10. කප්ප සූත්‍ර නිර්‍දෙශය
10. 1.
(ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-අපර කෙළවර රහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙදුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි.
මජ්ඣෙ සරස්මිං තිට්ඨතං - ‘සරො’යි සංසාරය කියනු ලැබෙයි, පෙර භවයෙන් මෙහි ඊම මෙයින් පරලොවට යෑම භවයෙන් භවයට යෑමඊම මරණය නිපැත්ම භවයෙන් භවය ච්‍යුතිය ද උපප්‍රාප්තිය ද නිපැත්ම ද ස්කන්‍ධයන්ගේ භේදය ද ඉපදීම ද දිරීම ද මරණය දැ යි සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනෙයි, මැද සසර සත්ත්‍වයෝ සිටියාහු යැ පිහිටියාහු යැ ඇලුණාහු යැ එළැඹියාහු යැ බැසැ ගත්තාහු යැ අධිමුක්තයහ.
කිසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ ද යත්: මෙතෙක් ජාතීන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ (විද්‍යමාන) නො වෙයි. මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිශතයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි. මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිසහස්‍රයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාති කෝටීන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිකෝටිශතයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිකෝටිසහස්‍රයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු (මුළුල්ලෙහි) සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි,
මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු සියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු දහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු සියදහසුන් සසර පැවැත්තේ ය එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළගණන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළසියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේ ත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නොවෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළ සියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් මුළුල්ලෙහි සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් සියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් දහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්සියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළගණන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළසියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්දෙළදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළසියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ.
මේ වදාරනලද මැ යි බුදුන් විසින්:
“මහණෙනි, අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සංයෝජන ඇති (කාමධාතුයෙහි) පුනපුනා දිවෙන (රූපරූපධාතුයෙහි) හැසිරෙන සත්ත්‍වයන්ගේ මෙ සසර අනවරාග්‍ර (නො දත් කෙළවර ඇති) වෙයි, පූර්ව කෙළවර නො පැනෙයි. මහණෙනි, මෙසේ දිගුකලක් මුළුල්ලෙහි (කායික චෛතසික) දුක් අනුභව කරනලද, කටුක දුක් අනුභව කරනලද, වනස් අනුභව කරන ලද. සොහොන් වඩනලද. මහණෙනි, යම් පමණ සංස්කාරයෝ වෙත් ද, එ හැම සංස්කාරයන්හි උකටලී වන්නට වටනේ මැ යැ, විරක්ත වන්නට නිස්ස, විමුක්ත වන්නට නිස්සැ යි මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ.