2. 1.
(ආයුෂ්මත්, තිස්සමෙත්තෙය්ය මෙසේ පිළිවිත්.) “මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්යයෙහි ප්රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියන සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්ම ගියේ දැ” යි.
කෝධ සන්තුසිතො ලෝකේ යනු: ලොවැ කවරෙක් තුටු වූයේ සතුටු වූයේ සියමන් වූයේ පිරිපුන් මනදොළ ඇතියේ ද නුයි ‘කො’ ධ සන්තුසිතො ලෝකේ, යනු වේ.
ඉච්චායස්මා තිස්සමෙත්තෙය්යො යනු: ඉච්ච යනු: පදසන්ධි යැ පද සංසර්ග යැ පද පූරණ යැ අක්ෂර සමවාය යැ ව්යඤ්ජන ශ්ලිෂ්ටතා යැ, තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්රියවචන යැ ගරු වචන යැ සගෞරව වචන යැ සප්රතිශ්රයට නමෙකි. තිස්ස යනු: ඒ බමුණු ගේ නම යැ සඞ්ඛ්යා යැ සංඥා යැ ප්රඥප්ති යැ ව්යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්යඤ්ජන යැ අභිලාප යි. මෙත්තෙය්ය යනු: ඒ බමුණු ගේ ගොත්ර යැ සඞ්ඛ්යා යැ සංඥා යැ ප්රඥප්ති යැ ව්යවහාර නුයි ‘ඉච්චායස්මා තිස්ස මෙත්තෙය්යො’ යනු වේ.
කස්ස නො සන්ති ඉඤ්ජිතා යනු: තෘෂ්ණායෙන් චලන (සැලීම) යැ දෘෂ්ටියෙන් චලන යැ මානයෙන් චලන යැ ක්ලේශයෙන් චලන යැ කාමයෙන් චලන යයි. කවරක්හට මේ චලනයෝ නැද්ද, නො වෙද්ද, විද්යමාන නො වෙද්ද, නොලැබෙත් ද, ප්රහීණ වූවාහු ද, සිඳුණාහු ද, සන්හිඳුණාහු ද, ප්රතිප්රශ්රබ්ධ වූවාහු ද, අභව්යොත්පත්තික වූවාහු ද, නුවණ ගින්නෙන් දැවුණාහු දැ යි ‘කස්ස නො සන්ති ඉඤ්ජිතා’ යනු වේ.
කො උභන්තමභිඤ්ඤාය යනු: කවරෙක් උභය අන්තයන් ස්වලක්ෂණාවබෝධයෙන් දැනැ අවබෝධ කොට තුලනය කොට තීරණය කොට හෙළි කොට ප්රකට කොට නුයි ‘කො උභන්තමභිඤ්ඤාය’ යනු වේ.
මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: මධ්යයෙහි ප්රඥායෙන් නො ඇලේ ද නො ඇලුණේ ද උපලිප්ත නො වූයේ නික්මුණේ නිඃසෘත වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වේ ද විගතමර්ය්යාදා කළ සිතින් යුතු වැ වාසය කෙරේ ද යි ‘මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.
කං බ්රෑසි මහාපුරිසොති යනු: මහාපුරුෂ යැ අග්රපුරුෂ යැ ශ්රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්රමුඛපුරුෂ යැ උත්තම පුරුෂ යැ ප්රධාන පුරුෂ යැ ප්රවර පුරුෂ යැ’යි කවරක්හු දෙසන සේක් ද? කවරක්හු කියන සේක් ද? කවරක්හු හඟින සේක් ද? කවරක්හු වදාරණ සේක් ද? කවරක්හු දක්නා සේක් ද? කවරක්හු වහරන සේක් ද යි ‘කං බ්රෑසි මහා පුරිසොති’ යනු වේ.
කො’ධ සිබ්බනිමච්චගා යනු: කවරෙක් මෙහි සිබ්බනිය තෘෂ්ණාව ‘ඉක්මී ද? ඉක්මගියේ ද? අතික්රාන්ත ද? සමතික්රාන්ත ද? ව්යතිවෘත්ත දැයි ‘කො’ධ සිබ්බති මච්චගා’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“කො’ධ සන්තුසිතො ලෝකේ -පෙ- කො’ධ සිබ්බනි මච්චගා” යී.
2. 2.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තෙය්ය)කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති, හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්යාදි විසින් දහම්) විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
කාමෙසු බ්රහ්මචරියවා යනු: ‘කාමා’ යනු: විස්තර විසින් වස්තුකාම යැ ක්ලේශකාම යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති ... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.
බ්රහ්මචරියවා යනු: බ්රහ්මචරිය යැ යි අසද්ධර්ම සමාපත්තියෙන් දුරින් දුරුවීම වෙන් වීම හාත්පසින් වෙන් වීම වැළැක්ම නො කිරීම අකර ණය නො පැමිණීම මර්ය්යාදා ඉක්ම යෑම කියනු ලැබේ. තවද,නිෂ්පර්ය්යාය විසින් ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය බ්රහ්මචර්ය්ය යැ යි කියනු ලැබෙයි. හේ මෙසේ යැ: සම්යග් දෘෂ්ටි යැ සම්යක් සංකල්ප යැ සම්යග්වචන යැ සම්යක් කර්මාන්ත යැ සම්යගාජීව යැ සම්යග්ව්යායාම යැ සම්යක් ස්මෘති යැ සම්යක් සමාධි යි. යමෙක් මේ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නොවෙන් වූයේ පරිපූර්ණ වූයේ සමන්වාගත වූයේ වේ ද, හෙතෙම බ්රහ්මචර්ය්යවත් යැ යි කියනු ලැබෙයි. යම්සේ නම් ධන හෙයින් ‘ධනවත් යැ යි කියනු ලැබේ ද භොග හෙයින් ‘භෝගවත්’ යැ යි කියනු ලැබේ ද යශස් හෙයින් ‘යශස්වත්’ යැ යි ශිල්ප හෙයින් ‘ශිල්පවත්’ යැ යි... ශීල හෙයින් ‘ශීලවත්’ යැ යි... වීර්ය්ය හෙයින්‘වීර්ය්යවත්’යැයි... ප්රඥා හෙයින් ‘ප්රඥාවත්’යැයි... විද්යා හෙයින් ‘විද්යාවත්’ යැ යි කියනු ලැබේ ද, එසෙයින් මැ යමෙක් ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නො වෙන් වූයේ පරිපූර්ණ වූයේ සමන්වාගත වූයේ වේ ද හෙතෙම බ්රහ්මචර්ය්යවත් (බඹසර ඇත්තේ) යැ යි කියනු ලැබේ නුයි ‘කාමෙසු බ්රහ්මචරියවා’ යනු වේ.