4. 1.
(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි) භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි මෙය වදාළ මැන, මුඹ වහන්සේ ඥාන-වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම්කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
පුච්ඡාමි තං භගවා බ්රෑහිමෙතං යනු: ‘පුච්ඡා’ යනු: පෘච්ඡා තුනෙකි: අදිට්ඨජොතනා පුච්ඡා යැ දිට්ඨසංසන්දනා පුච්ඡා යැ විමතිච්ඡෙදනා පුච්ඡා යි.
අදිට්ඨජොතනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්මයන්ගේ තථ ලක්ෂණය නොදන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්රකට නො වූ සිතින් නො වඩන ලද වෙයි, ඒ ධර්මයාගේ ලක්ෂණ ඥානය පිණිස දර්ශනය පිණිස තුලනය පිණිස තීරණය පිණිස පාළ වීම පිණිස විභාවනය පිණිස ප්රශ්න විචාරයි. මේ අදිට්ඨජොතනා පුච්ඡා යැ.
දිට්ඨසංසන්දනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්මයන්ගේ තථලක්ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්රකට වූ විභාවන කරන ලද වෙයි. (ඒ ධර්මයන්ගේ ලක්ෂණය) අන්ය පණ්ඩිතයන් හා සමග සසඳනු සඳහා පැන පුළුවුසී. මේ දිට්ඨසංසන්දනා පුච්ඡා යැ.
විමතිච්ඡෙදනා පුච්ඡා කවරැ යත්: පියවින් සැකයට පැමිණියේ විමතියට පැමිණියේ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි දෙසිත් බවට පැමිණියේ වෙයි, හෙතෙම විමති සිඳුනා සඳහා පැන පුළුවුසී. මේ විමතිච්ඡෙදනා පුච්ඡා යැ. මේ තුන් පෘච්ඡා යි.
අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: මනුෂ්ය පෘච්ඡා යැ අමනුෂ්ය පෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යි.
මනුෂ්යපෘච්ඡා කවරැ යත්: මනුෂ්යයෝ භාග්යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, භික්ෂූහු පුළුවුස්ති, භික්ෂුණීහු පුළුවුස්ති, උවසුවෝ පුළුවුස්ති, උවැසියෝ පුළුවුස්ති, රජදරුවෝ පුළුවුස්ති ක්ෂත්රියයෝ පුළුවුස්ති බ්රාහ්මණයෝ පුළුවුස්ති, වෛශ්යයෝ පුළුවුස්ති, ශුද්රයෝ පුළුවුස්ති, ගැහැවියෝ පුළුවුස්ති, පැවිද්දෝ පුළුවුසිත්. මේ මනුෂ්යපෘච්ඡා යැ.
අමනුෂ්ය පෘච්ඡා කවරැ යත්: අමනුෂ්යයෝ භාග්යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති. නාගයෝ පුළුවුස්ති, සුපර්ණයෝ (ගුරුළෝ) පුළුවුස්ති, යක්ෂයෝ පුළුවුස්ති, අසුරයෝ පුළුවුස්ති, වරම්රජදරුවෝ පුළුවුස්ති, ඉන්ද්රයෝ පුළුවුස්ති, බ්රාහ්මයෝ පුළුවුස්ති, දෙවියෝ පුළුවුසිත්. මේ අමනුෂ්ය පෘච්ඡා යැ.
නිර්මිතපෘච්ඡා කවරැ යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල වූ ඉඳුරන් ඇති යම් රුවක් මවත් ද ඒ මැවුණු බුහුදු භාග්යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳත්. මේ නිර්මිත පෘච්ඡා යැ මේ තුන් පෘච්ඡා යි.
අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: ආත්මාර්ත්ථ පෘච්ඡා යැ පරාර්ථ පෘච්ඡා යැ උභයාර්ත්ථ පෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: දෘෂ්ටධාර්මිකාර්ථ පෘච්ඡා යැ සාම්පරායිකාර්ථ පෘච්ඡා යැ පරමාර්ථපෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: අනවද්යාර්ථපෘච්ඡා යැ නික්ලෙශාර්ථ පෘච්ඡා යැ ව්යවදානාර්ථපෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: අතීත පෘච්ඡා යැ අනාගත පෘච්ඡා යැ ප්රත්යුත්පන්න පෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: අධ්යාත්මපෘච්ඡා යැ බාහ්යපෘච්ඡා යැ අධ්යාත්මබාහ්ය පෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: කුශල පෘච්ඡා යැ අකුශල පෘච්ඡා යැ අව්යාකෘත පෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: ස්කන්ධපෘච්ඡා යැ ධාතුපෘච්ඡා යැ ආයතන පෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: සතිපට්ඨාන පෘච්ඡා යැ සම්යක් ප්රධානපෘච්ඡා යැ ඍද්ධිපාද පෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: ඉන්ද්රිය පෘච්ඡා යැ බලපෘච්ඡා යැ බොධ්යඞ්ගපෘච්ඡා යි. අන්ය වූ ද තුන් පෘච්ඡායෙකි: මාර්ග පෘච්ඡා යැ ඵල පෘච්ඡා යැ නිර්වාණ පෘච්ඡා යි.
පුච්ඡාමි තං: මුඹ වහන්සේ පුළුවුස්මි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අද්ධ්යෙෂණ කෙරෙමි මුඹ වහන්සේ පහදවමි ‘මට වදාළ මැනැවැ’යි ‘පුච්ඡාමි තං’ යනු වේ.
භගවා යනු: තෙල ගෞරවනාමයෙකි ... යම් භගවත් යන නමෙක් වී නම් තෙල අර්හත්ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් නු’යි ‘පුච්ඡාමි තං භගවා’ යනු වේ. බ්රෑහි මෙතං: වදාළ මැනැව ප්රකාශ කළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්රකට කළ මැනැව ප්රකාශ කළ මැනැව’යි ‘පුච්ඡාමි තං භගවා බ්රෑහිමෙතං’ යනු වේ. ඉච්චායස්මා මෙත්තගූ-යනු: ඉච්ච යනු පදසන්ධි යැ... ‘ඉච්චායස්මා මෙත්තගූ’ යනු වේ.
මඤ්ඤ මි තං වෙදගුං භාවිතත්තං: මුඹ වහන්සේ ‘වේදයාගේ අන්තයට පැමිණියාහ’යි හඟිමි, මුඹ වහන්සේ භාවිතාත්මහ’යි හඟිමි, මෙසේ දනිමි, මෙසේ හාත්පසින් දනිමි, මෙසේ වෙසෙසින් දනිමි, මෙසේ ඒ ඒ කරුණු නිසා වෙසෙසින් දනිමි, මෙසේ ප්රතිවේධ කෙරෙමි. ‘වේදගූ භාවිතත්තො’යී කිසෙයින් බුදුහු වේදගූ වූහ යත්: ‘වෙද’ යී සතර මාර්ග ඥානය කියනු ලැබෙයි, යම් ප්රඥාවක් ප්රඥේන්ද්රියයෙක් ප්රඥාබලයෙක් ... ධර්මවිචයසම්බෝධ්යඞ්ගයෙක් වීමංසායෙක් විදර්ශනායෙක් සම්යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු ඒ ප්රඥාසඞ්ඛ්යාත වෙදයන්ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට ගියහ,