5. 5.
හෙතෙම (පෙර ගන්නා ලද) ආත්මලබ්ධිය ප්රහාණය කොට (අනෙකක් චතුරුපාදානයෙන්) නො ගන්නේ (උක්තප්රකාර) ඥානයෙහි පවා තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්රය නො කෙරෙයි. (තවද) හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටිවශයෙන් වෙන් වැ ගිය සත්ත්වයන් කෙරෙහි (ඡන්දාදිවශයෙන්) නො යන ස්වභාව ඇතියේ වෙයි. හෙතෙම (දෙසැට දිටු අතුරෙන්) කිසි දෘෂ්ටියකට ද නො පැමිණෙන්නේ වේ.
අත්තං පහාය අනුපාදියානො - ‘අත්තං පහාය’ - ආත්මදෘෂ්ටිය ප්රහාණය කොට; අත්තං පහාය - ආත්මග්රාහය ප්රහාණය කොට; අත්තං පහාය - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද හාත්පසින් ආමර්ශනය කරන ලද අභිනිවේශය කරන ලද ඇතුළු වැ සිටි බැසගන්නා ලද (ආත්මලබ්ධිය) ප්රහාණය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අභාවයට පමුණුවා නුයි - ‘අත්තං පහාය’ යනු වේ. අනුපාදියානො - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ පරාමර්ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි - ‘අත්තං පහාය අනුපාදියානො’ යනු වේ.
ඤාණෙපි සො නිස්සයං නො කරෝති - අෂ්ටසමාපත්තිඥානයෙහි හෝ පඤ්චාභිඥාඥානයෙහි හෝ මිත්ථ්යාඥානයෙහි හෝ තෘෂ්ණානිඃශ්රය හෝ දෘෂ්ටිනිඃශ්රය හෝ නො කෙරෙයි නො දනවයි සඤ්ජනනය නො කෙරෙයි නූපදවයි වෙසෙසින් නූපදවා නුයි - ‘ඤාණෙපි සො නිස්සං නො කරෝති’ යනු වේ.
ස වෙ වියත්තෙසු න වග්ගසාරී - හෙතෙම ඒකාන්තයෙන් ව්යස්ත වූ භින්න වූ දෙකට බෙදුණු හටගත් සැක ඇති නානාදෘෂ්ටිකයන් කෙරෙහි නානාඛන්තිකයන් - නානාරුචිකයන් - නානාලබ්ධිකයන් කෙරෙහි නානාදෘෂ්ටිනිඃශ්රය ඇසුරු කළවුන් කෙරෙහි ඡන්දයෙන් අගතියට යනුවන්, ද්වේෂයෙන් - මෝහයෙන් - භයින් අගතියට යනුවන් කෙරෙහි ඡන්දාගතියට - ද්වෙෂාගතියට - මෝහාගතියට - භයාගතියට නො යෙයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්යවශයෙන් - විචික්ත්සාවශයෙන් - අනුශයවශයෙන් - නො පැමිණෙයි, (ඡන්දාදිවශයෙන්) පැමිණෙන ධර්මයන් ගෙන් නො යැවෙයි නො පමුණුවනු ලැබෙයි වහනය සංහරණය නො කරනු ලැබේ නුයි - ‘ස වෙ වියත්තෙසු න වග්ගසාරී’ යනු වේ.
දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්රහීණ කරන ලද්දාහුය, මොනොවට සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය, දුරලන ලද්දාහුය, උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය; හෙතෙම කිසි දෘෂ්ටිගතයකට නො පැමිණෙයි, පෙරළා නො පැමිණේ නුයි - ‘දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අත්තං පහාය -පෙ- සො න පච්චෙති කිඤ්චි” යී.
5. 6.
යම් ක්ෂීණාස්රවයක් හට (පෙර කියන ලද) ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහි ද පුනපුනා භවය පිණිස ද ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි ද තෘෂ්ණා නැත්තේ ද, ඒ ක්ෂීණාස්රවහට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති; දෙසැටදිටුදහම්හි නිශ්චය කොට දැඩි ව ගන්නා ලද්දෙක් නැත්තේ යි.