3. 3.
(ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි.) “මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹවහන්සේ විචාරමි. භාග්යවතුන් වහන්ස තෙල කරුණ මට වදාළ මැනැවි යි.”
යෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: කෙචි යනු... කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා යනු: කච්චි සු යි: “මෙසේ දෝ හෝ නෙ වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ හෝ හො”යි සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සා පෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා නුයි “කච්චි සු” යනු වේ. තෙ යි යඥ යාජකයෝ කියනු ලැබෙති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භාග්යවත්’ යනු සාක්ෂාත් ප්රඥප්ති නුයි ‘කච්චි සු තෙ භගවා’ යනු වේ. යඤ්ඤපථෙ අප්පමත්තා යනු: යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබෙයි. යම්සේ ආර්ය්යමාර්ගය ආර්ය්යපථ වේ ද, දෙවමාර්ගය දෙවපථ වේ ද, බ්රහ්මමාර්ගය බ්රහ්මපථ වේ ද, එසෙයින් මැ යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබේ. අප්පමත්තා යනු: යම් කෙනෙකුන් යඥපථයෙහි අප්රමත්ත වූවාහු සකසා කරන්නාහු සතතයෙන් කරන්නාහු නො නැවැත කරන්නාහු නො හැකුළුණු පැවැතුම් ඇත්තාහු නො හළ ඡන්දය ඇත්තාහු නො හළ වීර්ය්යධුර ඇත්තාහු එහි හැසිරෙන්නාහු එය බහුල කොට ඇත්තාහු එය ගුරු කොට ඇත්තාහු එයට නැමුණු හු එයට අතිශයින් නැමුණ හු එයට නැඹුරු වූවාහු එහි අධිමුක්ත වූවාහු (බැඳුණාහු) එය අධිපති කොට ඇත්තාහු නුයි ඔහු දු යඥපථයෙහි අප්රමත්ත වූවාහු වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන වස්ත්ර යාන මල්ගඳ විලෙවුන් යහන්ගේ පහන්තෙල් යන දේයධර්මය කැමැති වෙත් ද සොයත් ද හැම අයුරින් කැමැති වෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්රමත්ත වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්මය සකස්කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද ඔහු දු යඥපථයෙහි අප්රමත්තයෝ යැ. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්මය දෙත් ද යදිත් ද, පරිත්යාග කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්රමත්තයහ’යි ‘කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමතතා’ යනු වේ.
අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: ජාති ජරාමරණය තරණය කළහ, උත්තරණය කළහ, ප්රකර්ෂයෙන් තරණය කළහ, ඉක්මවූහ, ව්යතික්රමණය කළහ. මාරිස යනු: තෙල ‘මාරිස’ යි ප්රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්රතිශ්රය වචන නුයි ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං යනු: ‘පුච්ඡාමි තං’ යි: මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්යෙෂණ කරමි, මුඹ වහන්සේ පහදවමි මට වදාළ මැනැවැ යි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: මේ ‘භගවා’ යි ගෞරවනාමයෙකි ... සාක්ෂාත් ප්රඥප්තියෙකි. බ්රෑහි මෙතං යනු: කිව මැනැව ප්රකාශ කළ මැනැව දෙසුව මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව පැවසුව මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං’ යනු වේ.
එයින් කීයැ ඒ බමුණු:
“යෙ කෙචි’ මෙ ඉසයො මනුජා ... පුච්ඡාමි තං භගවා බ්රෑහි මෙතං” යී.
3. 4.
(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) (ඔහු රූප ප්රතිලාභාදිය) ප්රාර්ත්ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති. (රූපාදි) ලාභය පිණිස පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැව’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසර දුක) තරණය නො කළාහ’යි කියමි”යි.
ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති යනු: ‘ආසිංසන්ති’ යනු: රූප ප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, ශබ්දප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, ගන්ධප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, රසප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, ස්ප්රෂ්ටව්යප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, පුත්රප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, දාරප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, ධනප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, යශස්ප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, ඓශ්චර්ය්යප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, ක්ෂත්රියමහාසාරකුලයෙහි ආත්මභාවප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, බ්රාහ්මණමහාසාරකුලයෙහි ... ගෘහපතිමහාසාර කුලයෙහි ආත්මභාවප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, චාතුර්මහාරාජික දෙවියන් කෙරෙහි ... බ්රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්රතිලාභය ප්රාර්ත්ථනා කෙරෙති, කැමැති වෙති, ඉවසති, පතති, ඊප්සා කෙරෙත් නුයි ‘ආසිංසන්ති’ යනු වේ.
ථොමයන්ති යනු: දානය හෝ වර්ණනා කෙරෙති, (රූපාදිප්රතිලාභ) ඵලය හෝ වර්ණනා කෙරෙති, දක්ෂිණාර්හයන් හෝ වර්ණනා කෙරෙත්. කිසෙයින් දානවර්ණනා කෙරෙත් ද යත්: පිරිසිදු කොට දෙන ලද්ද, මන වඩනු කොට දෙන ලද්ද, ප්රණීත කොට දෙන ලද්ද, යෝග්ය කාලයෙහි දෙන ලද්ද, කැප කොට දෙන ලද්ද, විමසා දෙන ලද්ද, නිදොස් කොට දෙන ලද්ද, එක්වන් දෙන ලද්ද, දෙමින් පහදවන ලද සිත ථොමනය කෙරෙති, කීර්තනය කෙරෙති, වණති, පසසත් නුයි මෙසෙයින් දානය දානවර්ණනා කෙරෙත්.