6.
යහළුවන් මැද (සිටියහුට දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි ද (මහා උපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි ද ගමනයෙහි ද චාරිකායෙහි ද (මේ අසව දෙව ආදීන්) ඇමැතීම් වෙයි. (එහි කලකුළු මම කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ධර්මපුද්ගල ස්වෛරීභාවය ද අපේක්‍ෂා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යම් කෙනකුන් සමග ඊම පහසු ද යෑම පහසුද යෑම්ඊම් පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද සයනය පහසු ද ආලපනය පහසු ද සල්ලපනය පහසු ද උල්ලපනය පහසු ද සමුල්ලපනය පහසු ද, ඔහු ‘සහායයෝ ‘යි කියනු ලැබෙත්: ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යනු: සහායයන් මධ්‍යයෙහි විසීමෙහිදු සිටීමෙහිදු ගමන්හිදු චාරිකායෙහිදු ආත්මාර්‍ත්‍ථ පිළිබඳ මන්ත්‍රණ පරාර්ථ පිළිබඳ මන්ත්‍රණ උභයාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ තම අත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරඅත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරමාර්ථාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ වේ නුයි ‘ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානේ ගමනෙ චාරිකාය’යනු වේ.
අනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: භණ්ඩුකර්‍මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් වේ නම් තෙල කරුණ නුවණමඳ වූ අසත්පුරුෂ වූ තීර්‍ත්‍ථකයන් විසින් තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් නො පතන ලද යැ භණ්ඩුකර්‍මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් ඇද්ද තෙල කරුණ පණ්ඩිත වූ සත්පුරුෂ වූ බුද්ධශ්‍රාවකයන් විසින් ප්‍රත්‍යෙක සම්බුද්ධයන් විසින් වෙසෙසින් පතනලද යැ. සෙරි යනු: ස්වෛරීහු දෙදෙනෙකි: ස්වෛරී ධර්‍මය ද ස්වෛරී පුද්ගල දැ’යි ස්වෛරීධර්ම නම් කවරැ යත්: සතර සතිපට්ඨාන යැ... ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ යි. මේ ස්වෛරීධර්ම නම, ස්වෛරී පුද්ගල නම් කවරැ යත්: යමෙක් මේ ස්වෛරී ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ නම් හේ ‘ස්වෛරීපුද්ගල‘යයි කියනු ලැබෙයි. අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: ස්වෛරී ධර්‍මය බලමින් දක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් පිරික්සම්නි නුයි ‘අනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“ආමන්තනා හොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
7.
යහළුවන් මැද ක්‍රීඩාව ද පඤ්චකාම ගුණරතිය ද වෙයි, පුත්‍රයන් කෙරෙහි දු විපුල ප්‍රේමය වෙයි, ප්‍රියවිප්‍රයෝගය ජුගුප්සා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලාව සරනෙම්.
බිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙ- ‘ඛිඩ්ඩා’යනු: ක්‍රීඩා දෙකෙකි කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ යි. කායික ක්‍රීඩා නම් කවරැ යත්; ඇතුන් හා සමග ද කෙළිති, අසුන් හා සමග ද කෙළිති, රිය හා සමග ද කෙළිති, දුන්නෙනුදු කෙළිති, අටපදයෙහිදු කෙළිති, දසපදයෙහි දු කෙළිති, අහස්හි දු කෙළිති, පරිහාරපථයෙහි දු කෙළිති, සන්තිකා කෙළිදු කෙළිති, පසැටිනුදු කෙළිති, ඝටිකායෙන් (කල්ලි) ද කෙළිති, ලහ අතිනුදු කෙළිති, ගුළ (පන්දු) යෙනුදු කෙළිති, පත්නළයෙනුදු කෙළිති, කෙළි නඟුලිනුදු කෙළිති, පරිවර්‍තන කෙළිදු කෙළිති, පත්බමරිනිදු කෙළිති, පත්නැළියෙනුදු කෙළිති කුඩාරියෙනුදු කෙළිති, කෙළි දුන්නෙනුදු කෙළිති, අකුරු කෙළිඳු කෙළිති සිතැඟි කෙළිදු කෙළිති, යථාවද්‍යයෙනුදු කෙළිත්. මේ කායිකක්‍රීඩායැ.