13. 7.
අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වේදනං නාභිනන්‍දතො - අධ්‍යාත්ම වේදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. බාහිරවෙදනායෙහි වේදනා අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මබාහ්‍යවෙදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි, අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි.
අධ්‍යාත්මයෙහි සමුදයධර්මයන් අනුව බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මයෙහි ව්‍යයධර්මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ .. අධ්‍යාත්මයෙහි කලෙකැ සමුදයධර්මයන් කලෙකැ ව්‍යයධර්මයන් අනු වැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ ... බාහ්‍ය වූ සමුදය ධර්‍මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි, නො පසසයි,
බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි බාහිර වේදනායෙහි ව්‍යයධර්මයන් අනු වැ දක්නා සුලු වූයේ වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... බාහ්‍යවෙදනායෙහි සමුදය ව්‍යය ධර්‍මයන් අනු වැ දක්නා සුලු වූයේ වෙදනානුදර්ශීවැ වාස කරන්නේ... කලෙකැ අධ්‍යාත්මයෙහි කලෙකැ බාහ්‍යයෙහි සමුදයව්‍යය ධර්‍මයන් අනු වැ බලන සුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි, මේ දොළොස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... අනභාවයට පමුණුවයි.
නොහොත් වේදනාව අනිත්‍ය වශයෙන් දක්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරුකෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. වේදනාව දුක් හෙයින් - රෝග හෙයින් - ගඬ හෙයින් - ශල්‍ය හෙයින් අඝ හෙයින් - ආබාධ හෙයින් ... නිස්සරණ හෙයින් දක්නේ වේදනාවට සතුටු නොවෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවෙෂය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මේ සූසාලිස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නොසිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධාච වේදනං නාභිනන්දතො’ යනු වේ.
එවං සතස්ස චරතො - මෙසේ සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහුට වෙසෙසින් හැසිරෙනුවහුට ඉරියවු පවත්වනුවහුට වැටෙනුවහුට රැකෙනුවහුට යැපෙනුවහුට යාපනය වන්නහුට නුයි ‘එවං සතස්ස චරතො’ යනු වේ.
විඤ්ඤාණං උපරුජ්ඣති - පුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය අපුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය ආනෙඤ්ජාභිසංස්කාර සහගත වූ විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවතී නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච -පෙ- විඤ්ඤාණං උපරුජ්ඣති” යි.
ගාථාදේශනාවසානය හා සමග ... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවක යෙමි’යි.
උදය සූත්‍රනිර්දේශය නිමි.