2. තිස්සමෙත්තෙය්ය මාණව පෘච්ඡා
2-1. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්ය මෙසේ පිළිවිත්:) මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා-දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ ම්යධයෙහි ප්රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියනු සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්මැ ගියේ දැ? යි”
2-2. (‘මෙත්තෙය්ය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්යාදි විසින්) දහම් විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
2-3. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්යයෙහි ප්රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහාපුරුෂ’ යයි කියමි. හේ මෙ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
තිස්සමෙත්තෙය්යමාණව පෘච්ඡා නිමි.
3. පූර්ණක මාණව පෘච්ඡා
3-1. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්යවතුන් වහන්සේ කරා ප්රශ්නයෙන් ප්රයෝජන ඇත්තමෝ ආම්හ, මෙලොවැ ඍෂිහු යැ මනුෂ්යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දෙය ධර්මය පර්ය්යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.
3-2. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසරදුක) නිසා මේ මනුෂ්යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
3-3. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්යයෝ යැ ක්ෂත්රියෝ යැ බ්රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹ වහන්සේ විචාරමි. භාග්යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
3-4. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ඔහු රූප ප්රතිලාභාදිය) ප්රාර්ත්ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති, (රූපාදි) ලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැවැ’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසරදුක) තරණය නො කළාහ’යි කියමි.
3-5. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියත් ජරාවත් නො තරණය කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිසුලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එකරුණ පුළුවුස්මි. භාග්යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
3-6. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදී) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්ෂීණාස්රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදී) ධූම විරහිත වූ (රාගාදි) උපද්රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්ෂීණාස්රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි.
පූර්ණක මාණවකපෘච්ඡා නිමි.