13. 6.
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
කථං සතස්ස චරතො යනු: කිසෙයින් සිහි ඇති වැ සම්යග්ඥාන ඇති වැ හැසිරෙනුවහු ගේ වෙසෙසින් හැසිරෙනුවහු ගේ ඉරියවු පවත්වනුවහු ගේ වැටෙනුවහුගේ රැකෙනුවහු ගේ යැපෙනු වහුගේ යාපනය වන්නහු ගේ නුයි ‘කථං සතස්සස්ස චරතො’ යනු වේ.
විඤ්ඤාණං උපරුජ්ඣති- අභිසංස්කාර විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවත්නේ වේ නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
භගවන්තං පුට්ඨුමාගම්හා- භාග්යවත් බුදුනු පුළුවුස්නට විචාරන්නට යදනට අධ්යෙෂණයට ආම්හ ආවම්හ එළැඹියම්හ පැමිණියම්හ. මුඹ වහන්සේ හා එක් වූම්හ නුයි ‘භගවන්තං පුටුඨුමාගම්හා’ යනු වේ.
තං සුණොම වචො තව - “තං” යනු: මුඹ වහන්සේගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අසම්හ උගනුම්හ ධරම්හ වෙසෙසින් ධරම්හ සලකම්හ නුයි ‘තං සුණොම වචො තව’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කථං සතස්ස චරතො -පෙ- තං සුණොම වචො තව” යි.
13. 7.
අධ්යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වේදනං නාභිනන්දතො - අධ්යාත්ම වේදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්දනය අභිවදනය බැසගැනීම ග්රාහය පරාමර්ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. බාහිරවෙදනායෙහි වේදනා අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්දනය අභිවදනය බැසගැනීම ග්රාහය පරාමර්ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්යාත්මබාහ්යවෙදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි, අභිනන්දනය අභිවදනය බැසගැනීම ග්රාහය පරාමර්ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි.
අධ්යාත්මයෙහි සමුදයධර්මයන් අනුව බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්දනය අභිවදනය බැසගැනීම ග්රාහය පරාමර්ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්යාත්මයෙහි ව්යයධර්මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ .. අධ්යාත්මයෙහි කලෙකැ සමුදයධර්මයන් කලෙකැ ව්යයධර්මයන් අනු වැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ ... බාහ්ය වූ සමුදය ධර්මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි, නො පසසයි,