3. 2.
(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙ ලොවැ මේ ඍෂිහු යැ මනුෂ්යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක) නිසා මේ මනුෂ්යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත් යයි.
යෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: ‘යෙ කෙචි’ යනු: තෙල. ‘යෙ කෙචි යසු සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි. ඉසයො යනු ‘ඍෂි’ නම් ඇති යම් කිසි ඍෂි ප්රව්රජ්යායෙන් පැවිදි වූ ආජිවකයෝ, නිර්ග්රන්ථයෝ, ජටිලයෝ තාපසයො. ‘මනුජ’ යි මනුෂ්යයෝ කියනු ලැබෙත් නුයි ‘යෙ කෙචි මෙ ඉසයො මනුජා පුණ්ණකා ’ති භගවා’ යනු වේ.
ඛත්තියා බ්රාහ්මණ දෙවතානං යනු: ‘ඛත්තියා’ යි ක්ෂත්රියජාති ඇති යම් කිසි කෙනෙක්. බ්රාහ්මණා යනු: භොවාදික වූ යම් කිසි කෙනෙක්. දෙවතානං යනු: ආජීවකශ්රාවකයන්ට ආජීවකයෝ දේවතා යැ’ ....... දිග්ව්රත ඇතියනට දිශාවෝ දේවතා යැ, යම් කෙනෙක් යම් කෙනකුන්හට දක්ෂිණාර්භ වෙත් ද ඔහු ඔවුනට දේවතා යැ’යි ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යනු වේ.
යඤ්ඤමකප්පයිංසු පුථුධ ලෝකේ යනු: ‘යඤ්ඤ’ යි දේයධර්මය කියනු ලැබෙයි. සිවුරු පිඬුවා... යහන්ගේ පහන්තෙලි. යඤ්ඤමකප්පයිංසු යනු: යම් කෙනෙකුත් යඥය එෂණ-ගවේෂණ-පර්ය්යෙෂණ කෙරෙත් ද, ...යහන්ගේ පහන්තෙලි. ඔහු දු යඥ කෙරෙත්. පුථු යනු: තෙල යඥයෝ හෝ බොහෝ වෙති, තෙල යඥ යාජකයෝ හෝ බොහෝ වෙති, තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙති.... මෙසෙයින් තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත්. ඉධ ලෝකේ යනු: මනුෂ්යලොකයෙහි නුයි ‘යඤ්ඤමකප්පයිං සු පුථූධ ලෝකේ’ යනු වේ.
ආසිංසමානා පුණ්ණක ඉත්ථභාවං යනු: ආසිංසමානා යනු රූපප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු ශබ්දප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු ගන්ධප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු රසප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු ස්ප්රෂ්ටව්යප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු පුත්රප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු දාරප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු ධනප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු යශස්ප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු ඓශ්චර්ය්ය ප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු ක්ෂත්රියමහාසාරකුලයෙහි ආත්මභාවප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු බ්රාහ්මණමහාසාරකුලයෙහි ආත්මභාවප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු ගෘහපතිමහාසාරකුලයෙහි ආත්මභාව ප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු
සිව්මහරද දෙවියන් කෙරෙහි ආත්මභාව ප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු තව්තිසා දෙවියන් කෙරෙහි ... යාම දෙවියන් කෙරෙහි... තුෂිත දෙවියන් කෙරෙහි ... නිර්මාණරතී දෙවියන් කෙරෙහි... පරනිර්මිතවසවර්ති දෙවියන් කෙරෙහි... බ්රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්රතිලාභය ප්රාර්ත්ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘ආසිංසමානා’ යනු වේ. පුණ්ණක ඉත්ථභාවං යනු: මෙහි ආත්මභාවයාගේ පහළවීම ප්රාර්ත්ථනා කරන්නාහු මෙහි ක්ෂත්රිය මහාසාර කුලයෙහි ආත්මභාවයා ගේ පහළ වීම ප්රාර්ත්ථනා කරන්නාහු... මෙහි බ්රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවයාගේ පහළවීම ප්රාර්ත්ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි. ‘ආසිංසමානා පුණ්ණක ඉත්ථභාවං’ යනු වේ.
ජරං සිතා යඤ්ඤමකප්පයිංසු යනු : ජරාදුක ඇසිරි කළාහු ව්යාධි දුක ඇසිරි කළාහු මරණ දුක ඇසිරි කළාහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක ඇසිරි කළාහු... යම් කලෙක්හි මැ ඔහු ජාතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ව්යාධිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ව්යාධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු උත්පත්තිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි ම, ඔහු උත්පත්තිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ප්රතිසන්ධිය ඇසිරි කළාහු යැ. යම් කලෙක්හි මැ ඔහු ප්රතිසන්ධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු භවය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු භවය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු වෘත්තය ඇසිරි කළාහු යැ වැළඳ ගත්තාහු යැ (සසරට) එළඹියාහ පිවිසුණාහු යැ අධිමුක්ත වූවාහු නුයි ‘ජරං සිතා යඤ්ඤමකප්පයිංසු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙ කෙචි මේ ඉසයො මනුජා -පෙ- ජරං සිතා යඤ්ඤමකප්පයිංසු” යි.