5. 2.
මෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැවූයේ රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ශීලව්රත දෙක්හි ද ගන්ධරසස්ප්රෂ්ටව්යාලම්බනයෙහි ද උපන් දෘෂ්ටිසඞ්ඛ්යාත වූ ආත්මයෙහි උක්තප්රකාර වූ යම් අනුසසක් දකී ද, හෙතෙම ස්වකීය දෘෂ්ටියෙහි ඒ අනුසස ම ශ්රේෂ්ඨ යයි දැඩිව ගෙන පරශාස්තෘ ආදි අන් සියල්ල නිහීන හෙයින් දක්නේ යි.
යදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘යදත්තිනි - යං අත්තති’. ‘ආත්ම’ යී දෘෂ්ටිගතය කියනු ලැබෙයි. ස්වකීය දෘෂ්ටියෙහි දෙ අනුසසක් දකී: දෘෂ්ටධාර්මික ආනෘශංසය ද සාම්පරායික ආනෘශංසය ද කියායි. දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මික ආනෘශංසය කවරැ යත්? ශාස්තෘ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ වේ නම්, ශ්රාවකයෝ එබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති, ශ්රාවකයෝ ඒ දෘෂ්ටිය ඇති ශාස්තෘ හට සත්කාර කෙරෙති ගරු කෙරෙති බුහුමන් කෙරෙති පුදත්. එහෙයින් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකර ද ලබයි, මේ (දෘෂ්ටි පිළිබඳ) ඉහාත්මයෙහි විපාක දෙන අනුසසි. දෘෂ්ටියෙහි සාම්පරායික ආනෘශංසය කවරැ යත්? මේ දෘෂ්ටිය (පරලොව්හි විපාක දෙන) නාගබවට හෝ ගුරුළුබවට හෝ යක්බවට හෝ අසුරබවට හෝ ගඳෙව්බවට හෝ වරම්රජබවට හෝ ශක්රබවට හෝ බ්රහ්මබවට හෝ දෙවිබවට හෝ පමණ වෙයි, මේ දෘෂ්ටිය ශුද්ධියට විශුද්ධියට පරිශුද්ධියට මුක්තියට විමුක්තියට පරිමුක්තියට ප්රමාණ වෙයි, මේ දෘෂ්ටියෙන් සත්ත්වයෝ ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ වෙති, මුක්ත - විමුක්ත - පරිමුක්ත වෙත්. මේ දෘෂ්ටියෙන් ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ වෙමි, මුක්ත - විමුක්ත - පරිමුක්ත වෙමී අනාගතයෙහි විපාකඵලය පතන්නේ වෙයි, මේ දෘෂ්ටිය පිළිබඳ පරලොව දී ලැබියයුතු අනුසසි. තමා ගේ දෘෂ්ටියෙහි මේ දෙ අනුසස් දකී. චක්ෂුර්විඥානයෙන් දුටු රූපායතනවශයෙන් ශුද්ධිය හේතු කොටගෙන ද අනුසස් දෙකක් දකී, ශබ්දායතනශුද්ධියෙන් ද... ශීලශුද්ධියෙන් ද... ව්රතශුද්ධියෙන් ද... ගන්ධරසඵොට්ඨබ්බායතනසුද්ධියෙන් ද අනුසස් දෙකක් දකී: දෘෂ්ටධාර්මික ආනෘශංසය ද සාම්පරායික ආනෘශංසය ද කියායි. මුතශුද්ධියෙහි දිට්ඨධම්මික (=ඉහාත්මයෙහි) ආනිසංසය කවරැ යත්? ශාස්තෘ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ නම් ශ්රාවකයෝ ඒ දෘෂ්ටිය ඇත්තාහු වෙති... මේ යැ මුතශුද්ධියෙහි ඉහාත්ම ආනෘශංසය. මුතශුද්ධියෙහි සාම්පරායික ආනෘශංසය කවරැ යත්? මේ දෘෂ්ටි තොමෝ පරලොවැ නාගභාවයට පමණ යැ... මේ මුතශුද්ධියෙහි සාම්පරායික ආනෘශංසය යි. මුතශුද්ධියෙහි මේ අනුසස් දෙක බලයි දකියි අවලෝකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘යදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
තදෙව සො තත්ථ සමුග්ගහාය - ‘තදෙව’ යනු: ඒ දෘෂ්ටිගතය; තත්ථ - ස්වකීය දෘෂ්ටියෙහි - කැමැත්තෙහි - රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සමුග්ගහාය - මෙය පරම ය අග්ර ය ශ්රේෂ්ඨ ය විශිෂ්ට ය ප්රධාන ය උත්තම ය ප්රවර යයි ගෙන දැඩි වැ ගෙන ග්රහණය කොට පරාමර්ශනය කොට අභිනිවේශ කොට නුයි ‘තදෙව සො තත්ථ සමුග්ගහාය’ යනු වේ.
නිහිනතො පස්සති සබ්බමඤ්ඤං - අන්ය ශාස්තෘහු ධර්මාඛ්යානය ගණයා ලබ්ධිය ප්රතිපදාව මාර්ගය හීනහෙයින් නිහීනහෙයින් පහත් හෙයින් ලාමක හෙයින් ප්රත්යයහීන හෙයින් අල්ප හෙයින් බලයි දකී අවලොකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘නිහීනතො පස්සති සබ්බමඤ්ඤං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යදත්තනි පස්සති -පෙ- නිහීනතො පස්සති සබ්බමඤ්ඤං” යී.