11. 5.
බමුණ, සර්වප්රකාරයෙන් නාමරූපයෙහි පහ කරනලද තෘෂ්ණා ඇති ඒ රහත්හට ‘යම් ආස්රව කෙනකුන් කරණ කොට ගෙන මාරයාගේ වශයට යේ නම්’ ඒ ආස්රවයෝ නැත්තාහ’ යි.
සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිශ්ශේෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාමං යනු: සතර අරූපස්කන්ධයෝ යැ. රූපං යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. ගේධ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ යනු සර්වප්රකාරයෙන් නාමරූපයෙහි පහවූ තෘෂ්ණා ඇතියහට කස (දුරු) වූ තෘෂ්ණා ඇතියහට හැරපියන ලද තෘෂ්ණා ඇතියහට වමාළ තෘෂ්ණා ඇතියහට මිදුණු තෘෂ්ණා ඇතියහට ප්රහීණ තෘෂ්ණා ඇතියහට දුරු කළ තෘෂ්ණා ඇතියහට පහවූ රාග ඇතියහට කසවූ රාග ඇතියහට හැරපියන ලද රාග ඇතියහට වමාළ රාග ඇතියහට මුදාළ රාග ඇතියහට ප්රහීණරාග ඇතියහට දුරු කළ රාග ඇතියහට නුයි ‘සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ’ යනු වේ.
ආසවාස්ස න විජ්ජන්ති - ‘ආසවා’ යනු: ආස්රව සතරෙකි: කාමාස්රව යැ භවාස්රව යැ දෘෂ්ට්යාස්රව යැ අවිද්යාස්රව යි. අස්ස යනු: ක්ෂීණාස්රව වූ රහත්හට, න විජ්ජන්ති යනු: මේ ආස්රවයෝ ඔහට නැත්තාහ නො වෙති විද්යමාන නො වෙති නො ලැබෙති ප්රහීණයහ මුලුසුන්හ සන්හිඳුණාහ ප්රතිප්රශ්රබ්ධයහ යළි උපදනට නො නිස්සහ නුවණ ගින්නෙන් දැවුණාහ නුයි ‘ආසවාස්ස න විජ්ජන්ති’ යනු වේ.
යෙහි මච්චුවසං වජෙ - යම් ආස්රව කෙනෙකුන් කරණකොට ගෙන මාරයාගේ හෝ වශයට යන්නේ නම් මරණයා ගේ හෝ වශයට යන්නේ නම් මාරපක්ෂයෙහි හෝ වශයට යන්නේ නම් ඒ ආස්රවයෝ ඔහට නැත්තාහ, නො වෙති, විද්යමාන නො වෙති, නො ලැබෙති, ප්රහීණයහ, මුලුසුන්හ. සන්හිඳුණාහ, ප්රතිප්රශ්රබ්ධයහ යළි උපදනට නො නිස්සහ, නුවණ ගින්නෙන් දැවුණාහු නුයි ‘යෙහි මච්චුවසං වජෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සබ්බසො නාමරූපස්මිං -පෙ- යෙහි මච්චුවසං වජෙ” යී.
ගාථා පර්ය්යවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෲහ, මම් ශ්රාවකයෙමී.
ජතුකණ්ණී සූත්රනිර්දේශය නිමි.
12. භද්රාවුධ සූත්ර නිර්දෙශය
12. 1.
(ආයුෂ්මත් භද්රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝ දහම්හි නො සැලෙන, අනාගත ප්රාර්ත්ථනා සඞ්ඛ්යාත නන්දිය දුරැලූ, චතුරෝඝය තරණය කළා වූ, කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටි කල්ප දුරැලූ, ශෝභන ප්රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණසෑයෙන් නික්ම යෙත්.
ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං - ‘ඔකං ජහං’ යනු: රූපධාතුයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් අකුසල් සිතට ප්රතිෂ්ඨා වූ අභිනිවේශ වූ අනුශය වූ යම් උපය (තෘෂ්ණා-දෘෂ්ටි) උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්යවත් බුදුන් විසින් ප්රහාණය කරන ලද්දාහු උසුන් (අවිද්යා-තෘෂ්ණා) මුල් ඇත්තාහු (මුල් උදුළ) තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනුඅභාවයට ගියාහ. එයින් බුදුහු ඔකඤ්ජහ නම් වෙත්. වේදනා ධාතුයෙහි- සංඥාධාතුයෙහි- සංස්කාර ධාතුයෙහි- විඥානධාතුයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් අකුසල්සිතට ප්රතිෂ්ඨා වූ අභිනිවේශ වූ අනුශය වූ යම් උපය උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්යවත් බුදුන් විසින් ප්රහීණයහ උසුන් මුල් ඇතියහ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනු අභාවයට ගියාහ. එයින් බුදුහු ‘ඔකඤ්ජහ’ නම් වෙත්. තණ්හච්ඡිදං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්මතෘෂ්ණා යි. ඒ තෘෂ්ණාව භාග්යවත් බුදුන් විසින් සිඳින ලද යැ උදුරනලද යැ මොනොවට උදුරනලද යැ සන්හිඳුවන ලද යැ ප්රතිප්රශ්රබ්ධ යැ වටාලා උපදනට නො නිසි කරනලද යැ නුවණගින්නෙන් දවන ලද, එයින් බුදුහු ‘තණ්හච්ඡිද’ නම් වෙති. ‘අනෙජා’ යනු: ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්යාත තෘෂ්ණාව භාග්යවත් බුදුන් විසින් ප්රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද යැ ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තී අනු අභාවයට ගියා යැ. එයින් බුදුහු ‘අනෙජ’ නම් වෙති. එජාව ප්රහීණ බැවින් ‘අනෙජ’ යි. බුදුහු ලාභයෙහිදු නො සැලෙති අලාභයෙහි දු නො සැලෙති යසස්හිදු නො සැලෙති අයසස්හි දු නො සැලෙති ප්රශංසායෙහිදු නො සැලෙති නින්දායෙහි දු නො සැලෙති සුවයෙහිදු නො සැලෙති දුක්හිදු නො සැලෙති චලනය නො වෙති කම්පනය නො වෙති ප්රකම්පනය නො වෙති සම්ප්රකම්පනය නො වෙත්. එයින් බුදුහු ‘අනෙජ’ නම් වෙත් නුයි ‘ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං’ යනු වේ. ඉච්චායස්මා භද්රා වුධො...