7. 4.
තවද පෙර මහණබැව්හි ඔහුගේ යම් යශසකුත් කීර්තතියකුත් වී නම් ඒ යශස හා කීර්තති පිරිහේ මැ ය, තෙල යශස් කීර්ත්ති හානිය ද දැක මෙවුන්දම් දුරලනු සඳහා (ත්රිවිධ ශික්ෂාව) හික්මෙන්නේ ය.
යසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා - යශස් කවරේ ද? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණ බැව්හි සිටියේ සත්කාර කරන ලදුයේ ගරු කරන ලදුයේ බුහුමන් කරන ලදුයේ පුදන ලදුයේ අපචායන කරන ලදුයේ චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස බෙහෙත්සත් පිරිකර ලබන සුලු වූයේ වෙයි, මේ යශස් යැ.
කීර්ත්ති කවරී ද යත්? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණබැව්හි සිටියේ දැරූ කීර්ත්තිශබ්දය හා ගුණ ඇතියේ වෙයි: පණ්ඩිතයැ ව්යක්ත යැ ප්රඥාවත් යැ බහුශ්රුත යැ චිත්රකථා ඇත්තේ යැ සුන්දර ප්රඥා ඇත්තේ යැ සෞත්රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්මකථික යැ හෝ ආරණ්යක යැ හෝ පිණ්ඩපාතික යැ හෝ පාංශුකූලික යැ හෝ තෙචීවරික යැ හෝ සපදානචාරික යැ හෝ ඛලුපච්ඡාහත්තික යැ හෝ නෙසජ්ජික යැ හෝ යථාසන්තතිකාඞ්ග ඇත්තේ යැ හෝ ප්රථමධ්යාන ලාභී යැ හෝ ද්විතීයධ්යානලාභී යැ හෝ තෘතීයධ්යාන ලාභී යැ හෝ චතුර්ත්ථධ්යාන ලාභී යැ හෝ ආකාසානඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ යි; මෝ කීර්ත්තිය යි එහෙයින් “යසො කිත්ති ච යා පුබ්බේ” යනු වේ.
හායතෙ වාපි තස්ස සා - පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්ෂාව ප්රත්යාඛ්යාන කොට ලාමක වූ ගිහිබවට හැරුණු ඒ සිවුරලුවාගේ ඒ යශස ද ඒ කීර්ත්තිය ද හෙයි පිරිහෙයි ගිලිහෙයි පෙරැළෙයි අතුරුදහන් වෙයි වැනැසේ නුයි ‘යසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා’ යනු වේ.
එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ - ‘එතං’ යනු: පෙර මහණබැව්හි යශස හා කීර්ත්තිය ද පසුව බුදුනු දහම් සඟුන් ශික්ෂාව හැරපියා හීන බවට පෙරළා ආවහුගේ අයශස් හා අකීර්ත්තිය ද යන තෙල සම්පත් පිළිබඳ විපත්; දිස්වා - දැක තුලනය තීරණය විභාවනය කොට විභූත කොට නුයි: ‘එතම්පි දිස්වා’ යනු වේ. සික්ඛෙථ - අධිශීලශික්ෂා අධිචිත්තශික්ෂා අධිප්රඥාශික්ෂා ය යි ශික්ෂා තුනෙකි: අධිශීලශික්ෂා කවරී ද යත්? මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවර වූයේ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අල්පමාත්ර අකුශලයෙහි භය දක්නා සුලු වූයේ ශික්ෂාපදයන් සමාදන් ව හික්මෙයි; ක්ෂුද්රශීලස්කන්ධ ය මහාශීලස්කන්ධ ය යි යන ශීලය කුශලධර්මයන්ගේ ප්රතිලාභයට ප්රතිෂ්ඨා යැ ආදි යැ චරණ යැ සංයම යැ සංවර යැ ප්රමුඛ යැ පූර්වඞ්ගම යි. මෝ අධිශීලශික්ෂාව යැ. අධිචිත්තශික්ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම කාමච්ඡන්දනීවරණයෙන් වෙන් ව ම අකුශලධර්මයන් ගෙන් වෙන් ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්රීතිය හා සැපය ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි... ද්විතීයධ්යානයට... තෘතීයධ්යානයට චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසෙයි මෝ අධිචිත්තශික්ෂාව යැ. අධිප්රඥාශික්ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම ප්රඥාවත් වෙයි, ආර්ය්ය වූ (ලොභාදිය) සිඳීමට සමර්ත්ථ වූ දුක් ක්ෂය වීමට යනසුලු වූ උදයව්යය අවබෝධ කිරීමට පොහොසත් වූ ප්රඥාවෙන් සමන්විත වූයේ වෙයි, හෙතෙම ‘මේ දුක යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛසමුදය යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛනිරෝධය’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මෝ දුඃඛනිරෝධගාමිනීප්රතිපදාව යැ’ යි තත්වූ පරිද්දෙන් දැනගනී; ‘මොහු ආශ්රවයෝ යැ’යි තතුසෙයින් දැනගනී, ‘මේ ආශ්රවසමුදය යැ’යි තතුසේ දැනගනී, ‘මේ ආශ්රවනිරෝධය යැ’යි තතුසේ දැනගනී, ‘මෝ ආශ්රවනිරොධයට පමුණුවන ප්රතිපදාව ය’යි තතුසේ දැනගනී. මෝ අධිප්රඥාශික්ෂා යි.