8. හේමක මාණව පෘච්ඡා
8-1. (ආයුෂ්මත් හේමක මාණවක මෙසේ කී:) භාග්යවතුන් වහන්ස, පෙර (බාවරී බ්රාහ්මණා දි යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’ යි (යම් දහමක් මට ප්රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථායෙක. එ හැම (කාමවිතර්කාදි) තර්ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.
8-2. මුනීන්ද්රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනව.
8-3. හේමක මාණවකය, මෙලො වැ රූපායතන ශබ්දායතන ගන්ධ-රස-ස්ප්රෂ්ටව්යායතන ධර්මායතන සඞ්ඛ්යාත වූ ප්රිය ස්වභාවයන්හි ඡන්දරාගය දුරු කිරීම ව්යුති රහිත වූ නිර්වාණපදය වෙයි.
8-4. ස්මෘතිමත් වූ දක්නාලද (අනිත්යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්ගඥානයෙන්) දැන (ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියාහු සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.
හේමක මාණව පෘච්ඡා නිමි.
9. තෝදෙය්ය මාණව පෘච්ඡා
9-1. (ආයුෂ්මත් තෝදෙය්ය මාණවක මෙසේ විචාරයි:) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහු ගේ විමෝක්ෂය කෙබඳු ද?
9-2. (බුදුහු මෙසේ වදාළහ: තෝදෙය්ය මාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්ය විමෝක්ෂයෙක් නැති.
9-3. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටිකල්ප කරනුයේ ද, ශාක්යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ෂු වූ භාග්යවතුන් වහන්ස, එසෙයින් එකරුණ මට ප්රකාශ කළ මැනැව.
9-4. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. තෝදෙය්ය මාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිබොධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.
තෝදෙය්යමාණව පෘච්ඡා නිමි.
10. කප්ප මාණව පෘච්ඡා
10-1. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-පර කෙළවරරහිත බැවින්) මධ්ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඬනා ලද්දවුනට (ජාත්යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙ දුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්රතිෂ්ඨාව වදාළ මැනැවි.