9. 4.
(මාගන්දිය තෙම මෙසේ කීය:) විනිශ්චය කොට ගන්නා ලද යම් දෙසැට දෘෂ්ටිධර්ම කෙනෙක් ප්රකල්පිත වූවාහු ද, ඒ දෘෂ්ටිධර්මයන් සර්වඥ මුනි වූ තෙපි ඒකාන්තයෙන් නො ගෙන අධ්යාත්මශාන්ති යයි තෙල යම් අර්ත්ථයක් වදාළහු ද, ධීරයන් විසින් ඒ පරමාර්ත්ථය කෙසේ ප්රකාශ කරන ලද ද?
විනිච්ඡයා යානි පකප්පිතානි - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. පකප්පිතානි - කල්පිත ප්රකල්පිත අභිසංස්කෘත වූවාහු මොනොවට පිහිටුවන ලද්දාහු නුයි ‘පකප්පිත’ නම් වෙති; නොහොත් අනිත්ය - සංස්කෘත - ප්රතීත්යසමුත්පන්න වූවාහු ක්ෂයවන සුලු නැසෙන සුලු නො ඇලෙන සුලු නිරුද්ධවන සුලු විපරිණාමස්වභාව ඇත්තාහු නුයි ද ‘පකප්පිත’ නුයි ‘විනිච්ඡයා යානි පකප්පිතානි’ යනු වේ. ඉති මාගන්දියො - ‘ඉති’ යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්වතා නමැ තෙල ‘ඉති’ යනු. ‘මාගන්දියො’ යනු ඒ බමුණුගේ නම යැ සඞ්ඛ්යා යැ සංඥා යැ ප්රඥප්ති යැ ව්යවහාරය නුයි ‘ඉති මාගන්දියො’ යනු වේ.
තෙ වෙ මුනි බ්රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං - තෙ වෙ’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ යි. මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි .. (2. 8 සූත්රනිර්දේශය.) අනුග්ගහාය - දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටි නො ගන්මි පරාමර්ශ නො කෙරෙමි අභිනිවේශ නො කෙරෙමි ද කියවු, අධ්යාත්මශාන්තිය’යි ද කියවු; යමෙතමත්ථං - යම් පරමාර්ත්ථයක් නුයි ‘තෙ වෙ මුනි බ්රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං’ යනු වේ.
කථන්නු ධීරෙහි පවෙදිතං තං - යනු: ‘කථන්නු’ යන පදය සැක විචාරීම යැ විමතිපෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ: මෙසේ දෝ හෝ, නො වේ දෝ හෝ, කිමෙක් දෝ හෝ, කෙසේ දෝ හෝ නුයි ‘කථන්නු’ යනු වේ. ධීරෙහි - ධීරයන් විසින් පණ්ඩිතයන් විසින් ප්රඥාවතුන් විසින් බුද්ධිමතුන් විසින් නුවණැතියන් විසින් විහාවීන් විසින් ප්රාඥයන් විසින්; පවෙදිතං - දක්නා ලද ප්රකාශ කරන ලද කියන ලද දෙසන ලද පනවන ලද තබන ලද විභාග කරන ලද ප්රකට කරන ලද ප්රකාශ කරන ලද නුයි ‘කථන්නු ධීරෙහි පවෙදිතං තං’ යනු වේ.
එයින් කීයැ ඒ බමුණු:
“විනිච්ඡයා යානි -පෙ- පවෙදිතං තං” යී.
9. 5.
(බුදුහු ‘මාගන්දිය’ යී මෙසේ වදාළහ:) මම දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියමි. ශ්රැතියෙන් - සමාපත්තිඥානයෙන් - බාහිර ශීලව්රතයෙනු දු ශුද්ධිය නො කියමි. (දශවස්තුක) සම්යග්දෘෂ්ටියෙන් වෙන් වැ නවාඞ්ගශ්රැතියෙන් වෙන් වැ කර්මස්වකතා සත්යානුලෝමිකඥානයෙන් වෙන් වැ ප්රාතිමෝක්ෂසංවරයෙන් වෙන් වැ ධ්රතාඞ්ගව්රතයෙන් වෙන් වැ ශුද්ධිය නො කියමි. ඒ සම්යග්දෘෂ්ට්යාදිමාත්රයකිනු දු නො කියමි. තවද තෙල දෘෂ්ටි ආදි ධර්මයන් දුරු කොට අදෘෂ්ටි ආදි ධර්මයන් අනුග්රහ කොට ශාන්ත තෙමේ (චක්ඛාදීන් අතුරෙන් කිසිවක්) නිඃශ්රය නො කොට කාමාදි භවය නො පතන්නට සමර්ත්ථ වන්නේය.
න දිට්ඨියා න සුතියා න ඤාණෙන - දෘෂ්ටියෙන් ද ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි. නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. ශ්රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි, නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. දෘෂ්ටිශ්රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි, නො බෙණෙමි නො දක්වමි නො වහරමි. සමාපත්තිඥානයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ නො කියමි, නො බෙණෙමි නො දක්වමි ව්යවහාර නො කෙරෙම් නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන යනු වේ. මාගන්දියාති භගවා - ‘මාගන්දිය’යී බුදුහු ඒ බමුණා නමින් ආමන්ත්රණය කෙරෙති. භගවා - යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු සියලු ධර්මයන් ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.
සීලබ්බතෙනාපි න සුද්ධිමාහ - ශීලයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරමි. ව්රතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය ‘නාහ’ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරම් නුයි ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ’ යනු වේ.