3. 1.
(ආයුෂ්මත් පූර්ණක මෙසේ විචාරයි,) තෘෂ්ණා රහිත වූ (එහෙයින් අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශලමූලාදිය දක්නාසුලු වූ භාග්යවතුන් වහන්සේ කරා ප්රශ්නයෙන් ප්රයෝජන ඇත්තමෝ ආම්හ. මෙ ලොවැ ඍෂිහු යැ මනුෂ්යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්මය පර්ය්යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.
අනෙජං මූලදස්සාවිං යනු: ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්යායෙක් ලෝභ සඞ්ඛ්යාත අකුශල මූලයෙක් වේ ද, ඒ එජාව තෘෂ්ණාව භාග්යවත් බුදුන්ට ප්රහීණ යැ උදුරාහළ මුල් ඇත්තී යැ (මුදුන්/සුන්) තල්රුකක් සෙයින් අවාස්තුක කරන ලද යැ අනු අභාවය කරන ලද යැ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී යැ එහෙයින් බුදුහු අනෙජ නම් වෙති, එජාව ප්රහීණ බැවින් අනෙජ යැ, භාග්යවත්හු ලාභයෙහි දු නො සැලෙති, අලාභයෙහි දු නො සැලෙති, යශස්හි දු නො සැලෙති, අයශස්හි දු නො සැලෙති, ප්රශංසායෙහි දු නො සැලෙති, නින්දායෙහි දු නො සැලෙති, සුඛයෙහි දු නො සැලෙති, දුඃඛයෙහි දු නො සැලෙති, කම්පිත නො වෙති, නො වෙවුළති, අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජ’ නම් වූ. මූලදස්සාවිං යනු: භාග්යවත්හු මූලය දක්නාහු යැ හේතුව දක්නාහු යැ නිදානය දක්නාහු යැ සම්භවය දක්නාහු යැ ප්රභවය දක්නාහු යැ සමුත්ථානය දක්නාහු යැ ආහාරය දක්නාහු යැ ආලම්බනය දක්නාහු යැ ප්රත්යය දක්නාහු යැ සමුදය දක්නාහු යැ, අකුශල මූලයෝ තිදෙනෙකි: ලෝභය අකුශලමූලයෙක, ද්වේෂය අකුශලමූලයෙක, මෝහය අකුශලමූලයෙකි. භාග්යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, කර්මයන් රැස් කරනු පිණිස මේ නිදාන (කාරණ) තුනෙකි: කවර නිදානතුනෙකැ යත්: ලෝභය කර්මයන් රැස් කරනුවට නිදානයෙක, ද්වේෂය කර්මයන් රැස් කරනුවට නිදානයෙක, මෝහය කර්මයන් රැස් කරනුවට නිදානයෙකි. මහණෙනි, ලෝභයෙන් උපන් කර්මයෙන් ද්වේෂයෙන් උපන් කර්මයෙන් මෝහයෙන් උපන් කර්මයෙන් දෙවියෝ නො පැනෙති, මිනිස්සු නො පැනෙති, තවද අන්ය වූ යම් කිසි සුගති කෙනෙකුදු නො පැනෙති. මහණෙනි වැළිත් ලොභජකර්මයෙන් ද්වේෂජකර්මයෙන් මොහජකර්මයෙන් නිරය පැනෙයි. තිරිසන් යෝනිය පැනෙයි, ප්රේතවිෂය පැනෙයි. තවද අන්ය වූ යම්කිසි දුර්ගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. නිරයෙහි තිරිසන් යොන්හි ප්රේතවිෂයයෙහි ආත්මභාවයාගේ නිපැත්මට මේ තුන් අකුශලමූලයෝ වෙතී” භාග්යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්යවත් හු මූලය දක්නාහු යැ ...... සමුදය දක්නාහු වෙත්.
