12. 4.
එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්රජාව මෘත්යුධෙයයෙහි ඇලිනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ’ යි.
තස්මා පජානං න උපාදියෙථ- ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන් ආදානතෘෂ්ණාව පිළිබඳ වූ තෙල ආදීනවය දක්නේ නුයි ‘තස්මා’ යනු වේ. පජානං යනු දන්නේ ප්රකර්ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්රතිජානනය කරන්නේ ප්රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ අනිත්යහ’යි දන්නේ ප්රකර්ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්රතිජානනය කරන්නේ ප්රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ දුඃඛහ’යි ... යම් කිසි සමුදය ධර්මයෙක් වේ නම් එ හැම නිරුද්ධ වන ස්වභාවය ඇතැ’යි දන්නේ ප්රකර්ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්රතිජානනය කරන්නේ ප්රතිවේධ කරනුයේ, න උපාදියෙථ යනු: රූපය නො ගන්නේ යැ උපාදානය නො කරන්නේ යැ ග්රහණය නො කරන්නේ යැ අභිනිවේශය නො කරන්නේ යැ, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්රාප්තිය- ප්රතිසන්ධිය- භවය- සංසාරය- වර්ත්තය- ආදානය නො කරන්නේ යැ උපාදානය- ග්රහණය- පරාමර්ශය- අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා පජානං න උපාදියෙථ’ යනු වේ.
භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ- ‘භික්ඛු’ යනු: පෘථග්ජන කල්යාණ භික්ෂු හෝ ශෛක්ෂ භික්ෂු හෝ යැ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනාව සීවටන් වඩමින් සිහි ඇතියේ... හේ සිහි ඇතියේ යැ යි කියනු ලැබේනුයි ‘භික්ඛු සතෝ’ යනු වේ. ‘කිඤ්චනං’ යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්. ‘සබ්බලොකෙ’ යනු: සියලු අපාය ලෝකයෙහු සියලු මනුෂ්යලෝකයෙහි සියලු දේවලෝකයෙහි සියලු ස්කන්ධලෝකයෙහි සියලු ධාතුලෝකයෙහි සියලු ආයතනලෝකයෙහි නුයි ‘භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ’ යනු වේ.
ආදානසත්තෙ ඉති පෙක්ඛමානො- යම් කෙනෙක් රූපය ආදානය කෙරෙත් ද උපාදානය ග්රහණය පරාමර්ශය අභිනිවේශය කෙරෙත් ද, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්රාප්තිය- ප්රතිසන්ධිය- භවය- සංසාරය- වර්තය- ආදානය කෙරෙත් ද, උපාදානය- ග්රහණය- පරාමර්ශය- අභිනිවේශය කෙරෙත් ද ඔහු ‘ආදානසත්ත’ කියනු ලැබෙත්. ඉති යනු පද සන්ධි යැ ... පදානුපූර්වතා යැ තෙල ‘ඉති’ යනු. පෙක්ඛමානො- දක්නේ බලනුයේ අවලෝකනය කරනුයේ සිතනුයේ පුනපුනා සිතනුයේ පිරික්සනුයේ නුයි ‘ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො’ යනු වේ.
පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තං - ‘පජා’ යනු: සත්ත්වයනට නමෙකි. මච්චුධෙය්යෙ යි ක්ලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ප්රජා තොමෝ මෘත්යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි ඇලුණී යැ වෙසෙසින් ඇලුණී යැ හාත්පසින් ඇලුණී යැ ලග්න වූ යැ ලග්නිත වූ යැ පරිරෝධ වූ යැ යම්සේ භිත්ති ඛිලයෙකැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පරිරුද්ධ වේ ද එසෙයින් ප්රජා තොමෝ මෘත්යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි සක්ත යැ විසක්ත යැ ආසක්ත යැ ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ නු යි ‘පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තස්මා පජානං න උපාදියෙථ -පෙ- පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තං” යි.
ගාථා පර්ය්යාවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෘ යැ, මම් ශ්රාවකයෙමි’යි.
භද්රාවුධ සූත්රනිර්දේශය නිමි.