධම්මං’ යනු වේ. මෙත්තගූ’ති භගවා යනු: බුදුහු එ බමුණු නමින් අමතත්.
දිට්ඨෙ ධම්මේ අනිතීහං යනු: ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නාලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්රකට වූ දහම්හි වැඩූ දහම්හි, ‘හැම සංස්කාරයෝ අනිත්යහ’ යි...යම් කිසි සමුදය ධර්මයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරනලද දහම්හි ප්රකට වූ දහම්හි වැඩූ දහම්හි නුයි මෙසේ ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් දුක (ලක්ෂණ රස සහිත වැ) දක්නා ලද කල්හි දුක කියන්නෙමි.
සමුදය දක්නාලද කල්හි සමුදය කියන්නෙමි, මාර්ගය දක්නා ලද කල්හි මාර්ගය කියන්නෙමි, නිරෝධය දක්නා ලද කල්හි නිරෝධය කියන්නෙම්, නුයි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් මෙ අත්බැව්හි තමා විසින් දැක්ක යුතු යැ කල් නො යවා පල දෙන්නේ යැ ‘එව බලව’ යන විධියට නිසි යැ තමන් තමන් සිත්හි එළවීමට නිසි යැ නුවණැතියන් විසින් තමන් තමන් සිත්හි ලා දතයුතු යැ’ යි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනිතීහං යනු: ‘මෙසේ මෙසේ ලැ’යි නො වැ ‘මෙසේ වී ලැ’ යි නො වැ පරම්පරාකථාවෙන් නො වැ පිටකසම්පදායෙන් නො වැ තර්කහේතුවෙන් නො වැ න්යායහේතුවෙන් නො වැ (මේ මැනැ වැ යි) ආකාර සැලැකීමෙන් නො වැ අප විසින් විමසා ගන්නා ලද දෘෂ්ටිය හා සම යයි නො වැ තුමූ මැ තමන්මැ තමන් විසින් අවබෝධ කළ තමහට ප්රත්යක්ෂ වූ ධර්ම යැ, එය කියන්නෙම් නුයි ‘දිට්ඨෙ ධම්මේ අනිතීහං’ යනු වේ.
යං විදිත්වා සතෝ චරං යනු: යමක් විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි- ‘හැම දහම්හු අනිත්ය’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතො යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ ......හේ ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ, පාලනය කරනුයේ යාපනය කරනුයේ යැපෙනුයේ නුයි ‘යං විදිත්වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: තෘෂ්ණාව ‘විසත්තිකා’ යි කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ..... අභිධ්යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: විඍත වන හෙයින් විසත්තිකා යැ, විශාල වන හෙයින් විසත්තිකා යැ, විඍෂ්ට වන හෙයින් විසත්තිකා යැ, විශේෂයෙන් සහ්ය (සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ; වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛ විෂය එළවන හෙයින් හෝ විසත්තිකා යැ (අනිත්යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ, විෂමූල හෙයින් විසත්තිකා යැ විෂඵල හෙයින් විසත්තිකා යැ විෂපරිභොග හෙයින් විසත්තිකා යැ, යළි විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රසයෙහි ස්ප්රෂ්ටව්යයෙහි, කුලයා කෙරෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්රශංසායෙහි සුඛයෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ගිලානප්රත්යයෙහි, කාමධාතුයෙහි රූප ධාතුයෙහි, අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි