7. 1.
නිදුකාණෙනි, මෙවුන්දම්හි යෙදුණහුට (වන) උපද්රවය වදාළ මැනව, මුබ වහන්සේගේ අනුසසුන් අසා ත්රිවිධ විවෙකයෙහි හික්මෙනුවම්හ. (ආයුෂ්මත් තිෂ්යමෛත්රෙය තෙමේ මෙසේ විචාළේයි.)
මෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්මයෙක් ග්රාමධර්මයෙක් වසලධර්මයෙක් වේ ද, දුෂ්ඨුනිඃශ්රිත වූ දියකිස අන්ත කොට ඇති රහස්ය වූ ධර්මයෙක්, ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? රාගයෙන් රත් වූ වෙසෙසින් රැඳුණු ක්ලේශයෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි කුසල්සිත ගෙවාගෙන සිටි ස්ත්රීපුරුෂ දෙදෙනක්හුගේ සමාන කෙලෙස් ඇති දෙදෙනක්හුගේ ස්වභාවය නුයි, එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. යම් සේ කලහකරුවෝ දෙදෙන මෛථුනක (-සදෘශ)යෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, බසින් කලහකරනුවෝ දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - අධිකරණකරුවෝ දෙදෙන - වාදපථය කියනුවෝ දෙදෙන - කථා කරනුවෝ දෙදෙන - මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසුන්ගෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි හාත්පසින් යටකොට ගත් කුශලචිත්තය ඇති ස්ත්රීපුරුෂ දෙදෙනාගේ සමාන කෙලෙස් ඇති ස්ත්රීපුරුෂ දෙදෙනාගේ ස්වභාවය නුයි එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. මෙථුනධම්මමනුයුත්තස්ස - මෙවුන්දම්හි යෙදුණු ආදරයෙන් යෙදුණු වෙසෙසින් යෙදුණු එක්වැ යෙදුණු එය කරන්නාවූ එය බහුල කොට ඇති එය ගරුකරන්නාවූ එහි නැමුණු සිත් ඇති එහි නැමුණු කය ඇති එහි අභිමුඛ වූ කය ඇති එහි ඇලුණාවූ එය අධිපති කොට ඇත්තහුගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො - ‘ඉච්ච’ යනු, පදසන්ධි යැ, පදසංසර්ග යැ, පදපූරණ යැ, අක්ෂරසමවාය යැ, ව්යඤ්ජනයන්ගේ සිලිටිබව යැ, පදානුපූර්වය නම් වෙයි මේ ‘ඉච්ච’ යනු: ආයස්මා යනු ප්රියවචන යැ, ගරුවචන යැ, සගෞරවවචන යැ, සප්රතිශ්රවවචන යැ මේ ‘ආයස්මා’ යනු. තිස්සො යනු: ඒ තෙරුන්ගේ නම යැ සංඛ්යාව යැ සංඥාව යැ ප්රඥප්ති යැ ව්යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය්ය යැ නිරුක්ති යැ ව්යඤ්ජන යැ අභිලාප යයි. මෙත්තෙය්යො - යනු: ඒ තෙරුන්ගේ ගෝත්ර යැ සංඛ්යාව යැ සංඥාව යැ ප්රඥප්තිය යැ ව්යවහාරය නුයි ‘ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො’ යනු වේ.
විඝාතං බ්රෑහි මාරිස - ‘විඝාතං’ යනු: වෙහෙස හිංසාව පෙළුම ගැටුම උවදුර උපද්රවය; බ්රෑහි - කියව දෙසව පනවව පිහිටුවව විවරණ කරව විභාග කරව ප්රකට කරව ප්රකාශ කළ මැනව; මාරිස යනු: ප්රියවචන යැ ගරුවචන යැ සගෞරවවචන යැ සප්රතිශ්රවවචනයෙකි මේ ‘මාරිස’ යනු. එහෙයින් ‘විඝාතං බ්රෑහි මාරිස’ යනු වේ.
සුත්වාන තව සාසනං - ඔබගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අනුශිෂ්ටිය අසා ශ්රවණය කොට උගෙන විමසා සලකා නුයි ‘සුත්වාන තව සාසනං’ යනු වේ.