5. 4.
හුදෙක් ඒ මහණ දෘෂ්ටි-ශ්රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලොවැ නූපන් දෘෂ්ටිය ද සමාපත්ත්යාදිඥානයෙන් හෝ ශීලව්රතයෙන් හෝ නූපන්නේ ය. තවද ජාත්යාදිවස්තුයෙන් ‘මම් සදෘශයෙමී’ තමා (මානවශයෙන්) නො සිතන්නේ ය, - හීනයෙමී’ ද නො සිතන්නේ යි.
දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥාඥානයෙහ් හෝ විපරීතඥානයෙන් හෝ ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ ශීලව්රතයෙන් හෝ දෘෂ්ටිය නූපදවන්නේ ය මොනොවට නූපදවන්නේ ය මැනවින් නූපදවන්නේ ය. ලෝකස්මිං - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්ය’ යනු වේ.
ඤාණෙන වා සීලවතෙන වාපි සමොති අත්තාන මනූපනෙය්ය - ‘මම් සදෘශයෙමී, තමා ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ කුලපුත්රභාවයෙන් හෝ වර්ණසෞන්දර්ය්යයෙන් හෝ ධනයෙන් හෝ අධ්යයනයෙන් හෝ කර්මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්යාවකින් හෝ ශ්රැතයෙන් හෝ ප්රතිභාණයෙන් හෝ අන්යතර අන්යතරවස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘සමොති අත්තානමනූපනෙය්ය’ යනු වේ.
හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි - ‘මම් හීනයෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ... අන්යතරාන්යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ ය, ‘මම් ශ්රේෂ්ඨ වෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ... අන්යතරාන්යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨිම්පි ලෝකස්මිං -පෙ- හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි” යී.
5. 5.
හෙතෙම (පෙර ගන්නා ලද) ආත්මලබ්ධිය ප්රහාණය කොට (අනෙකක් චතුරුපාදානයෙන්) නො ගන්නේ (උක්තප්රකාර) ඥානයෙහි පවා තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්රය නො කෙරෙයි. (තවද) හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටිවශයෙන් වෙන් වැ ගිය සත්ත්වයන් කෙරෙහි (ඡන්දාදිවශයෙන්) නො යන ස්වභාව ඇතියේ වෙයි. හෙතෙම (දෙසැට දිටු අතුරෙන්) කිසි දෘෂ්ටියකට ද නො පැමිණෙන්නේ වේ.
අත්තං පහාය අනුපාදියානො - ‘අත්තං පහාය’ - ආත්මදෘෂ්ටිය ප්රහාණය කොට; අත්තං පහාය - ආත්මග්රාහය ප්රහාණය කොට; අත්තං පහාය - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද හාත්පසින් ආමර්ශනය කරන ලද අභිනිවේශය කරන ලද ඇතුළු වැ සිටි බැසගන්නා ලද (ආත්මලබ්ධිය) ප්රහාණය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අභාවයට පමුණුවා නුයි - ‘අත්තං පහාය’ යනු වේ. අනුපාදියානො - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ පරාමර්ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි - ‘අත්තං පහාය අනුපාදියානො’ යනු වේ.