1. 6.
අජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද (පශ්චිම) විඥානයා ගේ නිරෝධය හා මැ (පෙරපසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)
යමෙතං පඤ්හං අපුච්ජි යනුයෙහි: “යමෙතං” යනු ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, අපුච්ජි යනු විචාළ වු අයැදියවු අධ්‍යෙෂණ කළ වු පැහැදවූවහු නු යි “යමෙතං පඤ්හං අපුච්ජි” යනු වේ.
අජිත තං වදාමි තෙ යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති. තං යනු: ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, වදාමි යනු කියමි පවසමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙමි නුයි “අජිත තං වදාමි තෙ” යනු වේ.
යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති යනු: “නාමං” යනු සතර අරූපස්කන්ධයෝ යැ. රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද, අසෙසං යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘අසෙසං’ යනු. උපරුජ්ඣති යනු නිරුද්ධ වෙයි නිවෙයි අභාවයට යෙයි සන්හිඳේ නුයි “යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනු වේ.
විඤ්ඤාණස්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ්ඣති යනු: සෝවන් මඟනැණින් අභිසංස්කාරවිඥානය (කුශලාකුශලසම්ප්‍රයුක්ත චිත්තයා) ගේ (අභව්‍යොත්පත්ති විසින්) නිරුද්ධ වීමෙන් සප්ත භවයන් තබා අනවරාග්‍ර සංසාරවෘත්තයෙහි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල සෝවන් මාර්‍ගයෙහි තෙල නාම රූපධර්මයෝ (අභව්‍යොත්පත්ති විසින්) නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. සෙදගැමිමඟනැණින් අභිසංස්කාරවිඥානයාගේ නිරුද්ධ වීමෙන් භව දෙකක් තබා පඤ්චභවයන්හි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල සෙදගැමි මාර්‍ගයෙහි තෙල නිමරූපධර්මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. අනගැමි මඟනැණින් අභිසංස්කාර විඥානයාගේ නිරුද්ධ වීමෙන් එක් භවයක් තබා රූපධාතු යෙහි වේව යි අරූපධාතුයෙහි වේවයි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල අනගැමි මාර්‍ගයෙහි තෙල නාමරූපධර්මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. රහත් මඟනැණින් අභිසංස්කාර විඥානය නිරුද්ධ වීමෙන් නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල රහත් මාර්‍ගයෙහි තෙල නාමරූප ධර්‍මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන රහත්හුගේ පශ්චිම විඥානයාගේ (ච්‍යුති චිත්තයාගේ) නිරෝධයෙන් ප්‍රඥාව ද ස්මෘතිය ද නාමය ද රූපය ද යන තෙල ධර්‍මයෝ තෙල අර්‍හන්මාර්‍ගයෙහි නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත් නුයි “විඤ්ඤාණස්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ්ඣති” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යමෙතං පඤ්හං අපුච්ඡි -පෙ- එත්‍ථෙතං උපරුජ්ඣති” යී.