10. 4.
ස්මෘතිමත් වූ දක්නා ලද (අනිත්යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්වාණයෙන්) පිරිනිවියාහු වෙත් ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිචාරකයෝ) නො වෙත්.
එතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහනිවන යි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිවීමෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්යහ’යි ... යම්කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. යෙ යනු: අර්හත් ක්ෂීණාස්රවයෝ. සතා යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූවාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය භාවිත බැවින් ස්මෘතිමත් වූවාහු ... ඔහු ‘සතා’යි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.
දිට්ඨධම්මාභිනිබ්බුතා - ‘දිට්ඨධම්මා’ යනු දක්නාලද දහම් ඇතියාහු දන්නා ලද දහම් ඇතියාහු තුලනය කළ දහම් ඇතියාහු තීරණය කළ දහම් ඇතියාහු පාළ කළ දහම් ඇතියාහු විභාවන කළ දහම් ඇතියාහු. අභිනිබ්බුතා යනු: රාගය නිවනලද බැවින් නිවියාහු ද්වේෂය... හැම අකුශලසංස්කාරයන් සන්හුන් වන බැවින් සන්හිඳුවන ලද බැවින් ව්යුපශමනය කරන ලද බැවින් නිවනලද බැවින් නිර්වෘත බැවින් පහවූ බැවින් ප්රතිප්රශ්රබ්ධ බැවින් ශාන්ත උපශාන්ත ව්යුපශාන්ත නිර්වෘත ප්රතිප්රශ්රබ්ධ වූවාහු නුයි ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’ යනු වේ.
න තෙ මාරවසානුගා - ‘මාරො’ යනු: යම් (මහජනයා අනර්ත්ථයෙහි යොදා මරන) මාරයෙක් (අකුශලකර්මයෙහි නියුක්ත බැවින්) තෘෂ්ණායෙක් (කාමාවචරයට අධිපති බැවින්, අධිපතියෙක් (මරණයට පමුණුවන) අන්තකයෙක් (පාපජනයා නො මුදන) නමුචියෙක් (ප්රමත්තයනට ඥාති වූ) ප්රමත්තබන්ධුයෙක් වේ ද හේ යැ. න තෙ මාරවසානුගා යනු: ඔහු මාරයාගේ වශයෙහි නො පවතිත්. මාර තෙම ඔවුන් කෙරෙහි අධිපතිභාවය නො පවත්වයි: ඔහු මරහු ද මාරපක්ෂය ද මාරපාශය ද මාරබිලිය ද මාරාමිෂය ද මාරවිෂය ද මාරනිවාපය (ගොදුර) ද මාරගොචරය ද මාරබන්ධනය ද මැඩ අභිභවනය කොට වතුරුවාගෙන හාත්පසින් මැඩගෙන මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘න තෙ මාරවසානුගා’ යනු වේ.
න තෙ මාරස්ස පද්ධගූ යනු: ඔහු මාරයාගේ කොටසෙහි වූවාහු පක්ෂයෙහි හැසිරෙන්නාහු සෙවක වූවාහු ශිෂ්ය වූවාහු නො වෙති. ඔහු භාග්යවත් බුදුන්ගේ කොටසෙහි වූවාහු පක්ෂයෙහි හැසිරෙන්නාහු සෙවක වූවාහු ශිෂ්ය වූවාහු වෙත් නුයි ‘න තෙ මාරස්ස පද්ධගූ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතදඤ්ඤාය යෙ සතා -පෙ- න තෙ මාරස්ස පද්ධගූ” යී.
ගාථා පර්ය්යවසානය හා සමග ... වහන්ස, භාග්යවතුන් වහන්සේ මාගේ ශාස්තෲහ, මම් ශ්රාවකයෙමී.
කප්ප සූත්රනිර්දේශය නිමි.