13. 3.
චතුර්ථධ්යානොපෙක්ෂා ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්මතර්ක සඞ්ඛ්යාත සම්යක් සංකල්පය පෙරටු කොට ඇති අර්හත් ඵලවිමොක්ෂය අවිද්යාවගේ බිඳීම යැ යි ප්රකාශ කරමි.
උපෙක්ඛාසතිසංසුද්ධං- ‘උපෙක්ඛා’ යනු: චතුර්ත්ථධ්යානයෙහි යම් උපේක්ෂාවක් උපෙක්ෂා කරන අයුරෙක් අධ්යුපේක්ෂණයෙක් චිත්තයාගේ අනූනාධික බවෙක් චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද එය යි. සති යනු: චතුර්ත්ථධ්යානයෙහි උපේක්ෂාව අරභයා (උපන්) යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්යක් ස්මෘතියක් වේ ද එය යි. උපෙක්ඛා සතිසංසුද්ධං - චතුර්ත්ථධ්යානයෙහි උපේක්ෂාව ද ස්මෘතිය ද ශුද්ධ වූවාහු විශුද්ධ වූවාහු වෙසෙසින් ශුද්ධ වූවාහු හාත්පසින් ශුද්ධ වූවාහු ප්රභාස්වර වූවාහු නිර්දෝෂ වූවාහු උපක්ලේශ රහිත වූවාහු මෘදු වූවාහු කර්මක්ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත් නුයි ‘උපෙක්ඛා සතිසංසුද්ධං’ යනු වේ.
ධම්මතක්කපුරෙජවං- ‘ධම්මතක්ක’ යි සම්යක් සංකල්පය කියනු ලැබෙයි. ඒ අඤ්ඤාවිමොක්ඛය (රහත් මඟ) ට ආදියෙහි වෙයි පෙරටුයෙහි වෙයි පෙරදැරි වේ නු යි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සම්යග්දෘෂ්ටිය කියනු ලැබෙයි. ඕ ආඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්වඞ්ගම වේනුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සතර මාර්ගයන්ගේ පූර්වභාගවිදර්ශනාව කියනු ලැබෙයි. ඕ අඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්වඞ්ගම වේ නුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ.
අඤ්ඤාවිමොක්ඛං පබ්රෑමි- ‘අඤ්ඤාවිමොක්ඛ’යි අර්හත්ව විමෝක්ෂ (රහත්මඟ) කියනු ලැබෙයි. රහත් මඟ කියමී දක්වමි දෙසමි පනවමි පිහිටුවමි විවරණ කෙරෙමි විභාග කෙරෙමි ප්රකට කෙරෙමි ප්රකාශ කෙරෙම් නුයි ‘අඤ්ඤාවිමොක්ඛං පබ්රෑමි’ යනු වේ.
අවිජ්ජාය පභෙදනං- ‘අවිජ්ජා’ යනු: දුක නො දැනීම ...අවිද්යාව මෝහ අකුශලමූලය යි. අවිජ්ජාය පභෙදනං යනු: අවිද්යාව බිඳීම ප්රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නු යි ‘අවිජ්ජාය පභෙදනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“උපෙක්ඛාසති සංසුද්ධං -පෙ- අවිජ්ජාය පභෙදනං” යි.
13. 4.
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝ වැසියා ගේ විවරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ ද?
කිං සු සංයොජනො ලෝකෝ - ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්ධනය උපක්ලේශය කිම? ලෝවැසි තෙම කුමකින් යුක්ත වූයේ ප්රයුක්ත වූයේ වෙසෙසින් යෙදුණේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ නො හැර සිටියේ නුයි ‘කිංසු සංයොජනො ලෝකෝ’ යනු වේ.
කිං සු තස්ස විචාරණං - ඒ ලෝවැසියාගේ හැසිරීම වෙසෙසින් හැසිරීම පුනපුනා හැසිරීම කිම? ලෝවැසි තෙම කුමක් කරණ කොට හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුන පුනා හැසිරේ ද නුයි ‘කිං සු තස්ස විචාරණං’ යනු වේ.
කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති - කවර ධර්මයක් හුගේ ප්රහාණයෙන් ව්යුපශම යෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් ‘නිර්වාණ’ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ ද නුයි ‘කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කිං සු සංයොජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.
13. 5.
ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ විතර්කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාවගේ ප්රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ.
නන්දිසංයොජනො ලෝකෝ - ‘නන්දි’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ‘නන්දි’ යි කියනු ලැබෙයි. යම් නන්දියක් ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්ධනය උපක්ලේශය වේ ද මේ නන්දියෙන් ලෝකය යුක්ත වූයේ ප්රයුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ පරිරුද්ධ වූයේ නුයි ‘නන්දිසංයොජනො ලෝකෝ’ යනු වේ.