කුශලමූලයෝ තිදෙනෙකි: අලෝභය කුශලමූලයෙක, අද්වේෂය කුශලමූලයෙක, අමෝහය කුශලමූලයෙකි. මෙය වදාරනලද මැ යි භාග්යවතුන් විසින් “මහණෙනි, මේ කුශලමූලයෝ තිදෙනෙකි: ... මහණෙනි, අලෝභයෙන් උපන් කර්මයෙන් අද්වේෂයෙන් උපන් කර්මයෙන් අමෝහයෙන් උපන් කර්මයෙන් නිරය නො පැනෙයි. තිරිසන් යෝනිය නො පැනෙයි, ප්රේතවිෂය නො පැනෙයි. තවද අන්ය වූත් යම් කිසි දුර්ගති කෙනෙක් ඇත් නම් ඔහු ද නො පැනෙති. මහණෙනි, වැළිත් අලොභජ කර්මයෙන් අද්වේෂජකර්මයෙන් අමොහජකර්මයෙන් දෙවියෝ, පැනෙති, මිනිස්සු පැනෙති, තවද, අන්ය වූ ත් යම් කිසි සුගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. දෙව්ලෝහි ද මිනිස්ලෝහි ද ආත්ම භාවයා ගේ නිපැත්මට මේ තුන් කුශලමූලයෝ වෙතී’ භාග්යවත්හු දනිති දකිත්. මෙසේත් භාග්යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත් මෙය වදාරණ ලද මැ යී භාග්යවතුන් විසින්: “මහණෙනි, අකුසල් වූ අකුසල් කොටස්හි වූ අකුශලපක්ෂයෙහි වූ යම් කිසි ධර්ම කෙනෙක් වෙත් නම් එ හැම අවිද්යාව මුල් කොට ඇතියහ, අවිද්යායෙහි බැසැගත්තාහු වෙත්. අවිද්යාවගේ නැසීමෙන් එ හැම විනාශයට යෙතැ’යි භාග්යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්යවත්හු මූලය දක්නා හු යැ ..... සමුදය දක්නාහු යැ.
මෙය වදාරන ලද මැයි භාග්යවතුන් විසින්: “මහණෙනි, මේ කුසල් වූ කුසල් කොටස්හි වූ කුසල පක්ෂයෙහි වූ යම් කිසි ධර්ම කෙනෙක් වෙත් නම් එ හැම අප්රමාදය මුල් කොට ඇතියහ, අප්රමාදයෙහි බැසගත්තාහු වෙත්. අප්රමාදය ඒ දහමුන්ට අග්ර යැ’යි කියනු ලැබේ’යැ යි භාග්යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත්.
නොහොත් භාග්යවත්හු සංස්කාරයනට අවිද්යාව මුලැ යි දනිති දකිති. සංස්කාරයෝ විඥානයට මුලැ යි, විඥානය නාමරූපයට මුලැ යි, නාමරූපය ෂඩායතනයට මුලැ යි, ෂඩායතනය ස්පර්ශයට මුලැ යි, ස්පර්ශය වේදනාවට මුලැ යි, වේදනාව තෘෂ්ණාවට මුලැ යි. තෘෂ්ණාව උපාදානයට මුලැ යි. උපාදානය භවයට මුලැ යි, භවය ජාතියට මුලැ යි ජාතිය ජරාමරණයට මුලැ යි භාග්යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්යවත්හු ‘මූලදස්සාවී ... සමුදයදස්සාවී නම්වෙත්.
තවද, භාග්යවත්හු චක්ෂුස චක්ෂුරොගයනට මුලැ යි දනිති දකිති, ශ්රෝත්රය ශ්රොත්රරොගයනට මුලැ යි, ඝ්රාණය ඝ්රාණරොගයනට මුලැ යි, ජිහ්වා ව ජිහ්වාරොගයනට මුලැ යි කය කාය රෝගයනට මුලැ යි මනස චෛතසික දුඃඛයනට මුලැ යි භාග්යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්යවත්හු මූලය දක්නාහු හේතුව දක්නාහු නිදානය දක්නාහු සම්භවය දක්නාහු ප්රභවය දක්නාහු සමුත්ථානය දක්නාහු ආහාරය දක්නාහු ආලම්බනය දක්නාහු ප්රත්යය දක්නාහු සමුදය දක්නාහු නුයි ‘අනෙජං මූල දස්සාවී’ යනු වේ.