13. 2.
(බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්දයන් ගේ ද දෞර්මනස්යයන්ගේ ද යන දෙදෙනාගේ ප්රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්යයාගේ වැළකීම ද ඇති.
පහානං කාමච්ඡන්දානං- ‘ඡන්දො’ යනු: වස්තුකාමයෙහි යම් කාමච්ඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි බැසගැනීමෙක් කාමඔඝයෙක් කාම යෝගයෙක් කාම උපාදානයෙක් කාමච්ඡන්ද නීවරණයෙක් වේ ද එය යි. පහානං කාමච්ඡන්දානං- කාමච්ඡන්දයන්ගේ ප්රහාණය සන්හිඳීම දුරැලීම ප්රතිප්රශ්රබ්ධිය අමාමහනිවන නුයි ‘පහානං කාමච්ඡන්දානං’ යනු වේ. උදයාති භගවා...
දොමනස්සානචූභයං - ‘දොමනස්සං’ යනු: චෛතසික වූ යම් අමධුර බවෙක් චෛතසික දුකෙක් චිත්තසංස්පර්ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදනායෙක් වේ ද, චිත්තසංස්පර්ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදයිතයෙක් වේ ද, චිත්තසංස්පර්ශයෙන් උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද එය යි. දොමනස්සානචූභයං- කාමච්ඡන්දයාගේ ද දෞර්මනස්යා ගේ ද යන දෙදෙනාගේ ප්රහාණය සන්හිඳීම දුරැලීම ප්රතිප්රශ්රබ්ධිය අමාමහනිවන නුයි ‘දොමනස්සානචූභයං’ යනු වේ.
ථීනස්ස ච පනූදනං- ‘ථීනං’ යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්මණ්යබවෙක් එලෙන අයුරෙක් හැකිළීමෙක් වෙසෙසින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකිළෙන බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් වේ ද එය යි. ථීනස්ස ච පනූදනං - ථීනයාගේ ද බැහැර කිරීම ප්රහාණය ව්යුපශමය දුරැලීම ප්රතිප්රශ්රබ්ධිය අමෘත සඞ්ඛ්යාත නිර්වාණය නුයි “ථීනස්ස ච පනූදනං” යනු වේ.
කක්කුච්චානං නිවාරණං - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස ද කුකුස් යැ, පාකුකුස ද කුකුස් යැ, අත්පා කුකුස ද කුකුස් යැ, අකූපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකැප සංඥා ඇති බව යැ, අවද්යයෙහ වද්යසංඥා ඇති බව යැ, වද්යයෙහි අවද්යසංඥා ඇති බව යැ, මෙබඳු වූ යම් කුකුසක් කුකුස් අයුරෙක් කුකුසට පැමිණිබවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ නම් මේ කුකුසැ යි කියනු ලැබේ.
තවද දෙ කරුණෙකින් කුකුස චිත්තයාගේ විපිළිසර මනෝවිලේඛය උපදී: කළ බැවින් ද නො කළ බැවින් දැ යි කිසෙයින් කළ බැවින් ද නො කළ බැවින් ද කුකුස සිත්හි විපිළිසර මනෝවිලේඛය උපදී ද යත්: ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නොකරන ලදැ’යි කුකුස චිත්තවිප්පටිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද මා විසින් වාක්සුචරිතය නො කරනලදැ’යි කෞකෘත්යය චිත්තවිප්රතිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් මනෝදුශ්චරිතය කරන ලද මා විසින් මනස්සුචරිතය නො කරනලදැ’යි... ‘මා විසින් ප්රාණවධ කරන ලද, මා විසින් ප්රාණඝාත විරමණය නො කරන ලදැ’යි කුකුස ... මනෝවිලේඛය උපදී. ‘මා විසින් අදත්තාදානය කරන ලද- මා විසින් කාමමිථ්යාචාරය කරන ලද- මා විසින් මෘෂාවාද කියන ලද- මා විසින් පිසුණුබස් කියන ලද- මා විසින් පරොස්බස් කියන ලද- මා විසින් හිස්බස් කියන ලද- මා විසින් අභිධ්යා කරන ලද- මා විසින් ව්යාපාද කරන ලද- මා විසින් මිථ්යාදෘෂ්ටි ගන්නා ලද, මා විසින් සම්යග්දෘෂ්ටි නො ගන්නාලදැ’යි කෞකෘත්යය චිත්තවිප්රතිසාරය මනෝවිලේඛය උපදියි. මෙසෙයින් කෘත හෙයින් ද අකෘත හෙයින් ද කෞකෘත්යය චිත්තවිප්රතිසාරය මනෝවිලේඛය උපදී.
නොහොත් ‘ප්රාතිමොක්ෂශීලයෙහි පරිපූරකාරී නො වූයෙමී’ කෞකෘත්යය චිත්තවිප්රතිසාරය මනෝවිලේඛය උපදියි, ඉන්ද්රියයන්හි අගොපිතද්වාර ඇත්තෙම් වූයෙමී ... භෝජනයෙහි අමාත්රඥයෙම් විමි... නිදි දුරු කිරීමෙහි නො යෙදුණෙම් වීමි ... ස්මෘතිසම්ප්රජන්යයෙන් යුක්තයෙම් නො වූයෙමි ... මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර සම්යක්ප්රධානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චේන්ද්රියයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චබලයෝ නො වඩන ලදහ යි ... මා විසින් සප්තබෝධ්යඞ්ගයෝ නො වඩන ලදහ යි ... මා විසින් ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය නො වඩන ලදැ යි ... මා විසින් දුඃඛසත්යය අපරිඥාත යැ යි... මා විසින් සමුදය අප්රහීණ යැ යි... මා විසින් මාර්ගය නොවඩන ලදැයි ... මා විසින් නිරෝධය ප්රත්යක්ෂ නො කරන ලදැ යි කෞකෘත්යය චිත්තයාගේ විප්රතිසාරය මනෝවිලේඛය උපදී. කුක්කුච්චානං නිවාරණං යනු: කෞකෘත්යයන්ගේ ඇවිරීම වැළහීම ප්රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමෘත සඞ්ඛ්යාත වූ නිර්වාණය නුයි ‘කුක්කුච්චානං නිවාරණං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පහානං කාමච්ඡන්දානං -පෙ- කුක්කුච්චානං නිවාරණං” යි.